Highlights
- ඔස්ට්‍රේලියාවේ residential aged care මධ්‍යස්ථාන සේවකයින්ට COVID-19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ.
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Perth සහ Peel කලාප දින 4 කට lockdown කරයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown නීති වලට හසුවී ආදායම් අහිමිවී ඇති ව්‍යාපාර සඳහා ආර්ථික සහන පැකේජයක්.
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටත් කොරෝනා නීති පනවයි.
- Northern Territory lockdown කාලය පැය 72 කින් දීර්ග කරයි.
- AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස Moderna හෝ Pfizer එන්නත් දීමට ශ්‍රී ලංකාව තීරණය කරයි.
- COVID-19 එන්නත් මාත්‍රා ද්විත්වය එන්නත් වර්ග දෙකකින් ලබාදීම සම්බන්ධව සුබදායී පුවතක්.
- එංගලන්තයේ සිට වහාම කැඳවූ කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නිරෝධායනය සඳහා මීගමුවේ හෝටලයකට
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි
ඔස්ට්‍රේලියාවේ aged care මධ්‍යස්ථාන සේවකයින්ට COVID-19 එන්නත අනිවාර්ය කෙරේ
ඔස්ට්‍රේලියාවේ residential aged care මධ්‍යස්ථාන වල සේවය කරන සේවකයින්ට COVID-19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (28/06) පස්වරුවේ ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ප්‍රමුඛ ප්‍රාන්ත හා ටෙරිටරි ප්‍රධානීන් හමුවූ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය කෙරිණි.
COVID-19 වයිරසයේ අතිශය භයානක Delta ප්‍රභේදය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පැතිරී යමින් පවතින නිසා මෙම තීරණය ගත් බව පැවසේ.
කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මේ වන විට මරණ 910 ක් වාර්තා වී ඇති අතර ඉන් 685 ක් ම aged care මධ්‍යස්ථාන වල වාසය කළ පුද්ගලයින් බව වාර්තා වේ.
ඒ අනුව residential aged care මධ්‍යස්ථාන වල සේවය කරන සේවකයින්ට COVID-19 එන්නතේ පළමු මාත්‍රාව අනිවාර්යෙන් එළඹෙන සැප්තැම්බර් වන විට ලබාදීමට ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.
ඊට අමතරව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් COVID-19 එන්නත් ලබා ගැනීම පිණිස අදාළ aged care මධ්‍යස්ථාන වෙත ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීම සඳහා ඩොලර් මිලියන 11 ක් ලබා දෙන බවද අගමැති මොරිසන් පැවසීය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Perth සහ Peel කලාප දින 4 කට lockdown කරයි
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Perth සහ Peel කලාප දින 4 කට lockdown කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් තුන්වන කොරෝනා ආසාදිතයාද වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට Perth සහ Peel කලාප සඳහා මෙම lockdown නීති ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමට හෝ කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, යමෙකු රැක බල ගැනීමට හෝ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, ව්‍යායාම් කිරීමට සහ රැකියා කිරීමට පමණක් Perth සහ Peel කලාපවාසීන්ට නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.
එම කලාප වල වැසියන්ට නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර Perth සහ Peel කලාපවලින් පිටතට සංචාරය කිරීම තහනම්ය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආසාදිතයින් හට කොරෝනා වයිරසයේ Delta ප්‍රභේදය ඇති බවට හඳුනාගෙන ඇති අතර එහි ඇති භයානක බව පිළිබඳ ප්‍රාන්ත අගමැති Mark McGowan මෙලෙස අදහස් පළ කර සිටියේය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown නීති වලට හසුවී ආදායම් අහිමිවී ඇති ව්‍යාපාර සඳහා ආර්ථික සහන පැකේජයක්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown නීති වලට හසුවී ආදායම් අහිමිවී ඇති ව්‍යාපාර සඳහා ආර්ථික සහන පැකේජයක් ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වේ.
