එක්සත් රාජධානියේ පැතිරී යන COVID-19 වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් ඇතිවන තර්ජනය පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (08/01) පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සූදානම් වේ.
හෙට පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සහ ප්‍රාන්ත අගමැතිවරු හා ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය වරු සහභාගී වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly හරහා තමා මෙම යෝජනාව කර සිටි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවසා සිටියේය.
ඒ අනුව ජාත්‍යන්තර සංචාරක ක්‍රියාවලීන් සඳහා COVID ආරක්ෂණ ප්‍රොටෝකෝල තවදුරටත් ශක්තිමත් කිරීමේ යෝජනාවක් පිළිබඳ ප්‍රාන්ත හා ටෙරිටරි නායකයින් හෙට දිනයේදී සාකච්ඡා කරනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන්ම එක්සත් රාජධානියේ වර්ධනය වෙමින් පවතින COVID-19 වයිරසයේ නව ප්‍රභේදය පිළිබඳව එහිදී ප්‍රධාන අවධානය යොමුවනු ඇත.
එක්සත් රාජධානියේ නව COVID-19 ප්‍රභේදය සහ ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා අපට කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison අවධාරණය කර සිටියේය.
මේ වසරේ පළමු ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ එළඹෙන පෙබරවාරි මාසයේදී වන නමුත් ඉහත හේතු නිසා හදිසි රැස්වීමක් හෙට යොදාගැනීමට අගමැතිවරයා තීරණය කර තිබේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ සිට යළි ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්ට ගුවන් යානයකට ගොඩවීමට පෙර COVID-19 සඳහා පරීක්‍ෂා කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිවරයා නැවත වරක් ඉල්ලා සිටියේය.

අමතර දේශසීමා නීති සකස් කරයි
කොරෝනා වයිරසය ඇති අධි අවදානම් සහිත රටවලට ඔස්ට්‍රේලියාව තම දේශ සීමාව වසා නොදැමුවහොත්, එය ඔස්ට්‍රේලියානු ප්‍රජාවට කාන්දු වීමේ අවදානම අවම කිරීම සඳහා වැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් සලකා බැලිය යුතුබව මෙල්බර්න් නුවර වසංගත අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය Tony Blakely ABC පුවත් වෙත පැවසීය.
"නිරෝධායනය හරහා වයිරසය ඉඳහිට ගිලී යන බව අපි දනිමු, නමුත් මෙම නව වයිරස ප්‍රභේදය ඉහළ සම්ප්‍රේෂණ ගුණයකින් යුක්ත බැවින් මෙය මුල් ප්‍රභේදයට ත් වඩා විනිවිද යාමට ඉඩ ඇත."යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
මේ නිසා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් යානා වල මගීන් ගුවන් යානය තුළ මුව ආවරණ පැළඳීම, ඔස්ට්‍රේලියාවට පිටත්වන ගුවන් යානයට ගොඩවීමට ප්‍රථම අදාළ මගීන්ට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සහ ගුවන් ගමන ඇතුළත ගුවන් මගීන්ව හැකි උපරිම දුරස්ථභාවයකින් තැබීම වැනි පියවර මෙහිදී ගත යුතු බව මහාචාර්ය Tony Blakely පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මෙම නව COVID-19 ප්‍රභේදය මැඩ පැවැත්වීම සඳහා විශ්වීය ප්‍රවේශයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant ඉල්ලා සිටියි.
"නව COVID-19 ප්‍රභේදයෙන් අපි අපේ පුරවැසියන් ආරක්ෂාකාරීව තබා ගැනීම සහතික කිරීම සඳහා විශ්වීය ප්‍රවේශයක් තිබිය යුතුයි, අපගේ ආසාදන පාලනය ඉහළම මට්ටමක පවතින බවට වග බලා ගැනීම සඳහා ද එය ඉවහල් වනු ඇති" යනුවෙන් ඇය පැහැදිලි කළාය.
නමුත් මෙහිදී කෙටි මාවත් නොමැති බවට ඇය අනතුරු ඇඟවූ අතර, නව COVID-19 ප්‍රභේදය මේ වන විට සෑම තැනකම තිබිය හැකි බවට ඇය පුරෝකථනය කළාය.
" ඇතැම් තත්ත්ව මත ගුවන් යානයට ගොඩවීමට පෙර කොරෝනා පරීක්ෂාවන් කිරීම ප්‍රයෝජනවත් විය හැකි නමුත් එක් පරීක්ෂණයකින් පමණක් වයිරසය පිළිබද තීරණය කිරීමට නොහැකියි. පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව වුවද ඔබට ගුවන් යානයක වයිරසය වැළඳිය හැකියි." යනුවෙන් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant පැවසුවාය.

