ඔබත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ජංගම දුරකථන භාවිත කරමින් රිය පදවනවාද? එහෙනම් ගෙදරටම දඩ එන අලුත්ම විදිය මෙන්න (SBS සිංහල/ වාර්තා)

සෑම වාහන 42 ටම එක් අයෙකු රිය පදවන විට ජංගම දුරකථන භාවිතා කරමින් රිය පදවන බවට නිරීක්ෂණය කර ඇත.

Tougher penalties are needed for new drivers who use their phones while at the wheel, the AMA says

Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ජංගම දුරකථන භාවිත කරමින් රිය පදවන පුද්ගලයින්ව නීතියේ රැහැනට හසු කරගනිමින් දඩ පැමිණවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

ඒ සඳහා විශේෂිත කැමරා වර්ගයක් මාර්ග වල ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.


Highlights

  • මේ සඳහා නවීන තාක්ෂණයෙන් යුතු විශේෂ කැමරා වර්ගයක් ස්ථාපනය කිරීමට නියමිතය.
  • මාස 3 ක කාලයක් වාහන 679,438 ක් පරීක්ෂා කරමින් මෙම ක්‍රමය අත්හදා බලා තිබේ.
  • වසර 2030 වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ වාහන අනතුරු වලින් සිදුවන මරණ අඩකින් අඩු කිරීම මෙහි පළමු අරමුණ වේ.

වික්ටෝරියානු මාර්ගවල විශේෂිත කැමරා

වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ගවල ජංගම දුරකථන භාවිත කරමින් රිය පදවන පුද්ගලයින්ව හසුකරගැනීම උදෙසා වික්ටෝරියානු ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටී.

ඒ සඳහා නවීන තාක්ෂණයෙන් යුතු විශේෂ කැමරා වර්ගයක් ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම ක්‍රමය අත්හදා බැලීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් මාස 3 ක් පුරාවට පැවැත්වූ අතර එය මේ වන විට අවසන්වී ඇත.
එම මාස 3 ක කාලය තුළ වාහන 679,438 ක් පරීක්ෂා කර තිබේ.

එම ප්‍රමාණයෙන් සෑම වාහන 42 ටම එක් අයෙකු රිය පදවන විට ජංගම දුරකථන භාවිතා කරමින් රිය පදවන බවට නිරීක්ෂණය කර ඇත.

මෙම අත්හදාබැලීම සිදුකර ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයට සිව්වන මට්ටමේ කොරෝනා නීති පනවා තිබූ අවස්ථාවේදී බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

එම කාලයේදී මාර්ගවල වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස අවම මට්ටමක පැවතුණු හෙයින් මාර්ග කාර්යබහුල වූ පසුව මෙම අගය තවත් ඉහළ යනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා ඩොලර් මිලියන 33.7 ක් ආයෝජනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට සිදුව තිබේ.
Road Safety Cameras
Source: AAP

වැඩිම වැරදිකරුවන් පිරිසක් හසුවූ ප්‍රදේශ

ඉහත සඳහන් කළ අත්හදා බැලීම් කාලයේදී මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල විවිධ ස්ථානයන්හි අතේ ගෙන යා හැකි කැමරා දෙක බැගින් සවි කර අදාළ නිරීක්ෂණය සිදු කෙරිණි.

එහිදී වැඩිම වැරදිකරුවන් පිරිසක් හසුවූ ප්‍රදේශ පහත පරිදිවේ:

  • Wollert හි Craigieburn Road East - සෑම වාහන 18 කටම එක් අයෙකු
  • Hillside හි Calder Park Drive - සෑම වාහන 21 කටම එක් අයෙකු
  • Laverton හි Old Geelong Road - සෑම වාහන 28 කටම එක් අයෙකු
මෙයට අමතරව ආසන පටි නොදමා රිය පැදවූ රියදුරන් සෑම වාහන 667 කට එකක් සේ එහිදී නිරීක්ෂණය විය.

එමෙන්ම සුක්කානම අතහැර රිය පැදවීම, සුරතල් සතුන් ඇකයේ තබාගෙන රිය පැදවීම වැනි නොයෙක් වැරදිද එහිදී නිරීක්ෂණයට භාජනය විය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


නව ක්‍රමය සාර්ථකයි

මෙම තාක්ෂණයට වසරකට සිදුවන රිය අනතුරු 95 කින් වළක්වා ගැනීමට හැකියාව ඇති බව Monash විශ්ව විද්‍යාලයේ හදිසි අනතුරු පර්යේෂණ මධ්‍යස්ථානය (MUARC) විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී තිබේ.

මෙවැනි තාක්ෂණයක් ස්ථාපනය කිරීමෙන් වික්ටෝරියානු පොලීසියටද මහත්වූ කාර්යභාරයකින් නිදහස් කිරීමක් සිදුකළ හැකි බවත් ඔවුන්ට ශාරීරිකව මාර්ගගත වී රියදුරන්ව හසුකරගනිමින් දඩ ලබා දීමට මෙනිසා අවශ්‍ය නොවන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
මෙම නව තාක්ෂණය වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නව මාර්ග ආරක්ෂණ උපාය මාර්ගයේ කොටසක් වන අතර වසර 2030 වන විට වාහන අනතුරු වලින් සිදුවන මරණ අඩකින් අඩු කිරීම සහ තුවාලකරුවන් සැලකිය යුතු ලෙස අඩු කිරීම එහි අරමුණවේ.

එමෙන්ම වසර 2050 වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග වල කිසිදු මරණයක් සිදු නොවීමට වග බලාගැනීම මෙම නව ක්‍රමයේ අවසන් අරමුණ වේ.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔබත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ජංගම දුරකථන භාවිත කරමින් රිය පදවනවාද? එහෙනම් ගෙදරටම දඩ එන අලුත්ම විදිය මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala