Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled වීසා වැඩසටහන සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දින නිවේදනය කරයි

South Australia announced migration program closing dates

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled සහ Business වීසා වැඩසටහන සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දින පිළිබඳ හෙළිකරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled සහ Business වීසා වැඩසටහන සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දින පිළිබඳ හෙළිකරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2021-22 මුල්‍ය වර්ෂය සඳහා සිය Skilled වීසා වැඩසටහනේ nomination සඳහා වූ අයදුම්පත් සහ Registrations of Interest (ROIs) බාරගැනීම අවසන් කරන දින ප්‍රකාශයට පත් කර තිබේ.

නමුත් එම අවසන් දිනය තෙක් අදාළ අයදුම්පත් යොමු කිරීමට හැකියාව ඇති බවද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තම්න්තුව පවසයි.


Highlights

  • General Skilled Migration (GSM) වැඩසටහන - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 23 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරේ.
  • අයදුම්පත් බාර ගැනීමේ දිනට පෙර ලැබුණු අයදුම්පත් 2022 ජුනි 30 වන විට අගයනු ලැබේ.
  • 2022-23 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled සහ Business සංක්‍රමණ වැඩසටහන් නැවත විවෘත කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද ඔවුහු පවසති.

අවසන් දිනවකවානු

Business Innovation and Investment වැඩසටහනේ Business Innovation Stream (Subclass 188A) - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 09 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරේ.

General Skilled Migration (GSM) වැඩසටහනේ Offshore Registration of Interests (ROIs) - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 09 වන දින පස්වරු 4 ට ROI බාර ගැනීම අවසන් කෙරේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

General Skilled Migration (GSM) Talent and Innovators වැඩසටහනේ ROIs - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 09 වන දින පස්වරු 4 ට ROI බාර ගැනීම අවසන් කෙරේ.

Business Innovation and Investment වැඩසටහනේ Investor Stream (Subclass 188B) - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 20 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරේ.

Business Innovation and Investment වැඩසටහනේ Significant Investor Stream (Subclass 188C) - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 20 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරේ.

Business Innovation and Investment වැඩසටහනේ Entrepreneur Stream (Subclass 188E) - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 20 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරේ.

General Skilled Migration (GSM) වැඩසටහන - ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) 2022 ජුනි 23 වන දින පස්වරු 4 ට අයදුම් පත් බාර ගැනීම අවසන් කෙරේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

අයදුම්පත් බාර ගැනීමේ දිනට පෙර ලැබුණු අයදුම්පත් 2022 ජුනි 30 වන විට අගයනු ලබන බවද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තම්න්තුව පවසයි.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled සහ Business සංක්‍රමණ වැඩසටහන් නැවත විවෘත කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද ඔවුහු පවසති.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now