Highlights
- ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 0.85% දක්වා යළි ඉහළ දමා තිබේ.
- පසුගිය මැයි මාසයේදී, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් 0.1% ක වාර්තාගත අවම අගයක සිට 0.35% දක්වා පොලී අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කළේය.
- පොළී අනුපාතික ඉහල යාම මේ වන විටත් ඉහල යන ජීවන වියදම්වලට මුහුණ දෙන නිවාස හිමියන්ට සුබ ප්‍රවෘත්තියක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවත් 0.5% කින් ඉහළ දමන බව අද (07/06) ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව නිවේදනය කළේය.
මෙය වසර 2000 න් පසුව වැඩිම ප්‍රතිශතයකින් පොළී අනුපාතිකය ඉහළ දැමූ අවස්ථාව වේ.
ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය යළි ඉහළට
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 0.85% දක්වා 0.5% කින් ඉහළ දමන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද නිවේදනය කළේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අද පැවති මාණ්ඩලික රැස්වීමෙන් අනතුරුව මෙම නිවේදනය පැමිණියේය.
කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉතිහාසයේ වාර්තාගත ලෙස 0.1% ක අඩුම මට්ටමකට පසුගිය කාලයේ මධ්‍යම බැංකුව විසින් පත් කරන ලදී.
පසුගිය මැයි මාසයේදී, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් 0.1% ක වාර්තාගත අවම අගයක සිට 0.35% දක්වා පොලී අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කළේය.
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් විනිමය පියවීම් ශේෂයන් සඳහා වන පොලී අනුපාතිකය පදනම් ලකුණු 50 සිට 75 දක්වා වැඩි කරන ලදී.
2010 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව පළමු වරට පසුගිය මැයි මාසයේදී මෙය ලකුණු 40 දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කළේය.

භාණ්ඩාගාරික ඇමතිගේ මතය
පොළී අනුපාතික ඉහල යාම මේ වන විටත් ඉහල යන ජීවන වියදම්වලට මුහුණ දෙන නිවාස හිමියන්ට සුබ ප්‍රවෘත්තියක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙම ඉහළ දැමීම කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියානු ආර්ථිකයට උපකාර කිරීම සඳහා ක්‍රියාත්මක වූ අසාමාන්‍ය මූල්‍ය ආධාර ඉවත් කර ගැනීමේ තවත් පියවරක් වන බවත් අතර මුදල් ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය කිරීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩලය පැවසීය.
"යමෙකුගේ නිවාස ණයෙන් දැනට $330,000 ක් ගෙවීමට ඉතිරිව ඇත්නම් මෙම වැඩි කිරීම් නිසා එම පුද්ගලයාට නිවාස ණය ගෙවීමේදී මසකට අමතර $87 ක් වැයවෙනවා. නව නිවාස ණයක් සඳහා නම් සාමාන්‍යයෙන් එම මුදල දෙගුණයක්. එනම් $157 ක් පමණ වෙනවා." යනුවෙන් භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
ඔස්ට්‍රේලියානු බැංකු සංගමයේ මතය
සාමාන්‍යයෙන්, නිවැසියන් මෙම ඉහළ යන පොලී අනුපාතික පරිසරයට අන් කවරදාටත් වඩා හොඳින් සූදානම් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානු බැංකු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Anna Bligh පැවසුවාය.
"සාමාන්‍යයෙන්, ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් මාස 45ක්, එනම් වසර හතරකට ආසන්න කාලයක් ඔවුන්ගේ ණය ගෙවීම්වලින් ඉදිරියෙන් සිටින බව එනම් වසර 4 කට පෙර තම නිවාස ණය ගෙවා දැමීමේ හැකියාව පෙන්වමින් සිටිනවා" යනුවෙන් ඇය Sky News වෙත පැවසුවාය.
නමුත් කුඩා තරමකින් හෝ පොලී අනුපාතිකයන් වෙනස් වන්නේ නම් ඇතැම් පුද්ගලයින්ට එය බලපාන බවත් ඇය සඳහන් කළාය.

