SKIP TO MAIN CONTENT

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට සම්මාන හිමිවුවත් විශිෂ්ටතම ක්‍රීඩකයාට සම්මානයක් නැහැ

Sri Lanka Cricket award 2019
Sri Lanka Cricket award 2019 Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ වසරේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රිය පසුගිය අඟහරුවාදා (3 Dec) රාත්‍රියේදී පැවැත්විණ.

එහිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව වශයෙන් චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය. එහෙත් වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමීම සඳහා සුදුසු ක්‍රීඩකයකු ජාතික තේරීම් කමිටුවෙන් නිර්දේශ කර නොතිබීමද එහිදී විශේෂයෙන් කැපී පෙනුන සිදුවීමක් විය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවකට හිමිකම් කියන ලද ක්‍රීඩිකාව බවට පත්වූයේද 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වීම විශේෂත්වයක් විය. ඇය වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම 20 යි 20 ක්‍රිකට් පිතිකාරිණිය යන සම්මානද දිනාගත්තාය. 

 

පිරිමි අංශයයෙන් ලැබූ සම්මාන අතර ටෙස්ට් ක්‍රිකට් අංශය සඳහා වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු සම්මානය දිමුත් කරුණාරත්නට හිමිවිය. වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ඩිල්රුවන් පෙරේරා වුනු අතර වසරේ දක්ෂතම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් ධනංජය ද සිල්වා සම්මාන ලබා ගත්තේ ය.

 

එක්දින ක්‍රිකට් තරඟ සඳහා ලබාදුන් සම්මාන අතරින් අතරින් වසරේ දක්ෂතම එක්දින පිතිකරු ලෙසින් කුසල් ජනිත් පෙරේරා සම්මාන ලබා ගත්තේය. එසේම වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග සම්මාන ලබාගත් අතර වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා ලෙසින් තිසර පෙරේරා සම්මාන හිමිකර ගත්තේ ය

 

20 යි 20 තරඟ සඳහා ලබාදුන් සම්මාන අතර වසරේ දක්ෂතම පිතිකරු සම්මානය තිසර පෙරේරා හට හිමිවිය. එමෙන්ම වසරේ දක්ෂතම  20 යි 20 පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග ද දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ඉසුරු උදාන ද සම්මාන හිමිකරගත්හ.

 

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් පැතුම් නිස්සංක සම්මාන ලබාගත්තේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now