මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු ඔස්ට්‍රේලියාවේ suburbs මෙන්න (SBS සිංහල/ වාර්තා)

Australia Housing Market

Source: AAP

ඔස්ට්‍රේලියාවේ තමාටම කියා නිවසක් මිලට ගැනීම හෝ ඉදි කිරීම ඔස්ට්‍රේලියාවේ වාසය කරන සෑම දෙනාටම පාහේ ඇති සිහිනයකි.

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ ඇති මිල ගණන් අධික වීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ එම සිහිනය දිනෙන් දින කල් යයි.

ඒ අතරේ ඔබට සුබ ආරංචියක් දැනුම් දීමට තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

කුලී නිවාසයක ජීවත් වන ඔබගේ මාසික නිවාස කුලියට වඩා නිවසක් මිලට ගෙන ඒ සඳහා ගෙවන මාසික නිවාස ණය වාරිකය අඩු ඔස්ට්‍රේලියාවේ suburbs හෙවත් උප නගර සංඛ්‍යාව වැඩිවී ඇත.

ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබේ.

Australia Housing Market
Source: AAP

නිවාස කුලියට වඩා නිවාස ණය වාරිකය අඩුවීම

පසුගිය සැප්තැම්බර් මාසය වන විට මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු උප නගර 325 ක් ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වූ බව නවතම Domain දත්ත වාර්තා කරයි.

ඉන් 123 ක් ම ඇත්තේ බ්‍රිස්බේන් නුවර ආශ්‍රිතව වීම සුවිශේෂී කරුණකි.

පසුගිය ජුනි මාසයේදී මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු උප නගර ප්‍රමාණය සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වූයේ 150 කි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වශයෙන් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු උප නගර ප්‍රමාණය පහත වගුවෙන් දැක්වෙයි.

Australia Housing Market
Source: AAP

මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු උප නගර

සිඩ්නි කලාපය

නිවසක් මිලට ගන්නවානම් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු සිඩ්නි කලාපයේ ඇති එකම උප නගරය ලෙස Erina වාර්තා වේ.

එහිදී සතියකට ඔබට $44 ක් ඉතිරිවන බව සඳහන්.

එමෙන්ම unit මාදිලියේ නිවසක් කුලියට ගැනීමට වඩා unit මාදිලියේ නිවසක් ගැනීම සඳහා මාසික නිවාස ණය වාරිකය අඩු උප නගර 7 ක් සිඩ්නි කලාපයෙන් වාර්තා වේ.

ඒවා Barangaroo, Mount Druitt, Lakemba, Blacktown, Kingswood, Wyoming සහ Ropes Crossing ලෙස දැක්වේ.

මෙල්බර්න් කලාපය

නිවසක් මිලට ගන්නවානම් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු මෙල්බර්න් කලාපයේ උප නගර 19 ක් වාර්තා වේ.

නමුත් ඒ සියල්ලම unit මාදිලියේ නිවාස සඳහාය.

මෙල්බර්න් CBD, Carlton, Southbank, Docklands යන උප නගර මෙන්ම Maddingley සහ Bacchus Marsh ද ඒ අතර වේ.

Il mercato immobiliare australiano è stato colpito dal coronavirus
Il mercato immobiliare australiano è stato colpito dal coronavirus . Source: AAP

බ්‍රිස්බේන් කලාපය

නිවසක් මිලට ගන්නවානම් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු බ්‍රිස්බේන් කලාපයේ උප නගර 69 ක් වාර්තා වන අතර unit මාදිලියේ නිවාස සඳහා උප නගර 54 ක් වාර්තා වේ.

North Booval, Crestmead, Longanlea, Woodridge, Brendale, Beenleigh ඒ අතර ප්‍රධාන උප නගර වේ.

ඇඩිලේඩ් කලාපය

නිවසක් මිලට ගන්නවානම් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු ඇඩිලේඩ් කලාපයේ උප නගර 55 ක් වාර්තා වන අතර unit මාදිලියේ නිවාස සඳහා උප නගර 10 ක් වාර්තා වේ.

North Adelaide, Elizabeth Downs, Elizabeth North ඒ අතර ප්‍රධාන උප නගර වේ.

Australia Housing Market
Source: AAP

පර්ත් කලාපය

නිවසක් මිලට ගන්නවානම් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු පර්ත් කලාපයේ උප නගර 53 ක් වාර්තා වන අතර unit මාදිලියේ නිවාස සඳහා උප නගර 14 ක් වාර්තා වේ.

Stratton, Medina, Leda ඒ අතර ප්‍රධාන උප නගර වේ.

කැන්බරා කලාපය

නිවසක් මිලට ගන්නවානම් මාසික නිවාස කුලියට වඩා මාසික නිවාස ණය වාරිකය අඩු කැන්බරා කලාපයේ උප නගර 05 ක් වාර්තා වන අතර unit මාදිලියේ නිවාස සඳහා උප නගර 18 ක් වාර්තා වේ.

Lawson, Coombs, Macgregor, Ngunnawal, Dunlop, Harrison, Barton, Franklin සහ Bruce ඒ අතර ප්‍රධාන උප නගර වේ.

Australia Housing Market
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now