කොරෝනා ආසාදිතයින් නොකඩවා ඉහළ ගියහොත් lockdown කිරීම දීගු කිරීමටත් තවත් කර්මාන්ත වැසීමටත් සිදුවේවි: වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති (SBS සිංහල/ වාර්තා)

Lockdown may extend and more industries may need to close if numbers keep rising: VIC Premier

Lockdown may extend and more industries may need to close if numbers keep rising: VIC Premier Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 532 ක් වාර්තා වූ බව අද (27/07) පැවති මාධ්‍ය හමුවේදී  වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙය කොරෝනා වසංගතය ආරම්භයේ පටන් ඔස්ට්‍රේලියාවේ දිනකදී වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ද සඳහන්.

ආසාදිතයින් 532 ක් සහ මරණ 6 ක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 532 ක් සමග කොරෝනා මරණ 6 ක්ද වාර්තා වී තිබේ.

90 වන වියෙහි පසුවූ කාන්තාවක්, 80 වන වියෙහි පසුවූ කාන්තාවක් හා පිරිමියෙක්, 70 වන වියෙහි පසුවූ කාන්තාවක් හා පිරිමියෙක් මෙන්ම වයස අවුරුදු 50 පසුවූ පිරිමි පුද්ගලයෙකු එලෙස කොරෝනා වයිරසය වැළඳීම නිසා මියගොස් තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එම මරණ හයෙන් 5 ක්ම aged care හෙවත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන හා සම්බන්ධ බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews පැවසීය.

මේ අතර බරපතල තත්ත්වයේ පසුවන ආසාදිතයින් 44 දෙනෙකු මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටින බවද ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

Aged care මධ්‍යස්ථාන වලට දැඩි අවදානමක්

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ Aged care මධ්‍යස්ථාන වල ඉහළ ලෙස කොරෝනා වයිරසය පැතිරීම ප්‍රජාව අතර වයිරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිඵලයක් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පැවසුවේය.

මේ වන විට කොරෝනා ආසාදිතයින් බහුල ලෙස වාර්තා වන වික්ටෝරියානු ප්‍රාන්තයේ Aged care මධ්‍යස්ථාන වල සාරාංශය පහත අයුරින් ඔහු අද (27/07) පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළේය.

  • Fawkner හි St Basil's Home for The Aged - ආසාදිතයින් 84
  • Ardeer හි Estia aged care - ආසාදිතයින් 82
  • Epping හි Epping Gardens Aged Care - ආසාදිතයින් 77
  • Essendon හි Menarock Life aged care - ආසාදිතයින් 62
  • Werribee හි Glendale Aged Care - ආසාදිතයින් 53
  • Kilsyth හි Kirkbrae Presbyterian homes - ආසාදිතයින් 57
  • Heidelberg හි Estia aged care - ආසාදිතයින්  50
Aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් හට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඔවුන් මිය යාමට ඉතා ඉහළ අවදානමක් ඇති බව මහාචාර්ය Brett Sutton පැවසුවේය.

බොහෝ Aged care මධ්‍යස්ථාන වල කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ ඒවායේ සේවය කළ එක් සේවකයෙකු හෝ සේවකයින් කිහිප දෙනෙකු අසනීපව සිටියදීත් සේවයට පැමිණීම හේතුවෙන් බව ඔහු පැහැදිලි කළේය.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තය තුළ සක්‍රියව සිටින කොරෝනා ආසාදිතයින්  4,542 න් 683 ක් ම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 38 කට සම්බන්ධ බව වාර්තා වේ.

එමෙන්ම තම ප්‍රාන්තයේ Aged care මධ්‍යස්ථාන වල කොරෝනා ආසාදනය වූ වියපත් පුද්ගලයින් සියල්ලම  රෝහල් වෙත පිටත් නොකර සිටීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

එම තීරණයට සහය දක්වන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය ද මේ වන විට පවසා ඇත.
Professor Brett Sutton
Professor Brett Sutton, Victoria's Chief Health Officer Source: AAP

ආසාදිතයින් ක්‍රමිකව ඉහළ ගියහොත් තවත් කර්මාන්ත වැසීමට සිදුවේවි

අසනීප තත්ත්ව තිබියදී ත් බොහෝ පුද්ගලයින් රැකියා සඳහා ගොස් ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (27/07) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

"කොරෝනා රෝග ලක්ෂණ තිබුණහොත් ඔබට රැකියාවට යා නොහැකියි, යම් මට්ටමක හෝ අසනීප ගතියක් තිබුණොත් ඔබට රැකියාවට යා නොහැකියි" යනුවෙන් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය කරන විශාලතම වාහකයින් වන්නේ එවැනි පුද්ගලයින් බවද ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දුන්නේය.

වික්ටෝරියානු වාසීන් තමන්ගේ මෙම නොමනා හැසිරීම යහපත් නොකරගතහොත් දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යා හැකි බවට ඔහු අනතුරු ඇඟවූවේය.

අසනීප තත්ත්ව තිබියදීත් පුද්ගලයින් රැකියාවලට යාම නොකඩවා සිදු කළහොත් දැනට ක්‍රියාත්මක කොරෝනා නීති තවත් දීර්ග කිරීමට සිදුවන බවත්  තවත් කර්මාන්ත වැසීමට සිදුවන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

කොරොන වයිරස් රෝගයෙන් පෙළෙන විට හෝ රෝග විනිශ්චය කර ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම නිසා ස්වයං හුදකලා වීමට හෝ සිදුවූ වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට අසනීප නිවාඩු සඳහා හිමිකම් නොමැති නම් ඩොලර් 1500 ක දීමනාවට හිමිකම් කිව හැකිය.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service