SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..”කම්කරු පක්ෂය 457 වීසා ගාස්තු වැඩි කිරීමටත් ශිෂ්‍ය වීසා සංශෝදනය සලකා බැලීමටත් පොරොන්දු වේ

457 visa
Source: SBS

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

 457 වීසා ක්‍රමයේ වෙනසක් ඇති කරමින් විදේශීය සේවකයන් බඳවා ගැනීමට පෙර ඕස්ට්‍රේලියානු සේවකයන් සඳහා රැකියා පුරප්පාඩු සති 4ක් නිවේදනය කල යුතු බවට කම්කරු පක්ෂය යෝජනා කරයි.

කම්කරු නායක Bill Shorten විසින් ප්‍රකාශ කර ඇත්තේ තාවකාලික වීසා සහිත පුද්ගලයින්ට ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසියන්ට ලැබිය යුතු රැකියා අවස්ථා ලැබෙන බවයි. එසේම කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානුවට එම අවස්ථා අහිමි වීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායකයා Darwin හී දී පැවසීය.

මේ නිසා ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් වලට වඩා අඩු රැකියා කිරීමත්, රැකියා විරහිත භාවයත් අඩු වන බව ඔහු පවසයි. කම්කරු පක්ෂය විසින් 457 වීසා ගාස්තු ඉහල දැමීමටද යෝජනා කර තිබේ.

රැකියා ස්ථාන වල සේවකයන් අඩකටත් වඩා 457 වීසා වල සිටී නම් තවත් එම වීසා ලාබීන් යොදා ගන්නේ නම් එම ආයතන වලට අමතර ඩොලර් 1500ක ගාස්තුවක් ගෙවීමටද සිදුවේ.අවම ප්‍රමාණයක් 457 වීසා සේවකයන් ඇති ආයතන වලටද ගාස්තු වැඩි වේ.

සතියේ දින 7ම වැඩ කිරීම, අවම වැටුපට වඩා අඩු වැටුපක් ලබා ගැනීම ආදී විදේශීය සේවක ශ්‍රම සුර කෑම නවත්වන බවද විපක්ෂයේ රැකියා පිලිබඳ ප්‍රකාශක Brenden O 'conner පවසයි.

එසේම ශිෂ්‍ය වීසා හා working holiday වීසා පිළිබඳවද ස්වාදීන විචාරයන් ලබා ගන්න බවද කම්කරු පක්ෂය පවසයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now