පසුගිය නොවැම්බර් 16 වන දින හඳුන්වාදුන් ඔස්ට්‍රේලියාවේ Skilled Work Regional (Provisional) 491 නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය සඳහා අයදුම් පත් බාරගැනීම ටස්මේනියා ප්‍රාන්තය ආරම්භ කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ පිළිබඳව ටස්මේනියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබේ.

Source: www.migration.tas.gov.au
Skilled Work Regional (Provisional) වීසා (subclass 491)
මෙම 491 වීසා හරහා වසර 5 ක කාලයක් ටස්මේනියානු ප්‍රාන්තයේ වාසය කරමින් පූර්ණ කාලීන රැකියා කිරීමට අවසරය ලැබේ.
මෙම වීසාව සඳහා expression of interest (EOI) එකක් යොමු කිරීමට ඔබට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති ආකාරයට අවම වශයෙන් ලකුණු 65 ක් තිබිය යුතු වේ.
මෙහිදී ප්‍රාන්ත අනුග්‍රහයක් ලෙස ටස්මේනියානු ප්‍රාන්ත රජයෙන්ද ඔබට අමතර ලකුණු 15 ක් පිරි නැමෙනු ඇත.
මෙම 491 වීසාව හිමිවීමෙන් පසුව ඔබ නොකඩවා වසර තුනක් ටස්මේනියානු ප්‍රාන්තයේ වාසය කරමින් පූර්ණ කාලීන රැකියා කළහොත් ඔබට 191 Skilled Regional වීසාව හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකිවේ.
නමුත් ඒ සඳහා ඔබ පෙර කී වසර තුනේදී වර්ෂයකට අවම ලෙස $53,900 ක වාර්ෂික ආදායමක් (ආදායම් බදු සහිත) ලබා තිබිය යුතුය.

migrant taxpayers earned more than the average level of all Australian Source: AAP
අයදුම් කරන්නේ කෙලෙසද?
491 වීසා සඳහා ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අයදුම් කිරීම සහ 491 වීසාව සඳහා අයදුම් කිරීම එකිනෙකට වෙන්වූ ක්‍රියාවලි දෙකකි.
491 වීසා සඳහා ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට යොමු කරන අයදුම්පත සලකා බැලෙනුයේ ටස්මේනියා ප්‍රාන්ත රජය විසිනි.
නමුත් 491 වීසාව සඳහා යොමු කරන අයදුම්පත සලකා බැලෙනුයේ ස්වදේශ කටයුතු දෙපාරතමේන්තුව (Home Affairs) විසිනි.
අයදුම්පත් සලකා බැලීමට ගතවන කාලය අයදුම්පතේ නිවැරදිභාවය සහ ගුණාත්මකභාවය මත වෙනස් වේ.
අදාළ තොරතුරු සියල්ල ඉතා නිවැරදිව ඉදිරිපත් කරන අයදුම්පත් හැකි ඉක්මණින් සලකා බලෙන බවද සඳහන්.

Source: Getty Images
අවශ්‍ය සුදුසුකම්
ටස්මේනියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට පහත සඳහන් සුදුසුකම් ඔබ විසින් සැපිරිය යුතු වේ.
වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය.
ඔබ නිර්දේශ කරන රැකියාව/වෘත්තීය ටස්මේනියා ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලයිස්තුවේ තිබිය යුතුය.
ඔබ නිර්දේශ කරන රැකියාව/වෘත්තීයට අදාළව වලංගු නිපුණතා ඇගයීමක් (skills assessment) තිබිය යුතුය.
ඔබ නිර්දේශ කරන රැකියාව/වෘත්තීයට නියම කෙරුණු ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
ස්වදේශ කටයුතු දෙපාරතමේන්තුව (Home Affairs) විසින් සඳහන් කර ඇති පරිදි අවම ලකුණු 65 ක් තිබිය යුතුය.
එමෙන්ම ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට ඔබට ටස්මේනියා ප්‍රාන්ත රජය ඉදිරිපත් කර ඇති සුදුසුකම් ද සැපිරිය යුතු වේ.

