ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් hack කර ලිංගික අල්ලස් ගැනීමේ මෙහෙයුමක් (SBS සිංහල/ වාර්තා)

යම් මිතුරෙකුගේ සමාජ මාධ්‍ය ජාල ගිණුමක් authenticate කිරීමට ඉල්ලීම් ලැබුණහොත් ප්‍රවේශම් වන ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන්ට පොලීසිය අනතුරු අඟවයි.

Close-up adult hand typing on laptop

People who have been harmed by sextortion scams are being urged to contact police. Source: Getty

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඡායාරුපවලට ප්‍රවේශ වී ඒවා ලබාගෙන ඔවුන්ව බ්ලැක්මේල් කිරීමට දරන උත්සාහයක් පිළිබඳ පොලීසිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන් 34 දෙනෙකු හට අවම වශයෙන් මෙම අකරතැබ්බයට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ online 'sextortion' scam හෙවත් යමෙකුගේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි හෙළි කරන බවට තර්ජනය කරමින් කප්පම් ගැනීම හෝ ලිංගික සහය ලබා ගැනීමේ වංචාවක් සිදුවෙමින් පවතියි.
  • මෙම බ්ලැක්මේල් කිරීම් හරහා අදාළ වින්දිතයාගේ තවත් සමීප පුද්ගලික ඡායාරුප සපයන ලෙස ඉල්ලීම් කළ හැකිය.
  • 2019 ජූලි මාසය දක්වා දිවෙන එවැනි වංචා මාලාවකට හසුවූ අවම වශයෙන් වින්දිත කාන්තාවන් 34 දෙනෙකු පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇත.

බ්ලැක්මේල් කර කප්පම් ගැනීම

යම් මිතුරෙකුගේ සමාජ මාධ්‍ය ජාල ගිණුමක් authenticate කිරීමට ඉල්ලීම් ලැබුණහොත් ප්‍රවේශම් වන ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන්ට පොලීසිය අනතුරු අඟවයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ online 'sextortion' scam හෙවත් යමෙකුගේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි හෙළි කරන බවට තර්ජනය කරමින් කප්පම් ගැනීම හෝ ලිංගික සහය ලබා ගැනීමේ වංචාවක් සිදුවෙමින් පැවතීම ඊට හේතුව වේ.

එම වංචාව මේ ආකාරයට ක්‍රියා කරනු ඇත: තමන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම locked කර ඇති බවත්, එය unlock කිරීම සඳහා verification code එකක් සහිත පණිවිඩයක් ලැබීමට අදාළ පුද්ගලයාගේ මිතුරෙකු නම් කර ඇති බවත් පවසමින් එම වින්දිතයා සම්බන්ධ කර ගනී.

නමුත් මිතුරාගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම අවදානමට ලක්ව ඇති අතර අදාළ verification code එක වින්දිතයාගේ ගිණුම unlock කරයි.
"මෙය සිදු වූ පසු, වංචාකරුවන් අදාළ වින්දිතයාගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම තුළ සැරිසරමින් වින්දිතයා බ්ලැක්මේල් කිරීමට භාවිතා කළ හැකි ඕනෑම ඡායාරුපයක්, වීඩියෝ පටයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් තිබේදැයි සොයා බලා ඒවා තමා සන්තකයට ගනී." යනුවෙන් වික්ටෝරියා පොලීසිය ඊයේ (23/11) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම බ්ලැක්මේල් කිරීම් හරහා වෙනත් online ගිණුමකට මාරු කිරීමකට හෝ අදාළ වින්දිතයාගේ තවත් සමීප ඡායාරුප සපයන ලෙස ඉල්ලීම් කළ හැකිය.
Young woman feeling stressed while looking at computer
People who have been harmed by sextortion scams are being urged to contact police. Source: Getty

බරපතල අර්බුදයට ලක්වූ කාන්තාවන් 34 ක් හඳුනා ගැනේ

2019 ජූලි මාසය දක්වා දිවෙන එවැනි වංචා මාලාවකට හසුවූ අවම වශයෙන් වින්දිත කාන්තාවන් 34 දෙනෙකු පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇත.

තමන්ගේ ගිණුමක් verify කිරීමට තම මිතුරාට කතා කරන ලෙස පණිවිඩයක් ලැබුණහොත් එම ඉල්ලීම් පිළිබඳ ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට අනතුරු අඟවයි.

ඔබ දන්නා මිතුරෙකු ලෙස පෙනී ගියත්, සමාජ මාධ්‍ය ගිණුමකට ප්‍රවේශය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකුට සහාය නොවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
අතිශය පුද්ගලික ඡායාරුප හෝ සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ගිණුම්වලට upload කිරීම, save කිරීම හෝ ඒවා හරහා forward කිරීමෙන් වළකින ලෙසට ද සමාජ මාධ්‍ය පරිශීලකයින්ට අවවාද කරනු ලැබේ.

මෙවැනි ආකාරයේ ලිංගික වංචාවකට ගොදුරු වූ ඕනෑම අයෙකු වහාම පොලිසිය අමතන ලෙස සයිබර් අපරාධ අංශයේ රහස් පරීක්ෂක Boris Buick ඉල්ලා සිටියි.

මෙවැනි සිදුවීම්වලට බොහෝ දෙනෙකු මුහුණ දී ඇති නමුත් ලැජ්ජාව සහ බිය නිසා ඒවා පැමිණිලි නොකරන බවට සිතිය හැකි බව ද ඔහු පැවසීය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service