SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවරින් තවත් කොරෝනා අසාදිතයින් 6 ක්, ඉදිරි පැය 24 ක කාලය අතිශය තීරණාත්මකයි (SBS සිංහල/ වාර්තා)

අද (26/05) පෙරවරුව වන විට මෙල්බර්න් නුවරින් අලුත් කොරෝනා අසාදිතයින් 6 ක් වාර්තා වීමත් සමග මෙල්බර්න් නුවර කොරෝනා පොකුර 15 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Acting Victorian Premier James Merlino with Victorian Chief Health Officer Brett Sutton during a press conference in Melbourne.
Acting Victorian Premier James Merlino with Victorian Chief Health Officer Brett Sutton during a press conference in Melbourne. Source: AAP

3 min read

Published

Updated

By SBS News, Madhura Seneviratne

Source: SBS



Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයට ඉදිරි පැය 24 ක කාලය අතිශය තීරණාත්මක බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

මෙල්බර්න් නුවරින් අද (26/05) පෙරවරුව වන විට අලුතින් කොරෝනා අසාදිතයින් 6 දෙනෙකු හමුවීමත් සමග ඔහු මේ බව ප්‍රකාශ කළේය.


Highlights

  • අද (26/05) පෙරවරුව වන විට මෙල්බර්න් නුවරින් අලුත් කොරෝනා අසාදිතයින් 6 ක් වාර්තා විය.
  • ඒ සමග මෙල්බර්න් නුවර කොරෝනා පොකුර 15 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
  • මේ හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය වික්ටෝරියානු ප්‍රාන්තයටම අතිශය තීරණාත්මක වනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

මෙල්බර්න් නුවරින් අලුත් කොරෝනා අසාදිතයින් 6 ක්

අද (26/05) පෙරවරුව වන විට මෙල්බර්න් නුවරින් අලුත් කොරෝනා අසාදිතයින් 6 ක් වාර්තා වීමත් සමග මෙල්බර්න් නුවර කොරෝනා පොකුර 15 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය අවසාන වන විට වාර්තා වූ ආසාදිතයින් 9 දෙනාද ඊට ඇතුළත් වේ.

ඒ අනුව විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින ආසාදිතයින් සමග වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් ගණන 23 ක් දක්වා වැඩිවී ඇත.

මෙල්බර්න් ප්‍රජාව අතරින් හමුවූ සියලුම නව ආසාදිතයින් හට වයිරසය සම්ප්‍රේෂණය වීම එකිනෙකට සම්බන්ධ නමුත් නුදුරේදීම ආසාදිතයින් ඉහළ යාමේ අවදානමත් ඔවුන් ආ ගිය ස්ථාන සංඛ්‍යාව වැඩි වීමත් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත රජය දැඩි අවධානයකින් සිටී.

සති අන්තයේ AFL තරගයක් නරඹන්නත් ආසාදිතයෙක් ගිහින්

දැනට වාර්තා වූ මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයෙකු පසුගිය සති අන්තයේදී MCG පිටියේ පැවති AFL තරගයක් නැරඹීමට ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය වික්ටෝරියානු ප්‍රාන්තයටම අතිශය තීරණාත්මක වනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

එනිසාම මෙම වයිරසය සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම උදෙසා තමන්ට වැඩි දුර ක්‍රියාමාර්ග ගැනීම බැහැර කළ නොහැකි බවත් ඒ පිළිබඳ තීරණය කළ විගස ජනතාව දැනුවත් කරන බවත් ඔහු පැවසුවේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

අදාළ ආසාදිතයා මැයි 23 වන දින MCG පිටියේ පැවති Collingwood-Port Adelaide තරගය නැරඹීමට ගොස් ඇති අතර Punt Road අන්තයේ පිහිටි Great Southern ක්‍රීඩාගාරයේ පළමු මහලේ Zone 4 හි සිටි බව වාර්තා වේ.

එම කලාපයේ සිටි සියලුම ප්‍රේක්ෂකයින්ව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සම්බන්ධ කරගත් බව සඳහන්.

ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණ සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.

එමෙන්ම ඊට යාබද කලාප වල සිටි පුද්ගලයින් හට කොරෝනා රෝග ලක්ෂණ මතු වුවහොත් කොරෝනා පරීක්ෂණ සිදුකරගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

Whittlesea නගර සභා කලාපයෙන් එපිටට වයිරසය පැතිරෙයි

මෙල්බර්න් ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් හමුවීම ආරම්භ වූයේ උතුරු මෙල්බර්න් කලාපයේ Whittlesea නගර සභා කලාපය ආශ්‍රිතවය.

නමුත් මේ වන විට Bendigo, Coburg, Fitzroy සහ Port Melbourne ප්‍රදේශද ඇතුළත්ව ආසාදිතයින් ආ ගිය ස්ථාන 40 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

ඒ අනුව Whittlesea නගර සභා කලාපයෙන් එපිටටද කොරෝනා වයිරසය පැතිරී ඇති ආකාරයක් පෙනී යයි.

මෙල්බර්න් නුවරින් වාර්තා වූ ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now