Explainer

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ නිවාස කුලිය වැඩි කළහොත් ඊට එරෙහි වීමට ඔබට ඇති අයිතිවාසිකම් මොනවාද?

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ 2021 සංගණන දත්ත පෙන්වා දෙන පරිදි ඔස්ට්‍රේලියාවේ පවුල්වලින් තුනෙන් එකක් පමණ ජීවත් වන්නේ කුලී නිවාසවලය.

Rental Agreement

Rent costs soar up Source: Getty

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතිකය ක්‍රමිකව ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස නිවාස ණය සඳහා වන ආපසු ගෙවීමේ වාරිකයද ඊට සාපේක්ෂව වැඩි වෙමින් පවතී.

මෙය ප්‍රධාන හේතුවක් කරගනිමින් ඔස්ට්‍රේලියාවේ බහුතරයක් කුලී නිවාසවල නිවාස කුලිය ඉහළ දැමීමට අදාළ කුලී නිවෙස් හිමියන් කටයුතු කරගෙන යන බවක් අසන්නට හා පෙනෙන්නට ඇත.

මෙලෙස ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල නිවාස කුලිය වැඩිවීම දැනටමත් ජීවන වියදම සමඟ පොරබදමින් සිටින පවුල් මත විශාල පීඩනයක් ඇති කරයි.

මේ අතරේ පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි ප්‍රධාන නගර අටේම නිවාස කුලිය ඉහළ ගොස් ඇති බව 2022 සැප්තැම්බර් Domain නිවාස කුලී වාර්තාවේ දත්ත පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ 2021 සංගණන දත්ත පෙන්වා දෙන පරිදි ඔස්ට්‍රේලියාවේ පවුල්වලින් තුනෙන් එකක් පමණ ජීවත් වන්නේ කුලී නිවාසවලය.

2021 දී, වාර්තා කරන ලද දත්තවලට අනුව මිලියන 9.8ක පවුල්වලින් 31% ක් (මිලියන 2.9ක්) නිවාස කුලියට ගෙන තිබූ අතර බහුතරයක් (නිවාස මිලියන 2.4ක්) පෞද්ගලික කුලී නිවාස හිමියන්ගෙන් කුලියට ගෙන ඇත.
A bar chart showing how much houses cost to rent in each state

ඔස්ට්‍රේලියාව පුරා නිවාස කුලිය වැඩි වන්නේ ඇයි?

COVID-19 වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල නිවාස කුලිය පහළ ගියේය.

නව ඉල්ලුම සහ සැපයුමේ හිඟකම අඩු නිවාස පුරප්පාඩු අනුපාතවලට හේතු වන අතර ඒවා බොහෝ ප්‍රදේශවල පූර්ව COVID මට්ටම් ඉක්මවා යන බව පෙනේ.
කුලී නිවාස වෙළෙඳපොලට අඩුවෙන් නිවාස පැමිණීම හේතුවෙන් කුලී නිවෙස් හිමියන්ට නිවාස කුලිය වැඩි කිරීමට සහ තවමත් කුලී නිවැසියෙකු පහසුවෙන් සොයා ගැනීමට අවස්ථාව සපයයි.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතිකය 3.1% දක්වා යළි ඉහළ දැමීමත් සමග බොහෝ පළමු නිවාස ගැනුම්කරුවන්ට තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවට Canstar මුල්‍ය සංසන්දනාත්මක වෙබ් අඩවියේ ප්‍රධාන විචාරක Steve Mickenbecker පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

කොපමණ කාලයක් නිවාස කුලිය ඉහළ යනු ඇතිද?

නිවාස කුලිය කොපමණ කාලයක් අඛණ්ඩව ඉහළ යනු ඇත්ද යන්න පැහැදිලි නැති බව NSW හි කුලී නිවැසියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Leo Patterson Ross SBS ප්‍රවෘත්ති වෙත පැවසීය.

නව නිවසක් සොයා ගැනීමට ඇති අපහසුතාව, කුලී නිවසක් ලබා ගැනීම සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රමාණයක් නොමැතිවීම සහ කුලී නිවාස කාලයේදීම නිවාස කුලිය වැඩි කිරීම යන කරුණු පිළිබඳ අපහසුතාවට පත්ව සිටින මිනිසුන් වැඩි වැඩියෙන් තම සංවිධානය අමතන බව ඔහු ප්‍රකාශ කළේය.

