ඔස්ට්‍රේලියාවේ Uber Eats සේවාවේ යෙදෙන පුද්ගලයින්ට සිදුවන්නට යන අලුත්ම දේ (SBS සිංහල/ වාර්තා)

Uber Eats

Source: SBS

Uber Eats සේවාවේ යෙදෙන පුද්ගලයින් Uber  ආයතනයේ සේවකයින් ලෙස සලකන ලෙස ප්‍රවාහන සේවකයින්ගේ වෘත්තීය සමිතිය වන Transport Workers Union (TWU) බල කර සිටියි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

Uber Eats සේවාවේ යෙදෙන පුද්ගලයින් සේවකයින් නොව ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් (independent contractor) බවට fair work නීතිය යටතේ සැලකීම මෙහිදී ප්‍රවාහන සේවකයින්ගේ වෘත්තීය සමිතිය විසින් අභියෝගයට ලක් කර තිබේ.
Uber Eats
Source: YouTube

සේවකයින් සහ ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්

Uber Eats සේවාවේ යෙදෙන්නන් සිය සේවාව ලබදෙන විටදී තමන් හට සිදුවන අක්‍රමිකතා සහ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් හමුවේ අසරණ වන බව ප්‍රවාහන සේවකයින්ගේ වෘත්තීය සමිතිය පවසයි.

ඇඩිලේඩ් නුවර Uber Eats සේවාවේ යෙදුණ අමිතා ගුප්තා හටද එවැනි අසාධාරණයකට මුහුණ දීමට සිදුව තිබේ.

පසුගිය ජනවාරි මාසයේ එක් ආහාර ඇනවුමක් ගෙන යාමේදී ඇය මිනිත්තු 10 ක් ප්‍රමාද වීම නිසා ඇයගේ Uber Eats සේවාවේ ඇගයීම් ප්‍රතිශතය (rating) 85%ට වඩා පහත වැටුණි.

එම මට්ටම Uber සමාගමේ නිර්දේශිත ඇගයීම් මට්ටමට වඩා පහත අගයක් ගැනීම හේතුවෙන් Uber Eats සේවාවෙන් ඇයව නෙරපා ඇත.

මෙම තීන්දුවට එරෙහිව ඇය Fair Work කොමිසමට පැමිණිල්ලක් කර ඇති අතර එහි කොමසාරිස් Peter Hampton එය අගෝස්තු මාසයේදී ප්‍රතික්ෂේප කර තිබුණි.

එහිදී ඔහු පවසා තිබුණේ අමිතා ගුප්තා යනු Uber Eats සේවාවේ සේවිකාවක් නොව ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු බවය.
Uber Eats
Source: Flickr

ප්‍රවාහන සේවකයින්ගේ වෘත්තීය සමිතිය අභියෝග කරයි

අමිතා ගුප්තා ගේ මෙම පැමිණිල්ල නැවතත් සම්පූර්ණයෙන් විභාගයට ගන්නා ලෙස පසුව ප්‍රවාහන සේවකයින්ගේ වෘත්තීය සමිතිය Fair Work කොමිසමෙන් ඉල්ලා තිබේ.

ඇය විසින් Uber Eats සේවාවේ නිරත වූ දීර්ග කාලීන පැය ගණන ඇය එහි සේවකයකු ලෙසට සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සපයන බව ඔවුන් පෙන්වා දී තිබේ.

නිදහස් රැකියා ලෙස සැලකෙන gig ආර්ථිකයට අයත් සියලුම රැකියා කරන පුද්ගලයින්ට මෙම අර්බුදයට මුහුණ දීමට සිදුවී ඇත.

එක් සතියකදී අමිතා තම Uber Eats app එකට පැය 96 ක් ලොග්වී සේවය කරමින් ඩොලර් 300 ක් පමණක් උපයා තිබුණි.

නමුත් එක් ඇනවුමක් බාරදීමේදී ඇය මිනිත්තු 10 ක් ප්‍රමාද වීම නිසා ඇයව සේවයෙන් නෙරපීමට පියවර ගෙන තිබුණි.

Uber  ආයතනයට අනුව Uber Eats සේවාව ලබා දීමේදී ඇනවුම බාර දීමට නිශ්චිත කාලයක් සටහන් කර නොමැති බව අමිතාගේ සැමියා වන සන්තෝෂ් ගුප්තා පවසයි.

එලෙස නිශ්චිත කාල වේලාවක් ප්‍රකාශයට පත් කර නොමැතිනම් අමිතා ප්‍රමාද වූ බව පවසමින් ඇයව සේවයෙන් නෙරපුයේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි.

මේ නිසාම Uber Eats සේවාවේ ජංගම දුරකතන app එක හරහා එම සේවකයින්ව සූරා කෑම නවත්වන ලෙසද ප්‍රවාහන සේවකයින්ගේ වෘත්තීය සමිතිය Fair Work කොමිසමෙන් ඉල්ලා තිබේ.
SBS Sinhalese
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: The Feed

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service