ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය පහළම අගයට වැටෙයි (SBS සිංහල/ වාර්තා)

'Aumento justo del salario mínimo': el gobierno australiano no especifica el porcentaje en su petición

'Aumento justo del salario mínimo': el gobierno australiano no especifica el porcentaje en su petición Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය පහළම අගයට වැටී ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳ පොළේ උදාසීනත්වය මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මහා භාණ්ඩාගාරය චෝදනා කරයි.
Australian annual wage growth
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය

පසුගිය සැප්තැම්බර් කාර්තුවේදී ඔස්ට්‍රේලියානු වැටුප් මිල දර්ශකය 0.5% කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පසුගිය සතියේදී වාර්තා කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය 2.2% ක් ලෙස දැක්විණි.

පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය 2.3% මට්ටමේ පැවති බවත් ඒ අනුව ගතවූ වසරක කාලය තුළ එහි පහළම අගයට ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය වැටී ඇති බවත් The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය කාර්තුවේදී පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය 0.5% කින් සිදුව ඇති බවත් ඒ අනුව පුද්ගලික අංශයේ වාර්ෂික වැටුප් වර්ධන ප්‍රතිශතය 2.1% ක් ලෙස පවතින බවත් වාර්තා වේ.

මේ අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම පසුගිය කාර්තුවේදී 0.5% ක් ලෙස පැවති අතර එහි වාර්ෂික වැටුප් වර්ධන ප්‍රතිශතය 2.5% ක් ලෙස සටහන් විය.
Almost 60,000 businesses had signed up for the scheme within hours of it being announced on Monday afternoon.
Almost 60,000 businesses had signed up for the scheme within hours of it being announced on Monday afternoon. Source: AAP

බඩු මිල වැඩි වීමේ වේගයට වඩා වැටුප් වර්ධන වේගය තවමත් ඉදිරියෙන්

ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමේ වේගයට වඩා වැටුප් වර්ධන වේගය තවමත් ඉදිරියෙන් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන ලෙස වැටුප් වර්ධනය සිදුවූ ක්ෂේත්‍ර ලෙස සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍ර දැක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැටුප් වර්ධනය 3% ක් වැනි කැපී පෙනෙන අගයක් ගත් බවත් ඔස්ට්‍රේලියාව පුරාම එම ක්ෂේත්‍රයේ ශක්තිමත් රැකියා වර්ධනයක් තිබු බවත් වාර්තා විය.

මේ අතර සිල්ලර සහ නිෂ්පාදන ක්ෂේත්‍ර වල වැටුප් වර්ධනය 2% මට්ටමට වඩා අඩු මට්ටමක පැවති බවද සඳහන්.

ලබන මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධන ප්‍රතිශතය 3.25% කට ඉහළ නගිනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරය අපේක්ෂා කරයි.

ඊට පසු වර්ෂයේදී එම අගය 3.5% ක් ගනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරයි.

පසුගිය වසරේදී ඉහළම වැටුප් වර්ධනයක් දක්නට ලැබෙන ප්‍රාන්තය ලෙස වික්ටෝරියානු ප්‍රාන්තය වාර්තා වන අතර එහි අගය 2.8% කි.

අඩුම වැටුප් වර්ධනයක් සිදුව ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වන අතර එම අගය 1.6% කි.
Australian annual wage growth
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service