ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට තම පාඨමාලා වෙනස් කිරීමට නොහැකි බව දන්වා තිබේ.
මෙම නව නීතිය 2022 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
Highlights
- ශිෂ්‍ය වීසා හෙවත් 500 වීසා උප ඛාණ්ඩයට මෙම නව නීති අදාළ වන අතර 2022 ජූලි 01 සිට මෙය ක්‍රියාත්මක කෙරේ.
- 8203 සහ 8204 යනුවෙන් එම නව කොන්දේසි ප්‍රකාශයට පත් කර තිබේ.
- 2022 ජූලි 01 ට පෙර හිමිවන ශිෂ්‍ය වීසාවලට මෙම නීති අදාළ නොවේ.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට පාඨමාලා වෙනස් කිරීමට අවසර නැහැ
නව ඔස්ට්‍රේලියානු වීසා නීතිවලට අනුව ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ජාත්‍යන්තර සිසුන්ට අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා, නිබන්ධන හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට නොහැකි වනු ඇත.
ශිෂ්‍ය වීසා හෙවත් 500 වීසා උප ඛාණ්ඩයට මෙය අදාළ වන අතර 2022 ජූලි 01 සිට ක්‍රියාත්මක කෙරෙන බවද නිවේදනය කර තිබේ.
ඒ අනුව 2022 ජූලි 01 ට පෙර හිමිවන ශිෂ්‍ය වීසාවලට මෙම නීති අදාළ නොවේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 1958 සංක්‍රමණ පනත සංශෝධනය කරමින් මෙම නව නීති හඳුන්වා දී ඇත.
ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියා විසින් තීරණාත්මක ආකාරයට තම පාඨමාලාව මාරු කිරීම සාධාරණ බව ඉදිරිපත් කර ඒ සම්බන්ධ සෑහීමකට පත්වන්නේ නම් මිස අමාත්‍යවරයාට එය වෙනස් කිරීම අනුමත කළ නොහැක.
ශිෂ්‍ය වීසා හිමියා විසින් තම පාඨමාලාව අනවශ්‍ය ලෙස මාරු කිරීමේ උත්සහයක් පවතින බවට අමාත්‍යවරයා හැඟී ගියහොත් එම වීසා බලපත්‍රය අවලංගු කිරීමට මෙම නව නීති හරහා ඉඩ ලබා දේ.

නව නීති බලපාන ජාත්‍යන්තර සිසුන් ඛාණ්ඩ
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව වීසා කොන්දේසි දෙකක් ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා එක් කර තිබේ.
8203 - Limited study change
8203 යන වීසා කොන්දේසිය යටතේ:
අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔබේ අධ්‍යයන පාඨමාලාව, නිබන්ධනය හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් නොකළ යුතුය.
මෙම අනුමැතිය ලබා දිය හැක්කේ ඔබ ඔස්ට්‍රේලියානු ජාතික ආරක්ෂාවට සෘජුව හෝ වක්‍රව අවදානමක් වීමට ඉඩක් නොමැති බවට ඇමතිවරයා විසින් නිසි ඔස්ට්‍රේලියානු බලධාරීන්ගෙන් තක්සේරුවක් ලබා ගැනීමෙන් පසුව පමණි.
ඔබ ඔබේ නිබන්ධනය, අධ්‍යයන පාඨමාලාව හෝ පර්යේෂණ මාතෘකාව වෙනස් කිරීමට සලකා බලන්නේ නම්, ඔබ කළ යුත්තේ මෙම පෝරමය පුරවා අමතර පුද්ගලික තොරතුරු සමග Adelaide.student.centre@homeaffairs.gov.au වෙත විද්‍යුත් තැපෑලක් යොමු කිරීමය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
8204 - Study limitations
පහත සඳහන් පාඨමාලා කරන ඔබ අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඔබේ අධ්‍යයන පාඨමාලාව, නිබන්ධනය හෝ පර්යේෂණ මාතෘකාව භාර ගැනීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය.
- graduate certificate
- graduate diploma
- master's degree
- doctorate
- ශාස්ත්‍රපති උපාධියක් (master's degree) හෝ ආචාර්ය උපාධියක් (doctorate) සඳහා අධ්‍යයන හෝ පර්යේෂණ පාඨමාලාවක් සඳහා prerequisite හෙවත් පූර්ව අවශ්‍යතාවයක් ලෙස අවශ්‍ය ඕනෑම bridging course එකක්
ඔබ ඔස්ට්‍රේලියානු ජාතික ආරක්ෂාවට සෘජුව හෝ වක්‍රව තර්ජනයක් වීමට ඉඩක් නොමැති බවට අමාත්‍යවරයා විසින් නිසි ඔස්ට්‍රේලියානු බලධාරීන්ගෙන් තක්සේරුවක් ලබා ගැනීමෙන් පසුව පමණක් මෙම අනුමැතිය ලබා දිය හැක.

