කොරෝනා එන්නත ජනවාරි අග සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙයි (SBS සිංහල/ වාර්තා)

Picture shows illustration for the coronavirus vaccine

A Covid-19 vaccine being developed by Pfizer and Germanys BioNTech has been found to be more than 90 per cent effective Source: Igor Kralj/PIXSELL/AAP

ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත ලබා දීම සති කිහිපයකින් ඉදිරියට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු මස මුලදී ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත ලබා දෙනු ඇත.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත ලබා දීම

මීට ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ 2021 මාර්තු මස අගදීය.

නමුත් එය මාර්තු මස මුලදී ආරම්භ කිරීමට දැන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

එලෙස මාර්තු මස මුලදී මෙම එන්නත් වැඩසටහන ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ අවසර ලබා දුන් බවත් එය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය උපදේශ මත සිදුවන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt, The Daily Telegraph පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පළමුවෙන් ලබාදෙන කොරෝනා එන්නත බවට Pfizer එන්නත පත්වනු ඇති බව ඔහු පැවසීය.

එහිදී කොරෝනා රෝගීන් සමග ගැටෙන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට, හෝටල් නිරෝධායන වැඩසටහනේ සේවකයින්ට සහ ඔස්ට්‍රේලියානු දේශ සීමා කළමනාකරණය කරන නිලධාරීන්ට ප්‍රමුඛත්වයක් හිමිවන බව ද ඔහු සඳහන් කළේය.

Aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් හටද එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාව ලබා දීමට අවධානය යොමුවී ඇති නමුත් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනයෙන් ඒ සඳහා තවමත් අනුමැතිය හිමිවී නැත.

Minister for Health Greg Hunt has condemned abuse directed towards healthcare workers.
Minister for Health Greg Hunt Source: AAP

ජනවාරි මස අගදී කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාවට පැමිණේ

මේ ගෙවී යන ජනවාරි මාසයේ අග සිට සතියකට Pfizer කොරෝනා එන්නතේ මාත්‍රා 80,000 ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඔස්ට්‍රේලියාව ලබා ගැනීමට ගිවිසගෙන ඇති දෙවැනි කොරෝනා එන්නත වන Oxford-AstraZeneca එන්නත මාර්තු මස අගදී ඔස්ට්‍රේලියාවට ලබාගැනීමට හැකිවෙතැයි පැවසේ.

මෙම එන්නත් වර්ග ද්විත්වයම මේ වන විට එක්සත් රාජධානියේ වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now