ඔස්ට්‍රේලියාවේ නව Regional Visa වලට වික්ටෝරියානු ප්‍රාන්තය ලබන සඳුදා සිට විවෘත වන අතරේ අනෙකුත් ප්‍රාන්ත තවමත් නිහඬයි (SBS සිංහල/ වාර්තා)

NSW announced that they will commence the 491visa program from Feb 2021

NSW announced that they will commence the 491visa program from Feb 2021 Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නව Regional Visa හෙවත් ප්‍රාදේශීය වීසා හෙට දිනයේදී (16/11) නිල වශයෙන් දියත් කෙරෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව 491 සහ 494 යන වීසා උප ඛාණ්ඩ ද්විත්වය මෙම නව ප්‍රාදේශීය වීසා යටතේ හෙට සිට නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
New Regional Visa
Source: Department of Home Affairs

නව ප්‍රාදේශීය වීසා

මෙම නව ප්‍රාදේශීය වීසා අදාළ වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට සහ සේවය කිරීමට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.

මෙම නව ප්‍රාදේශීය වීසා පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ 2 කි.

Skilled Employer Sponsored Regional (Provisional) visa - subclass 494

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක ක්‍රියාත්මක සේවයෝජකයෙකුගේ අනුග්‍රහය යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.

Skilled Work Regional (Provisional) visa - subclass 491

අදාළ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ නිර්දේශය මත හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීමට සහ සේවය කිරීමට සුදුසුකම් ලැබූ පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.
New Regional Visa
Source: Pixabay

කොන්දේසි

මේ සඳහා අයදුම් කිරීමට ඔබ වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය.

එමෙන්ම අදාළ වීසා උප ඛාණ්ඩයට සරිලන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.

491 වීසා උප ඛාණ්ඩය සඳහා නම් ඔබේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන නිපුණතා ඇගයීමක් ඔස්ට්‍රේලියාවෙන් ලබාගත යුතුය.

වසර 5 ක් දක්වා වූ වලංගු කාලයකට මෙම වීසා හිමිවන අතර මෙය පූර්ණ කාලීන රැකියා වීසාවක් වේ.

එමෙන්ම මෙම නව  ප්‍රාදේශීය වීසා හිමි පුද්ගලයින්ට අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

මෙම නව  ප්‍රාදේශීය වීසා සඳහා එම ස්ථිර පදිංචි වීසා වැඩසටහන 2022 නොවැම්බර් මාසයේදී ආරම්භ වේ.
එහිදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා තමන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් සේවය කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුවේ.

මෙම නව ප්‍රාදේශීය වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අයදුම් කිරීමේදී ඔවුන් අවම වශයෙන් වසර 3ක් අදාළ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් පූර්ණ කාලීනව රැකියා කළ යුතු වේ.

එහිදී වාර්ෂික අවම වැටුප $53,900 ක් (බදු සහිතව) ලෙසට විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
New Regional Visa
Source: AAP

491 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තය විවෘත වෙයි

491 වීසා නිර්දේශ අයදුම්පත් සඳහා එළඹෙන නොවැම්බර් 18 වන දින පෙරවරු 9 සිට වික්ටෝරියානු ප්‍රාන්තය විවෘත වන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර යොමු කරන EOI නොමිලයේ යොමු කළ හැකි බවද ඔවුන් දැන්ව සිටියි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට එක් විශේෂිත කොන්දේසියක් පනවා තිබේ.

එනම් අදාළ ප්‍රාදේශීය කලාපයේ ක්‍රියාත්මක සේවායෝජකයෙකුගෙන් සේවායෝජකත්වය ලබාදෙන බවට හෝ සේවය කරමින් පසුවන බවට තහවුරු කළ ලිපියක් (current offer of employment) ඉදිරිපත් කළ යුතු වේ.

මෙම සේවායෝජකත්වය වික්ටෝරියානු ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලයිස්තුවේ ඔබේ නිර්දේශිත රැකියාව/ වෘත්තීය හා සමාන රැකියාවක් විය යුතුය.

එම රැකියාව පූර්ණ කාලීන රැකියාවක් (සතියකට පැය 38ක්) විය යුතු අතර අවම වශයෙන් මාස 12 ක කොන්ත්‍රාත් කාලයකට යටත් විය යුතුය.
New Regional Visa
New Regional Visa Source: SBS

අනෙකුත් ප්‍රාන්ත තවමත් නිහඬයි

මෙම නව ප්‍රාදේශීය වීසා හෙට දිනයේදී දියත් කෙරන නමුත් වික්ටෝරියා ප්‍රාන්ත හැර අනෙකුත් සෑම ප්‍රාන්තයක්ම පාහේ තවමත් තම ප්‍රාන්ත වලට අදාළ නිශ්චිත තොරතුරු ලබා දී නොමැත.

වික්ටෝරියා ප්‍රාන්තය පවා ඒ සම්බන්ධව ඇති ප්‍රාදේශීය නිපුණතා රැකියා ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි වලට වෙන් වෙන්වූ ප්‍රාදේශීය නිපුණතා රැකියා ලැයිස්තු මෙම නව ප්‍රාදේශීය වීසා සමග එළිදක්වන බව මීට පෙර කියැවුණි.

නමුත් එවැනි ප්‍රාදේශීය නිපුණතා රැකියා ලැයිස්තු පිළිබඳ හෝ එම වීසා සඳහා සුදුසුකම් ලබන ආකාරය පිළිබඳ පූර්ණ නිශ්චිත තොරතුරු තවමත් බොහෝ ප්‍රාන්ත එළිදක්වා නොමැති බවද වාර්තා වේ.
New Regional Visa
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ නව Regional Visa වලට වික්ටෝරියානු ප්‍රාන්තය ලබන සඳුදා සිට විවෘත වන අතරේ අනෙකුත් ප්‍රාන්ත තවමත් නිහඬයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala