SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල තාවකාලික විසා යටතේ සිටින සංක්‍රමණික පිරිස් හට ප්‍රාන්ත රජයෙන් සහනයක්

Grapes Growing In Vineyard
Source: grape – Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය දුෂ්කර ප්‍රදේශ වල තාවකාලික විසා පදනම මත සිටින සංක්‍රමණික පිරිස් හට සෙත සැලසීම වෙනුවෙන් සැලකියයුතු ප්‍රතිපාදන වෙන්කිරීමට ප්‍රාන්ත රජය තීරණය කරයි. ඒ අනුව ඩොලර් 5,80,000 ක මුදලක් මේ සඳහා වෙන්කිමට තීරණය කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල ගොවිපොළ වල, තාවකාලික විසා පදනම යටතේ සේවයෙහි යෙදීසිටින සංක්‍රමණික පිරිස් විශාල වශයෙන් ශ්‍රම සුරා කෑමට ලක්වන බව හෙළිව තිබේ. SBS ප්‍රවෘති අංශය අනෙකුත් මාධ්‍ය ආයතන සමඟ එක්ව සිදුකල සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිව තිබේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් වෙනකොට ඇති මෙම ඩොලර් 5,80,000 ක මුදල, ඉදිරි වසර 2 ක කාලයකදී, මෙලෙස තාවකාලික විසා හේතුවෙන් ශ්‍රම සූරා කෑමට ලක්ව සිටින පිරිස් හට අවශ්‍ය නීති ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ලබාදීමට වෙන් කෙරෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now