Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

පසුගිය පස් වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩිවූ ප්‍රධානතම ප්‍රදේශ 10 මෙන්න. (SBS සිංහල/වාර්තා)

2011 පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ජනගහන වේගය වඩාත්ම වර්ධනය වන කලාපය ලෙස හඳුනාගෙන ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ Serpentine-Jarrahdale ප්‍රදේශය වේ.

Australia's 10 fastest growing regions
Source: Getty Images

පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය දළ වශයෙන් මිලියන 1.9 ක ජනකායක් එකතු වීමකි.

නමුත් මෙසේ වැඩිවූ ජනගහනය වැඩි වශයෙන් එක් රැස්වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක පමණක් වීම විශේෂත්වයකි.

2011 පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ ජනගහන වේගය වඩාත්ම වර්ධනය වන කලාපය ලෙස හඳුනාගෙන ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ Serpentine-Jarrahdale  ප්‍රදේශය වේ.

වසර 5 ක් තුළ ගිනිකොණ දිග පර්ත් කලාපයේ ජනගහනය 17,805 සිට 26,873 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර එය 50.9% ක වැඩි වීමකි.

මීට අමතරව එම ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් තරුණ හා සාපේක්ෂව ධනවත් බවද වාර්තා වේ.

2011 වසරේදී Serpentine-Jarrahdale ප්‍රදේශයේ විසූ පුද්ගලයෙකුගේ සාමන්‍ය වයස අවුරුදු 35 ක් වූ අතර සතියක මධ්‍ය ආදායම ඩොලර් 1638 ක් විය.

නමුත් 2016 දී එහි වෙසෙන පුද්ගලයෙකුගේ සාමන්‍ය වයස අවුරුදු 32 දක්වා අඩු වී ඇති අතර සතියක ආදායම ඩොලර් 1859 ක් බව සඳහන්.

එමෙන්ම 2011 දී සතියකට නිවාස කුලිය සාමාන්‍යයෙන් ඩොලර් 309 ක් වූ අතර 2016 දී එය ඩොලර් 380 දක්වා වැඩිවී තිබේ.

කැන්බරා හි Gungahlin ප්‍රදේශය මෙම ලයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත.

මෙය කැන්බරා නගරයෙන් කිලෝමීටර් 12 ක් දුරින් පිහිටා ඇත.

මෙම ලැයිස්තුවේ ස්ථාන 4 ක්ම වික්ටෝරියා ප්‍රාන්තය සතු කරගෙන තිබීම වැදගත් වන අතර ඒ අතරට මෙල්බන් නගරයද එක්ව තිබීම කැපී පෙනෙන කරුණකි.

මෙල්බන් නගරය ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර මෙල්බන් සහ Geelong අතර ඇති Wyndham 5 වන ස්ථානයටත් Casey-South හත්වන ස්ථානයටත් Whittlesea-Wallan නවවන ස්ථානයටත් පත්ව තිබේ.

ක්වීන්ස්ලන්තයේ North Lakes ප්‍රදේශය ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව ඇති අතර Ormeau-Oxenford ප්‍රදේශය අටවන තැනට සුදුසුකම් ලබා ඇත.

ඊට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Bringelly-Green Valley 10 වන තැනට පත්ව තිබේ.

Australia's 10 fastest growing regions
Source: Domain

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයේ සිට කිලෝ මීටර් 5ක් ඇතුළත කලාපය තුළ ඉහළ ජනගහන වර්ධන වේගයක් දක්නට ලැබෙන බවත්  ප්‍රධාන නගර වලට කිලෝ මීටර් 20 ත් 50 ත් දුරින් පිහිටි ප්‍රදේශ වල දෙවනුව එම තත්ත්වය දක්නට හැකි බවත් මෙම දත්ත වලින් පෙනී ගොස් තිබේ.

ප්‍රධාන නගර වලට කිලෝ මීටර් 100 ක් පමණ දුරින් ඔබ්බට ඇති ප්‍රදේශ වල ජනගහන වර්ධනය ඉතා මන්දගාමී බවද හෙළිවී ඇත.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Domain




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now