නත්තල යනු ඔස්ට්‍රේලියාවේ ඉහළින්ම සමරන උත්සවයකි.
නත්තල නිමිතිකරගෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර නේක විධ වර්ණවත් නත්තල් සැරසිලිවලින් සහ විදුලි ආලෝක රටාවන්වලින් සැරසෙයි.
මෙවර නත්තලේ දී සුප්‍රකට මෙල්බර්න් නුවර අලංකාර නත්තල් සැරසිලි මෙන්ම නත්තල් විදුලි ආලෝක රටාවන් ඔබට නැරඹිය හැක්කේ කුමන ස්ථානවලද කියා මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
01. Christmas Square හෙවත් ෆෙඩරේෂන් චතුරශ්‍රය
මෙල්බර්න් නුවර ප්‍රධානතම නත්තල් සැරසිලි සහ විදුලි රටා මවන ස්ථානය ලෙස මෙම Christmas Square හෙවත් ෆෙඩරේෂන් චතුරශ්‍රය හැඳින්වේ.
මීටර් 16 ක් උසැති LED බල්බ වලින් සමන්විත නත්තල් ගස මෙහි විශේෂ තැනක් ගනී.
සෑම වසරකම නත්තල් සමයේදී මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රය නත්තල් චතුරශ්‍රයක් බවට පරිවර්තනය කෙරෙන අතර මෙවර නව සැරසිලි අංග කිහිපයක් එකතු කර තිබේ.
දීප්තිමත් නියොන් ගස්, පැද්දෙන යෝධ සීනු මෙන්ම අලංකාර නත්තල් බුබුළු ඒ අතර වේ.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
02. Chapter House වීදිය
රාත්‍රියේදී නේක විධ වර්ණ ආලෝක රටා ප්‍රක්ෂේකපනය කරමින් මෙහි නත්තල් සිරිය තීව්‍ර කරයි.
ශාන්ත පාවුළු දෙව්මැදුර, Chapter House සහ ටොරන්ස් විශ්ව විද්‍යාලයේ ඉදිරිපස පුරා විසිරී ඇති වර්ණවත් සංදර්ශන මෙහිදී නැරඹිය හැකිය.
හිටි අඩියේම ආශ්චර්යමත් හිම පතනයන් ද මෙහිදී ඔබට අත් විඳිය හැකිය.
නමුත් දෙසැම්බර් 24 වන දින මෙහි ආලෝක රටා ප්‍රක්ෂේකපනය නොකරන බව සංවිධායකයෝ පවසති.

03. Melbourne Town Hall
මෙල්බර්න් නගර ශාලාවේ නත්තල් හැඩගැන්වීම දිගු කලක පටන් සිදුකෙරෙන මෙල්බර්න් සම්ප්‍රදායකි.
දහවල් කාලයේදී මෙහි nutcracker සෙබළුන්, විසිතුරු මල් පාත්ති සහ පෝටිකෝවේ විශාල බෝ එකක් දැක බලාගැනීමට හැකිය.
රාත්‍රියේදී නේක වර්ණයන්ගෙන් සපිරි විදුලි ආලෝකයන් නගර සභා ගොඩනැගිල්ලට ප්‍රක්ෂේපනය කර විවිධ ආලෝක රටා සමගින් විවිධ හැඩ තල මවයි.

04. Docklands Giant Reindeer
සෑම වසරකම පාහේ Docklands වල දැවැන්ත පිනි මුවෙකු අලංකාරවත් ලෙස සරසා තිබෙනු ඔබට දක්නට ලැබේ.
දිලිසෙන විදුලි බුබුළු වලින් හැඩ ගන්වා ඇති මෙම පිනි මුවා යටින් පවා ඔබට ඇවිද ය හැකිය.
ඊට අමතරව මෙල්බර්න් වරාය ආශ්‍රිතව දැවැන්ත අකුරුවලින් Merry Christmas යන්න මෙහිදී ඔබට දැකබලාගත හැකිය.

05. Hamer Hall සහ Arts Centre
මෙල්බර්න් නත්තල් සිරිය වැඩි කරන තවත් ස්ථාන ද්විත්වයක් නම් Hamer ශාලාව සහ මෙල්බර්න් කලා මධ්‍යස්ථානයයි.
Hamer ශාලාවේ යාරා ගංගාවට මුහුණ ලා ඇති කොටසේ බිත්තියට යොමු කෙරෙන ආලෝක ප්‍රක්ෂේපණයන් හරහා නව නත්තල් සිරියක් මෙල්බර්න් නුවරට මෙවර එක් කරයි.
ඒ අසළ ඇති Princes පාලමේ සිට මෙය මනාව නැරඹිය හැකිය.
ඒ අතර මෙල්බර්න් Arts Centre එකට යොමු කෙරෙන ලේසර් කිරණ හරහා එය අපුරු නත්තල් ගසක් වන අයුරුද ඔබට මෙවර රාත්‍රී කාලයේදී බලාගත හැකිය.

