ඔස්ට්‍රේලියාව, දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ දැඩි අවදානමක පසුවන බවට රතු එළි (SBS සිංහල/ වාර්තා)

climate change

Source: AAP

පරිසරයට නිකුත් කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය 2018 වසරේදී වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ සංවිධානය පවසයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පසුගිය දශකය තුළ හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම සාමාන්‍ය අගයට වඩා ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවත් එනිසාම කාලගුණික රටාව වෙනස් කිරීමට එය බරපතල බලපෑමක් සිදුකරන බවද ඔවුන් පවසයි.

climate change
Source: Twitter

හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම

දේශගුණික විපර්යාසය සිදුවීම හිතන තරම් මන්දගාමී නොවන බවත් එනිසාම හරිතාගාර වායු විමෝචනය හැකි තරම් පහත හෙළිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වර්තමාන සහ අනාගත මිනිස් වර්ගයා උදෙසා මෙම පියවර ගත යුතු බව ඔවුහු අවධාරණය කරති.

ලෝක කාලගුණ සංවිධානයේ වාර්ෂික හරිතාගාර වායු සම්බන්ධ වාර්තාවට අනුව 2018 වසරේදී වායු ගෝලයට මුදා හැරුණු කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස 407.8 කි. එය 2017 වසරේදී මිලියනයකට කොටස 405.5 ක් ලෙස වාර්තා විය.

මෙම ඉහළ යාම පසුගිය දශකයේදී සාමාන්‍ය මධ්‍යන අගයට වඩා වැඩි බවද වාර්තා වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා තුනෙන් දෙකක්ම වග කිව යුතු වන්නේ කාබන් ඩයොක්සයිඩ්ය.

එම ලයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත්තේ මීතේන් ය.

ලෝක කාලගුණ සංවිධානයට අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට මීතේන් 17% ක වගකීමක් දරයි.

මෙහි තුන්වන ස්ථානයේ ඇත්තේ නයිට්‍රස් ඔක්සයිඩ් ය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට මෙය 6% ක දායකත්වයක් සපයයි.

climate change
Source: Twitter

දේශගුණික විපර්යාසයට ඔස්ට්‍රේලියාව මුහුණ දීමේ දැඩි අවදානමක

ගෝලීය වශයෙන් හරිතාගාර වායු විමොචනයේදී ඔස්ට්‍රේලියාව 1.3% කට වගකිව යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පරිසර දෙපාර්තමේන්තුව පවසයි.

වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ හරිතාගාර වායු විමොචනය 26-28% මට්ටමට පහත හෙලීමට ද මධ්‍යම රජය තීරණය කර ඇත.

නමුත් 53% ක් වැනි බහුතරයක් ඔස්ට්‍රේලියනුවන්ගේ මතය වී ඇත්තේ මධ්‍යම රජය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි වැඩි අවධානයක් ඉතා ඉක්මනින් යොමු කළ යුතු බවය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි පැතිරීම ශීග්‍රයෙන් ඉහළ යාමට දේශගුණික විපර්යාසය ප්‍රධානවම බලපෑ බව 42.9% ක ඔස්ට්‍රේලියනුවන් තරයේ විශ්වාස කරයි.

නමුත් එයට 39.9% ක ප්‍රතිශතයක් එකඟ නොවන බවද වාර්තා වේ.

පසුගිය මාසයෙන් අවසන් වූ ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 5 කම ලැව් ගිනි ඇතිවීම මෙම තත්ත්වයේ බරපතලකමට කදිම නිදසුනක් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

climate change
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now