ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳව බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් හට ධනාත්මක දැක්මක් ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවක් පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ නිවාස මිල ගණන් නැවත ඉහළ යනු ඇතැයි බොහොමයක් ඔස්ට්‍රේලියානුවාසීන් හට විශ්වාසයක් ඇති බවද එහිදී පෙනී ගොස් තිබේ.

සමීක්ෂණය
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ පිළිබඳ මෙම සමීක්ෂණය සිදුකරන ලද්දේ ME බැංකුව විසිනි.
එම සමීක්ෂණයේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ නිවාස මිල ගණන් නැවත ඉහළ යමින් පවතින බව පෙනී ගොස් ඇත.
වර්තමාන නිවාස වෙළෙඳ පොළ පිළිබඳ තමන් සෑහීමකට පත්වන බව මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 42% ක් පවසා ඇත.
එය පසුගිය කාර්තුවේ ප්‍රතිශතයට වඩා 9% ක ඉහළ යාමකි.
එමෙන්ම පර්ත් හැර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් සෑම ඔස්ට්‍රේලියානු ප්‍රධාන නගරයක්ම වර්තමාන නිවාස වෙළෙඳ පොළ පිළිබඳ දක්වන්නේ සාධනීය දැක්මකි.

නිවාස මිල නැවත ඉහළ නැගීම
පසුගිය කාලයේදී වැටී තිබුණු ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් නැවත ඉහළ යමින් පැවතීමට ප්‍රධාන හේතු කිහිපයක් මෙම සමීක්ෂණයෙන් හඳුනාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට ඒවා පහත පරිදි වේ.
- පොළී අනුපාතික පහත හෙළීම.
- ප්‍රධාන නගර වල auction clearance ප්‍රතිශතය ඉහළ යාම.
පසුගිය මාස වල නිවාස මිල නැවත ඉහළ නැග්මේදී සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල ගණන් ඉහළ යමින් පැවතීම සුවිශේෂී ලෙස කැපී පෙනෙන්නට ඇත.
ඉතා ඉක්මණින් නිවාස මිල යථා තත්ත්වයට පත්වූ ප්‍රධාන නගරය ලෙස සිඩ්නි නුවර හැඳින්වෙන බවද පැවසේ.

මිලට ගැනුම් සහ විකුණුම්
නිවාස මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටින පිරිස 2% කින් ඉහළ ගොස් ඇති බව ME බැංකුවේ මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම නිවාස අලෙවි කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිස 4% කින් ඉහළ ගොස් ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් අලෙවිය සඳහා ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළට ඇතුළත් වන නිවාස ප්‍රමාණයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බවත් සඳහන්.

තරුණ පරපුරට දොර වැසෙයි
නිවාස වෙළෙඳ පොළේ මිල ගණන් ඉහළ යාම තරුණ පරපුරට යම් අසුබදායී පුවතක් වන බව නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
විශේෂයෙන්ම පළමු නිවාසය මිලට ගන්නන් හට මෙය සැලකිය යුතු ලෙස බලපානු ඇත.
මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති නවතම Finder සමීක්ෂණයට අනුව තම නිවාසය අලෙවි කිරීමට දැන් සුදුසුම කාලය බව තරුණ පිරිස් වලට වඩා වියපත් ඔස්ට්‍රේලියානුවාසීන් සිතන බව පෙනී ගොස් ඇත.
කෙසේවෙතත්, නිවාසයක් මිලට ගන්නා බහුතරයක් තරුණ පිරිස් හට ඉහළ වැටුපක් සහිත රැකියාවක් තිබිය යුතු වීම අත්‍යවශ්‍යම සාධකයකි.
නැතහොත් ඔවුන්ට සිය පවුලෙන් ආර්ථික සහයක් අනිවාර්යෙන්ම ලැබිය යුතුය.
කෙසේවෙතත්, ලබන වසරේ මුල සිට ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ හැසිරීම නියමාකාරයෙන් වටහාගැනීමට හැකිවෙතැයි ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ බොහෝ ප්‍රවීණයෝ පවසති.


