SBS සභාපති ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් 121 දෙනෙකුට රුසියාවට ඇතුළුවීම තහනම් කෙරේ (SBS සිංහල/ වාර්තා)

2022 පෙබරවාරි 24 වන දින යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු පුද්ගලයින්ට එරෙහිව ඔස්ට්‍රේලියානු රජය පැනවූ සම්බාධකවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ඔස්ට්‍රේලියානුවන් අසාදු ලේඛනගත කිරීම සිදුකළ බව රුසියාවේ විදේශ අමාත්‍යාංශය ජුනි 16 දා රාත්‍රියේ ප්‍රකාශ කළේය.

Australian figures blacklisted by Russia

Source: SBS News

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් සහ හමුදා නිලධාරීන් ඇතුළු තවත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් 121 දෙනෙකුට රුසියාවට ඇතුළුවීම සඳහා සම්බාධාක පනවා ඇති බව රුසියානු රජය නිවේදනය කර තිබේ.

මෙම පිරිසට SBS මාධ්‍ය ජාලයේ සභාපති George Savvides සහ ABC මාධ්‍ය ජාලයේ සභාපතිනි Ita Buttrose ද ඇතුළත් කර ඇත.


Highlights

  • මෙම ඔස්ට්‍රේලියානුවන් අසාදු ලේඛනගත කිරීම සිදුකළ බව රුසියාවේ විදේශ අමාත්‍යාංශය ජුනි 16 දා රාත්‍රියේ ප්‍රකාශ කළේය.
  • මෙම පිරිසට SBS මාධ්‍ය ජාලයේ සභාපති George Savvides සහ ABC මාධ්‍ය ජාලයේ සභාපතිනි Ita Buttrose ද ඇතුළත් කර ඇත.
  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Peter Malinauskas රුසියානු තහනමට ලක්වූ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නායකයා වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් 121 කට රුසියාවට ඇතුළු වීම තහනම්

ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ පුද්ගලයින් 121 කට රුසියාවට ඇතුළු වීම තහනම් කරමින් රුසියානු රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

2022 පෙබරවාරි 24 වන දින යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු පුද්ගලයින්ට එරෙහිව ඔස්ට්‍රේලියානු රජය පැනවූ සම්බාධකවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ඔස්ට්‍රේලියානුවන් අසාදු ලේඛනගත කිරීම සිදුකළ බව රුසියාවේ විදේශ අමාත්‍යාංශය ජුනි 16 දා රාත්‍රියේ ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ "රුසෝෆෝබික් න්‍යාය පත්‍රයක්" හෙවත් රුසියානු භීතිකාව ලෙස දැක්වෙන රුසියාවට එරෙහිවූ වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කරන බවට එම ලැයිස්තුවේ සිටින පුද්ගලයින්ට චෝදනා කර තිබේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මෙලෙස සම්බාධක පැනවුණු ඔස්ට්‍රේලියානුවන් 121 දෙනා අතරේ පහත සඳහන් සුප්‍රසිද්ධ චරිත ඇතුළත් වන බව වාර්තා වේ.

  • SBS මාධ්‍ය ජාලයේ සභාපති George Savvides
  • ABC මාධ්‍ය ජාලයේ සභාපතිනි Ita Buttrose
  • News Corp සම සභාපති Lachlan Murdoch
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Peter Malinauskas
  • ආරක්ෂක බලකායේ ප්‍රධානී ජෙනරාල් Angus Campbell
  • ABC ගුවන් විදුලියේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන Patricia Karvelas
  • සුප්‍රසිද්ධ දේපළ සංවර්ධනය කරන සමාගමක් වන Meriton හි නිර්මාතෘ හා ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක් වන Harry Triguboff
  • පුවත්පත් සහ රූපවාහිනී දේශපාලන විචාරක Andrew Bolt
  • රූපවාහිනී වාර්තාකාරිනි Liz Hayes
  • The Australian පුවත්පතේ ප්‍රධාන කර්තෘ Chris Dore
  • Atlassian සම-නිර්මාතෘවරුන් වන Mike Cannon-Brookes සහ Scott Farquhar
  • පතල් කර්මාන්තයේ දැවැන්තයින් වන Andrew Forrest සහ Gina Rinehart
  • Nine Entertainment Group හි සභාපති Peter Costello

ඔවුන්ට අමතරව ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, පුවත්පත් කතුවරුන්, විද්වතුන් සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා රුසියාව විසින් මෙම සම්බාධක පනවා තිබේ.

SBS Chair George Savvides
SBS Chair George Savvides Source: SBS

SBS මාධ්‍ය ජාලයේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමාට ද රුසියාවට ඇතුළු වීම තහනම් කිරීම සම්බන්ධයෙන් SBS මාධ්‍ය ජාලයේ සභාපති George Savvides අදහස් දක්වා සිටියේය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳ SBS මාධ්‍ය ජාලයේ මාධ්‍ය ආවරණය ගැන SBS අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය ආඩම්බර වන බවත් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් සභාපති George Savvides පැවසුවේය.

"SBS World News සහ අපගේ SBS Russian සහ SBS Ukrainian භාෂාවලින් ක්‍රියාත්මක වන ගුවන් විදුලි සේවා ඇතුළුව අපගේ සියලුම සේවාවන් හරහා, අපි ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකයින්ට මෙම ගැටුම පිළිබඳ ශක්තිමත් සහ අපක්ෂපාතී මාධ්‍ය ආවරණයක් ලබා දී තිබෙනවා. එය අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ නිදහස් මාධ්‍යයක අත්‍යවශ්‍ය කාර්ය භාරය මනාව පෙන්නුම් කිරීමක්" ලෙස ඔහු පැවසීය.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය SBS රුසියානු භාෂා ගුවන්විදුලි සේවය ජුනි 14 වන දින එහි යුක්රේන යුද ආවරණයේ “රුසියානු භීතිකාව” ඉදිරිපත් කළ බවට චෝදනා කිරීමෙන් පසුව SBS මාධ්‍ය ජාලයේ සභාපති George Savvides ද රුසියාවට ඇතුළු වීම තහනම් කළ අසාදු ලේඛනයට ඇතුළත් කෙරිණි.


රුසියානු තහනමට ලක්වූ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නායකයා

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Peter Malinauskas රුසියානු තහනමට ලක්වූ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නායකයා වේ.

රුසියාවට සංචාරය කිරීම කෙසේ වෙතත් ඔහුගේ අනාගත සංචාරක ලැයිස්තුවේ රුසියාව නොමැති බව ඔහු පැවසීය.

රටක් ලෙස අප සාමූහිකව ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා දකුණු ඔස්ට්‍රේලියාව සිදුකරන ප්‍රමුඛ කාර්යභාරය කෙරෙහි Vladimir Putin අවධානය යොමු කර තිබීම ගැන තමා ඉතා කෘතඥ වන බවද ඔහු පැහැදිලි කළේය.



3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now