කුලිය වැඩිවීමත් සමඟම ලැබෙන ඒ සියලු පීඩනයන් නිසා කුලී නිවැසියන් ඉතා කනස්සල්ලට පත්ව සිටින අතර තමන්ව දැනට ඉන්නා නිවසින් ඉවත් කිරීමට නිවාස හිමියාව පෙළඹවීම නවත්වා ගැනීම පිණිස අදාළ පීඩනයත් සමග එම නිවසේ අලුත්වැඩියාව සහ නඩත්තුව වැනි වෙනත් ගැටළු නිවෙස් හිමියාට වාර්තා නොකිරීමට කුලී නිවැසියන් තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
A bar chart showing the cost of units in each Australian capital city
Source: SBS

කුලී නිවැසියන් ඉහල යන නිවාස කුලියට එරෙහිව සටන් කරන්නේ කෙසේද?

කුලී නිවාස පුරප්පාඩු අඩු ප්‍රදේශයක ජීවත් වීමට අපේක්ෂා කරන්නේ නම් කුලී නිවැසියන් බොහෝ දුරට එම කුලී නිවාස වෙළඳපොලේ ගොදුරු බවට පත්වීමේ වැඩි ඉඩක් ඇති බව Mickenbecker පැවසීය.

"ඔබට කුලී නිවාස පුරප්පාඩු වැඩි ප්‍රදේශයක් සෙවිය හැකියි, එවිට ඔබ එම පීඩනයට හසු නොවන පරිදි, ඔබට නිවෙසක් සොයාගත හැකි සහ එය ඔබට ජීවත් වීමට පහසු ස්ථානයක් වේවි" යනුවෙන් ඔහු පැවසීය.
ඊට අමතරව, ඔබේ කල්බදු කාලය (lease) අවසන් වීමට පෙර හෝ ඔබ වෙනත් ස්ථානයකට යාමට තෝරා ගැනීමට පෙර හෝ ඔබට වඩා වැඩි කුලී මුදලක් ගෙවීමට සිදු විය හැකි බවද Mickenbecker පැහැදිලි කළේය.

'කෙසේවුවත්, ඉහළ යන නිවාස කුලීවල බලපෑමට එරෙහිව සටන් කිරීම පිණිස මිනිසුන්ට කළ හැකි බොහෝ දේ නැත යනුවෙන් NSW හි කුලී නිවැසියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Leo Patterson Ross පැවසීය.

කුලී නිවෙස් හිමියා ඔබේ නිවාස කුලිය වැඩි කළහොත් ඔබේ අයිතිවාසිකම් මොනවාද?

කුලී නිවැසියන් ඔවුන්ගේ විශේෂිත තත්ත්වයන් සඳහා නීතිමය විකල්පයන් විමසා බැලීමට තම ප්‍රාන්තයේ කුලී නිවැසියන්ගේ සංගමය හෝ ප්‍රජා නීති මධ්‍යස්ථානය හා සම්බන්ධ විය යුතු බව NSW හි කුලී නිවැසියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Leo Patterson Ross පැවසීය.

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල කුලී නිවාස සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින්, වෙළඳපල සහ නීති සැකසුම් කුලී නිවෙස් හිමියන්ට සහ දේපල කළමනාකරුවන්ට වැඩි කේවල් කිරීමේ සහ සාකච්ඡා කිරීමේ බලය ලබා දෙන බව ඔහු පැවසීය.
කුලී වැඩිවීමේ ප්‍රමාණය ඉවත් කිරීමට හෝ අඩු කිරීමට කුලී නිවෙස් හිමියාට අභිමතය ඇති බැවින් පළමු පියවර ලෙස කුලී නිවෙස් හිමියා සහ කුලී නිවැසියා අතර සාකච්ඡා කිරීම නිර්දේශ කෙරේ.

කුලී නිවැසියන්ට අදාළ විනිශ්චය සභාවට, කොමසාරිස්වරයාට හෝ ප්‍රාදේශීය උසාවියට අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් කුලීය වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තෝරා ගත හැකි බවද NSW හි කුලී නිවැසියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Leo Patterson Ross සඳහන් කළේය.

නමුත් කුලී වැඩිවීම ඉවත් කිරීම හෝ අඩු කිරීම සඳහා එම මාර්ගය 100% ක් සහතිකයක් සපයන්නේ නැත.


Share

Published

By Isabelle Lane, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ නිවාස කුලිය වැඩි කළහොත් ඊට එරෙහි වීමට ඔබට ඇති අයිතිවාසිකම් මොනවාද? | SBS Sinhala