මෙම පැකේජය හරහා දැනට පනවා තිබෙන සති දෙකක lockdown කාලය තුළදී ආදායම් අහිමිවන hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල ව්‍යාපාර සඳහා ආර්ථික දීමනාවක් ලබා දීමට කටයුතු කර ඇති අතර එය අද දිනයේදී නිවේදනය කිරීමට නියමිතය.
මේ අතර සිඩ්නි නුවර උප නගරයක් වන West Hoxton හි පැවති සාදයකට සහභාගී වූ පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් කොරෝනා එන්නත ලබා එහි ගිය සෞඛ්‍ය සේවකයින් 6 දෙනාට වයිරසය වැළදී නොමැති බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීහු පවසති.
මෙම සාදයට පුද්ගලයින් 30 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර සිඩ්නි කලාපයේ කොරෝනා වයිරසය ශීග්‍රයෙන් පැතිරීමට මෙය ප්‍රබල ලෙස දායක වී ඇතැයිද සැලකේ.
COVID-19 එන්නත ලබා ගන්නා පුද්ගලයින් හට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම අඩු බව මෙම සිදුවීම සනාථ කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටත් කොරෝනා නීති පනවයි
ඊයේ (28/06) මධ්‍යම රාත්‍රියේ සිට තම ප්‍රාන්තයට කොරෝනා නීති කිහිපයක් බලාත්මක කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයද පියවර ගෙන තිබේ.
ඒ අනුව aged care මධ්‍යස්ථානවල, රෝහල්වල මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල වැනි අධි අවදානම් ස්ථාන වල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.
එමෙන්ම වර්ග මීටරයකට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අවන්හල්, pubs සහ ආපන ශාලා වලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කර ඇත.
පෞද්ගලික ජනයා ඒක රාශී වීම් උපරිම පුද්ගලයින් 150 කට සීමා කර තිබේ.
දැනට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තා වූ කොරෝනා ආසදිතයින්ගෙන් ප්‍රජාවේ අනෙකුත් පුද්ගලයින්ට වයිරසය සම්ප්‍රේෂණය වීම වැළක්වීමේ අරමුණින් මෙම නීති ක්‍රියාත්මක කළ බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි මහාචාර්ය Nicola Spurrier පැවසුවාය.
Northern Territory lockdown කාලය පැය 72 කින් දීර්ග කරයි
Northern Territory වෙත පනවා ඇති lockdown කාලය තවත් පැය 72 කින් දීර්ග කිරීමට Northern Territory හි ප්‍රධාන අමාත්‍ය Michael Gunner තීරණය කර තිබේ.
Northern Territory වලින් හදිසියේම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් නිසා පසුගිය සති අන්තයේදී lockdown නීති පැනවීමට කටයුතු කෙරිණි.
අදාළ ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳ විස්තර මේ වන විටත් ටෙරිටරියේ ජනතාවට ලබා දී ඇති අතර මෙම lockdown කිරීම මෙවේලෙහි අත්‍යවශ්‍ය එකක් බව Northern Territory හි ප්‍රධාන අමාත්‍ය Michael Gunner පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස Moderna හෝ Pfizer එන්නත් දීමට ශ්‍රී ලංකාව තීරණය කරයි
AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙසModerna හෝ Pfizer එන්නත් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව ඊයේ (28/06) පස්වරුවේ මේ සඳහා අනුමැතිය ලබාදුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව Pfizer එන්නත් මාත්‍රා 26,000ක් සහ Moderna එන්නත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ්-19 ආසාදිතයින්1,850 ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 255,468ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතයින් 2,251ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 221,249ක් ලෙස වාර්තා වේ.
