ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට වංචාවන් නිසා ඩොලර් මිලියන ගණනක් අහිමිවෙයි (SBS සිංහල/ වාර්තා)

Phishing හෙවත් වින්දිතයින් රවටා පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ වංචා පිළිබඳ සංක්‍රමණිකයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගෙන් පැමිණිලි 3067 ක් වාර්තා වී තිබේ.

Online scams has increased.

Consumer groups have issed warnings about increasing scams during the pandemic. Source: GettyImages-Tom Werner

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට සහ තම මව් භාෂාව ඉංග්‍රීසි නොවන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට පසුගිය මාස 10 තුළ විවිධ වංචා (scams) හේතුවෙන් ඩොලර් මිලියන දහස් ගණනක් අහිමි වී ඇති බව වාර්තා වේ.

Australian Competition and Consumer කොමිසම මෙම තොරතුරු වාර්තා කරයි.


Highlights

  • 2021 ජනවාරි 1 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින්ගෙන් වංචාකරුවන් ඩොලර් මිලියන 36.2 ක් සොරකම් කර ඇත.
  • 2021 එම කාලය තුළ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගෙන්ද ඩොලර් මිලියන 4.6 ක් වංචා කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.
  • අදාළ සංක්‍රමණිකයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් වැඩිපුරම හසුවී ඇති වංචා වර්ග පිළිබඳවද Scamwatch අනාවරණය කර ඇත.

වංචා නිසා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට ඩොලර් මිලියන ගණනක් අහිමිවෙයි

මෙම වසරේ ජනවාරි 1 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින්ගෙන් වංචාකරුවන් ඩොලර් මිලියන 36.2 ක් සොරකම් කර ඇත.

Australian Competition and Consumer කොමිසමේ වංචා පිළිබඳ කටයුතු කරන Scamwatch මේ බව අනාවරණය කරයි.

පසුගිය වසරේ එම කාලය හා සසඳන විට මෙය 93% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ද මෙම වංචා නිසා දැඩි ලෙස පීඩාවට පත්වී සිටී.

2021 ජනවාරි 1 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ ඔවුන්ගෙන් ඩොලර් මිලියන 4.6 ක් වංචා කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

පසුගිය වසරේ එම කාලය හා සසඳන විට එය 138% ක ඉහළ යාමකි.
scam
Scams Awareness Week (8-12 November) is about starting a conversation about scams so that people can identify them more easily. Source: Getty Images/seksan Mongkhonkhamsao

වැඩිපුරම හසුවී ඇත්තේ කුමන අන්දමේ වංචාවලටද?

අදාළ සංක්‍රමණිකයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් වැඩිපුරම හසුවී ඇති වංචා වර්ග පිළිබඳවද Scamwatch අනාවරණය කර ඇත.

Phishing හෙවත් වින්දිතයින් රවටා පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ වංචා පිළිබඳ සංක්‍රමණිකයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගෙන් පැමිණිලි 3067 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම අපරාධකරුවන් මුදල් ඉල්ලා සහ වින්දිතයා සහය නොදැක්වුවහොත් තර්ජන කරන ලද වංචා සම්බන්ධයෙන් පැමිණිලි 2090 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත.
තවද ඉහත පුද්ගල කණ්ඩායම්වල අනන්‍යතා සොරකම් පිළිබඳ පැමිණිලි 1674ක් ද Scamwatch විසින් සටහන් කර ඇත.

online shopping scams හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදී වූ වංචා පිළිබඳ පැමිණිලි 1454 ක්ද ව්‍යාජ බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි 1062 ක්ද ලැබී තිබේ.
Chief Executive Officer of FECCA Mohammad Al-Khafaji speaking via Skype.
Federation of Ethnic Communities Councils of Australia CEO Mohammed Al-Khafaji. Source: SBS

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගේ දුර්වල ස්ථානයට පහර දීම

ඔස්ට්‍රේලියාවේ වංචාවලට හසුවන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය ඉතා බරපතල බව ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ කවුන්සිලයේ (FECCA) ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පැවසීය.

බහු සංස්කෘතික ප්‍රජාවන් මෙවැනි අපරාධවලට විශේෂයෙන් ගොදුරු විය හැකි බව ඔහු පැවසීය.

අදාළ වංචාකරුවන් දුර්වල තැනට පහර දෙන නිසා මිනිසුන් එයට අවනත වීමට උත්සාහ කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
Alex Walters යනු වික්ටෝරියානු ඇබොර්ජීනියානු නීති සේවයේ සිවිල් නීතිය සහ මානව හිමිකම් භාවිතය පිළිබඳ ප්‍රධාන කළමනාකාර නීතිඥයෙකි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ (ATO) නිලධාරීන් ලෙස පෙනී සිටින වංචාකරුවන්ට සාමාන්‍යයෙන් තම සේවාදායකයින් වැඩි වශයෙන් හසුවන බව පෙනී ගොස් ඇතැයි ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය යයි පවසමින් පබෙන රොබෝ ඇමතුම එම වංචා අතරින් බොහෝ පොදු වංචාව බව ද Alex Walters සඳහන් කළේය.

ඔබට ගෙවීමට හිඟ බදු මුදලක් ඇති බවත් එය නොගෙවුවහොත් සිරබත් කෑමට සිදුවන බවත් එම රොබෝ ඇමතුමෙන් පැවසේ.

තමන්ගේ අනන්‍යතාවය සොරකම් කර ඇති බවට ඇතැම් සේවාදායකයින් පවසන බවද Alex Walters සඳහන් කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වංචා පිළිබඳ දැනුවත්වීම සඳහා කුමක් කළ යුතුද?

COVID-19 වසංගතය මූලික සෞඛ්‍ය කරුණු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රජාවන් අතර දැනුවත් කිරීමේ වැදගත්කම ඉස්මතු කර ඇති බව FECCA සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පැවසීය.

වංචාවන් පිළිබඳ දැනුවත් කිරීම සඳහාද එයම කළ යුතු බව ඔහුගේ අදහස වේ.

"Scamwatch සහ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වැනි ආයතනවල ඇති තොරතුරු විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇති බව අපි දන්නවා. එම තොරතුරු තිබීම සහ ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි තුළට ඇතුළත් කිරීම ඉතා හොඳයි, නමුත් මිනිසුන්ට ඒවාට ප්‍රවේශ විය නොහැකි නම්, ඒවායින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැහැ." යනුවෙන් Mohammad Al-Khafaji පැහැදිලි කළේය.

වංචාවලින් වැළකීම පිළිබඳ ප්‍රජා සංවිධාන සමඟ හවුල්කාරිත්වයන් ගොඩනගා ගත යුතු බවත්, ඔවුන්ට සම්පත් සැපයිය යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Share

Published

Updated

By David Aidone, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service