චීනයේ කොරෝනා වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 106 දක්වා ඉහළ ගොස් ඇති අතර නව රෝගීන් 1,300 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බව බලධාරීහු අද - අඟහරුවාදා (28 Jan) ප්‍රකාශ කළහ.
වසංගතයේ කේන්ද්‍රස්ථානය වන හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ වෛරසයෙන් තවත් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 1,291 ක් ආසාදනය වී ඇති බවයි. එමඟින් තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 4,000 කට වඩා වැඩි වී ඇති බවද වාර්තා වේ.
මෙම තත්වය මත චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිරවි සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වාගැනීමට වහාම කටයුතු කරන්නැයි එහි සිරවී සිටින පුද්ගලයින් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී. වුහාන් ප්‍රදේශයට ගමන් කිරීම තහනම් කරමින් චීන රජය විසින් සංචාරක තහනමක් පනවා ඇති බැවින් අදාල තොරතුරු නිශ්චිතව ලබාගැනීම අසීරු කාර්යක් වී ඇති බවද, වාර්තා වන පරිදි ඕස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචි කරුවන් 100 කට අධික ප්‍රමාණයක් එහි කොටුවී සිටින බව ද සඳහන්. චීනයේ වුහාන් හි ඕස්ට්‍රේලියානු කොන්සියුලර් කාර්යාලයක් නොමැතිවීම හේතුවෙන් මෙම උත්සාහයන් සීමා වන බව විදේශ ඇමතිනී Marise Payne පවසයි.
මේ වන විටත් 385 ක් පමණ දෙනා චීනයේ කොරෝනා වෛරස් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින තම පවුල් වල සාමාජිකයන් පිළිබඳව විමසමින් මෙරට හදිසි දුරකථන විමසුම් සේවාවට ඇමතුම් ලබාදී ඇති බව වාර්තා වේ.
චීනයේ සිටින තම පවුල් පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින ඕස්ට්‍රේලියානුවන්ට විදේශ දෙපාර්තමේන්තුවට ඇමතිය හැකි බවද ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Marise Payne පවසයි. ඒ සඳහා 1300 555 135 යන දුරකථන අංකය වෙන්කොට ඇත.
ඕස්ට්‍රේලියාවේ පස්වන කොරෝනා වෛරස් රෝගියා ද ඊයේ දිනයේදී (27 Jan) නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කොට තිබේ. මෙම රෝගියා නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි චීන ජාතික ශිෂ්‍යාවක බෙවට තහවුරු වී ඇත. මිට පෙර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් තවත් රෝගීන් තිදෙනෙකු හඳුනාගනු ලැබූ අතර තවත් එක රෝගියෙක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගනු ලැබ ඇත. මේ අතව දැනට ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා වෛරස් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත.
කෙසේ වෙතත් මෙය අවසානය නොවන බවද තවත් රෝගීන් ඉදිරියේදී වාර්තා විය හැකි බැවින් ප්‍රවේසම්කාරී වන ලෙසට මෙරට සෞඛ්‍ය අනාශ මහජනතාවට දැනුම් දී සිටි.
සිඩ්නි හි Scots College නම් වන පෞද්ගලික විද්‍යාලයක් මේවන විටත් තම සිසුනට දන්වා ඇත්තේ මෙම ග්‍රීෂ්ම ඍතු සමයේදී යමෙකු චීනයේ සංචාරය කොට ඇත්නම් තම සෞඛ්‍ය තත්වය පිළිබඳව නිසි වෛද්‍ය නිර්දේශ ලැබෙන තුරු නැවත අධ්‍යන කටයුතු සඳහා නොපැමිණෙන ලෙසටයි.
සියලුම නිව් සවුත් වේල්ස් රජයේ පාසල්වලට මේ හා සමාන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටින අන්තර්ජාල පෙත්සමක් මේ වන විට ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අත්සන් 3,000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයිද වාර්තා වේ.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
- සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese
- සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි)
- සජීවීව ගුවන් විදුලියෙන් - 97.7fm –NSW / 93.1fm VIC
- සජීවීව හෝ පසුව අහන්න SBS Radio APP මඟින් - (free download) - select Sinhalese language
මේ අතරතුර චීනයේ වෛරසය පැතිරීම නැවැත්වීමට ගන්නා උත්සාහයන් වේගවත් කරන ලෙස චීන සෞඛ්‍ය නිලධාරීන් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා තිබේ.
චීන වැසියන්ගේ ලුනා අලුත් අවුරුදු නිවාඩු සාමය දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය මේ වන විට යොමුව අත්යිද සඳහන්. එමඟින් ජනතාව වැඩි කාලයක් නිවෙස්වල රඳවා තබාගැනීම අරමුණ වී තිබේ.
සෞඛ්‍ය නිලධාරි හී කිංහුවා පවසන්නේ වයිරසය පාලනය කිරීම කටයුතු ඉතා සංකීර්ණ තීරණාත්මක අවධියකට පැමිණ ඇති බවයි.
චිනය මේ වන විට සංචාරක තහනම නගර 17 ක් දක්වා ව්‍යාප්ත කොට ඇති බවද වාර්තා වේ.