COVID-19 එන්නත් මාත්‍රා ද්විත්වය එන්නත් වර්ග දෙකකින් ලබාදීම සම්බන්ධව සුබදායී පුවතක්
COVID-19 එන්නත් මාත්‍රා ද්විත්වය එන්නත් වර්ග දෙකකින් ලබාදීම සම්බන්ධව එක්සත් රාජධානිය විසින් සිදුකළ අධ්‍යනයක ප්‍රතිඵල නිකුත් වී තිබේ.
AstraZeneca එන්නතෙන් පළමු මාත්‍රාව ලබා දී සති හතරකට පසුව Pfizer එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබාදුන් විට එකම එන්නතකින් මාත්‍රා දෙකම ලබා දීමට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා දෙන බව එහිදී හෙළිවී ඇත.
AstraZeneca සහ Pfizer කොරෝනා එන්නත් මිශ්‍රව ලබාදීම පිළිබඳ Oxford විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යනය සිදු කළේය.
එම මිශ්‍ර වීමේදී කොරෝනා වයිරස් ස්පයික් ප්‍රෝටීන වලට එරෙහිව ඉහළ ප්‍රතිදේහ සාන්ද්‍රණයක් නිපදවන බව හෙළිවිය.
AstraZeneca එන්නතෙන් මුල් මාත්‍රාව ලබාගත් ඇතැම් පුද්ගලයින් රුධිරය කැටි ගැසීමකට ලක්වීමට සිදුවන බවට වාර්තා වීමෙන් අනතුරුව දෙවැනි මාත්‍රාව වෙනත් කොරෝනා එන්නතකින් ලබාදීමට හැකිදැයි බොහෝ යුරෝපානු රටවල් සොයා බැලීමට පටන් ගෙන තිබේ.
සායනිකව අනුමත කරන ලද කාලසටහන් වලින් තනිවම පුළුල් වෙනසක් නිර්දේශ කිරීමට මෙම අධ්‍යයනය ප්‍රමාණවත් නොවන බව Oxford විශ්ව විද්‍යාලය විසින් සිදුකළ මෙම අධ්‍යනයට සම්බන්ධ වූ මහාචාර්ය Matthew Snape පැවසීය.
එංගලන්තයේ සිට වහාම කැඳවූ කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නිරෝධායනය සඳහා මීගමුවේ හෝටලයකට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (29/06) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට පැමිණ රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කළ මෙම ක්‍රීඩකයන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව, දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
නිරෝධායන කාලයෙන් අනතුරුව ඔවුන් සම්බන්ධව වහාම විනය පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසා තිබේ.
ඒ වන තෙක් ඔවුන්ට තාවකාලික තරග තහනමක්ද පැනවීමට කටයුතු කර ඇත.
ඊට අමතරව මෙම ක්‍රියාව සඳහා ආසන්නතම දඬුවමක් ලෙස නුදුරේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින හා 20-20 තරගාවලි වලින් ඔවුන්ව ඉවත් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඊයේ පැවැති හදිසි රැස්වීමකදී තීරණය කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම එංගලන්ත සංචාරයේදී ක්‍රීඩකයන්ට ගෙවන කිසිදු මුදලක් මෙම ක්‍රීඩකයන් තිදෙනාට ලබා නොදීමට ද තීරණය වී ඇතැයි සඳහන්.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අදාළ ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට පැමිණ එම නීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ ඩර්හෑම් නගරයේ සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්වීමත් සමග මේ තත්ත්වය උදා විය.
ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මනූජ කාරියප්පෙරුම මහතාට නියෝග කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක් දින තරගය අද (29/06) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි
එක්දින සහ 20-20 තරගාවලි දෙකක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
විශේෂ ගුවන් යානයකින් පැමිණි මෙම පිරිසට ඉන්දීය ක්‍රීඩකයින් 32ක් සහ කාර්ය මණ්ඩලය 15 ක් ඇතුළත් බව සඳහන්.
එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ පන්දුවාර 20යි 20 තරග 3කින් සමන්විත තරගාවලිය ලබන මස 13 වැනි කොළඹදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