These interim allocations will be updated after the Budget is handed down in October. Source: AAP
ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම්
ජාත්‍යන්තර සිසුන්ට සහ ටස්මේනියා ප්‍රාන්තයේ ජීවත් වෙමින් රැකියා කරන යට ටස්මේනියා ප්‍රාන්ත අනුග්‍රහය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් පහත පරිදි වේ.
Category 1 – Tasmanian graduate
ටස්මේනියා ප්‍රාන්තයේ ලියා පදිංචි කළ විශ්ව විද්‍යාලයකින් හෝ අධ්‍යාපන ආයතනයකින් උපාධියක්, ඩිප්ලෝමාවක් හෝ තුන්වන මට්ටමේ සහතික පත්‍ර පාඨ මාලාවක් සම්පූර්ණ කර තිබීම.
එම පාඨ මාලාව අවම වශයෙන් සති 40 ක අධ්‍යන කාලයකට යටත්ව පුරා වසරක කාලයක් විය යුතුය.
එය පූර්ණ කාලීන මෙන්ම ටස්මේනියා ප්‍රාන්තය තුළ සිට සම්පූර්ණ කළ යුතු පාඨ මාලාවක් විය යුතුය.
ඔබේ පාඨ මාලා කාලය තුළ අවම වශයෙන් ඔබ ටස්මේනියා ප්‍රාන්තය තුළ වසරක කාලයක් වාසය කළ යුතු වීම.
ඔබෙන් යැපෙන යම් පුද්ගලයෙකු වෙතොත් ඔවුන්ද ටස්මේනියා ප්‍රාන්තයේ වාසය කරන බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය.

Source: Flickr
Category 2 – Working in Tasmania
ටස්මේනියා ප්‍රාන්ත රජයේ අනුග්‍රහය ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් මාස 6 කට පෙර සිට හෝ ඔබ ටස්මේනියා ප්‍රාන්තයේ රැකියාවක නිරත විය යුතුය.
ඔබේ නිර්දේශිත රැකියා/වෘත්තියේම (nominated occupation) ඔබ රැකියා කළ යුතු නැත.
ඔබේ රැකියාව සතියකට අවම පැය 35 ක් ආවරණය වන පරිදි පූර්ණ කාලීන රැකියාවක් හෝ අර්ධ කාලීන රැකියා දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත විය යුතුය.
ඒ සඳහා වන සාක්ෂි ඔබ විසින් ඉදිරිපත් කළ යුතුය.
ඔබ සහ ඔබෙන් යැපෙන යම් පුද්ගලයෙකු වෙතොත් ඔවුන්ද ටස්මේනියා ප්‍රාන්තයේ වාසය කරන බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය.
ඔබ සේවය කරන ආයතනය හෝ ව්‍යාපාරය පසුගිය මස 12 තුළ ටස්මේනියා ප්‍රාන්තයේ හොඳින් ස්ථාපිත වූ සහ මේ වන විට මනාව ක්‍රියාත්මක වන එකක් විය යුතුය.
ස්වේච්ඡා සේවය, ශිෂ්‍යත්ව, internships, stipends යන අවස්ථා රැකියා ලෙස ගණන් නොගැනෙයි.
මේ අතර ‘Working in Tasmania’ ඛාණ්ඩයෙන් ටස්මේනියා ප්‍රාන්තයේ අනුග්‍රහය ලබා ගැනීම සඳහා සුදුසුකම් නොලබන රැකියා ක්ෂේත්‍ර ලෙස (non-skill shortage) පහත ඒවා නම් කර තිබේ.
- supermarkets
- service stations
- limited-service restaurants** (cooks, chefs and café / restaurant managers)
- massage clinics
- taxi/uber driving
Limited-service restaurant සඳහා පහත ඒවා අඩංගු වේ.
- fast food or takeaway food services
- fast-casual restaurants
- drinking establishments that offer only a limited food service
- limited service cafes including, but not limited to, coffee shops or mall cafes
- limited-service pizza restaurants

Source: SBS Sinhala