ඔස්ට්‍රේලියාවට බහු සංස්කෘතිකත්වය ඉතා යහපත් බව බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් පිළිගන්නා අතරේ කැපී පෙනෙන පිරිසක් තවමත් මුස්ලිම් ජාතිකයින්ට විරෝධය පාන බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
සමාජ සම්බන්ධතා පිළිබඳ Scanlon පදනමේ 12 වන වාර්ෂික වාර්තාවෙන් මේ තොරතුරු හෙළි කර ඇත.

Source: AAP
සමාජ සම්බන්ධතා පිළිබඳ සමීක්ෂණය
2019 වසරේදී සිදුකළ මෙම සමීක්ෂණය ආශ්‍රිතව අවසන් වාර්තාව සකසනු ලැබුවේ මෙල්බර්න් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයෙනි.
එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 85% ක්ම ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වයට සහය පළ කර සිටි අතර 90% ක්ම කියා සිටියේ තමාගේ රට ලෙසම ඔස්ට්‍රේලියාව හැඟෙන බවය.
කෙසේනමුත් ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වයට සහය පළ කර සිටින අතරේ මුස්ලිම්වරුන්ට ඇති විරෝධය කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
සමීක්ෂණය සඳහා සම්බන්ධ කරගත් පිරිසට ප්‍රශ්න යොමු කිරීම දුරකතනයෙන් සහ සමීක්ෂණ ප්‍රශ්න පත්‍රිකා මගින් සිදු කර ඇත.
එහිදී දුරකතනය ඔස්සේ සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිසෙන් 21-25% පිරිස මුස්ලිම්වරුන් සම්බන්ධ ඍණාත්මක ප්‍රතිචාර දක්වා තිබේ.
එමෙන්ම තමන් විසින්ම සමීක්ෂණ ප්‍රශ්න පත්‍රිකා පිරවූ පිරිසෙන් 40% ක් පමණ මුස්ලිම්වරුන් සම්බන්ධ ඍණාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවද හෙළිවී ඇත.
මෙය 2018 වසරට සාපේක්ෂව ඉහළ යාමක් බවද සමීක්ෂණය මෙහෙයවුවෝ පවසති.

Source: AAP
විවිධ ආගම් සඳහා ඔස්ට්‍රේලියානුවාසීන්ගේ නොකැමැත්ත
මෙම සමීක්ෂණ වාර්තාවේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරනු ලැබුවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Andrew Markus ය.
මෙම සමීක්ෂණය 2017 වසරේ පටන් සිදුකරන බවත් මෙවර එය සිදුකරනු ලැබුවේ තුන්වන වරට බවත් ඔහු පවසයි.
එහිදී මුස්ලිම්වරුන්ට එරෙහිව ඔස්ට්‍රේලියානුවන් දක්වන ඍණාත්මක ආකල්පය ක්‍රමිකව කැපී පෙනෙන ලෙස වැඩිවෙමින් පවතින බවක් පෙනෙන්නට ඇති බව මහාචාර්ය Markus පෙන්වා දෙයි.
නමුත් ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු යන ආගමික කණ්ඩායම් වලට ඇති ඍණාත්මක ආකල්පය අඩු මට්ටමක පවතින බවත් එය එතරම් කැපී පෙනෙන වර්ධනයක් නොදක්වන බවත් ඔහු පැහැදිලි කරයි.
මෙවර තමන් විසින්ම සමීක්ෂණ පත්‍රිකා පුරවමින් සමීක්ෂණය සිදුකළ පිරිසෙන් ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු යන ආගමික කණ්ඩායම් වලට ඍණාත්මක ආකල්ප දැක්වූ පිරිස 5-10% ත් අතරේ පසුවූ නමුත් මුස්ලිම්වරුන්ට ඍණාත්මක ආකල්ප දැක්වූ පිරිස 40% ක් වැනි ඉතා ඉහළ මට්ටමක් පෙන්වූ බව මහාචාර්ය Andrew Markus, SBS පුවත් සේවයට පැවසීය.

Professor Andrew Markus is the report's author. Source: SBS
වෙනස්කොට සැලකීම ඉහළ යයි
"ඔබේ සමේ වර්ණය, ජන කණ්ඩායම් පසුබිම හෝ ආගම නිසා ඔබ පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේදී යම් වෙනස්කොට සැලකීමකට (discrimination) මුහුණ දුන්නාද?" යනුවෙන් ප්‍රශ්නයක් 2017, 2018 සහ මෙවර සමීක්ෂණයේදී පවා අඩංගු කර තිබුණේය.
ඒ අනුව එම ප්‍රශ්නයට "ඔව්" යනුවෙන් පිළිතුරු ලබා දුන් කණ්ඩායම 2017 පටන් 2019 වසර දක්වා 10% සිට 19% දක්වා වැඩිවී තිබේ.
එහිදී වෙනස්කොට සැලකීමකට භාජනය වූ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 42% ක් වූ බවත් හින්දුවරුන්ගේ ප්‍රතිශතය 38% ක් වූ බවත් පැවසේ.
ඔස්ට්‍රේලියාවේ මුස්ලිම්වරුන් 2006 සිට 2016 දක්වා 340,400 සිට 604,200 දක්වා ඉහළ ගොස් ඇති බවද සංගණන වාර්තා පෙන්වයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පවතින මෙම මුස්ලිම් විරෝධය සහ මුස්ලිම් විරෝධී ආකල්ප තුරන් කිරීමට මධ්‍යම රජය පියවර ගත යුතු බව Federation of Ethnic Communities' Councils of Australia හි ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පවසයි.

Source: SBS Sinhala
Read & Watch More

ඔස්ට්‍රේලියාවට සිදුවන විදේශීය බලපෑම් මැඩ පැවැත්වීම සඳහා නව ශ්‍රම බලකායක්.