ඔස්ට්‍රේලියාවේ නිවාස මිල අධිකම සහ අඩුම suburbs මෙන්න (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ මිල ගණන් පිළිබඳව නැවතත් දැඩි ලෙස කතාබහ වන්නට පටන් ගෙන තිබේ.

දීර්ග කාලයක් මිල ගණන් පහත වැටී තිබූ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ නැවත වරක් නැග්මක් පෙන්වන බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අතරේ නිවසක් මිලට ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ මිල අධිකම සහ මිල අඩුම උප නගර (suburbs) පිළිබඳව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය අනාවරණය කර ඇත.

Australia Housing Market
Source: AAP

සිඩ්නි කලාපය

සිඩ්නි කලාපයේ නිවාස මිල අධිකම උප නගරය ලෙස සටහන් වන්නේ Vaucluse වන අතර එහි නිවාසයක මධ්‍යන මිල $6,042,500 ක් ලෙස Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම සිඩ්නි කලාපයේ නිවාස මිල අඩුම උප නගරය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Central Coast හි San Remo වාර්තා වේ.

එහි නිවාසයක මධ්‍යන මිල $429,000 ක් ලෙස සඳහන්.

මෙල්බර්න් කලාපය

මෙල්බර්න් කලාපයේ නිවාස මිල අධිකම උප නගරය ලෙස සටහන් වන්නේ Toorak වන අතර එහි නිවාසයක මධ්‍යන මිල ඩොලර් මිලියන 3.025 කි.

මේ අතර මෙල්බර්න් කලාපයේ නිවාස මිල අඩුම උප නගරය ලෙස Melton වාර්තාවන අතර එහි නිවාසයක මධ්‍යන මිල $387,000 ක් ලෙස සඳහන්.

මෙය first-home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් අතර ඉතා ප්‍රසිද්ධ බවද වාර්තා වේ.

Australia Housing Market
Source: AAP

බ්‍රිස්බේන් කලාපය

බ්‍රිස්බේන් කලාපයේ නිවාස මිල අධිකම උප නගරය ලෙස සටහන් වන්නේ New Farm වන අතර එහි නිවාසයක මධ්‍යන මිල $1,462,500 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම බ්‍රිස්බේන් කලාපයේ නිවාස මිල අඩුම උප නගරය ලෙස Woodridge වාර්තා වේ.

එහි නිවාසයක මධ්‍යන මිල $311,000 ක් ලෙස සඳහන්.

පර්ත් කලාපය

පර්ත් කලාපයේ නිවාස මිල අධිකම උප නගරය ලෙස සටහන් වන්නේ Dalkeith වන අතර එහි නිවාසයක මධ්‍යන මිල ඩොලර් මිලියන 2.12 කි.

මේ අතර පර්ත් කලාපයේ නිවාස මිල අඩුම උප නගරය ලෙස Armadale වාර්තාවන අතර එහි නිවාසයක මධ්‍යන මිල $220,000 ක් ලෙස සඳහන්.

පර්ත් නගර මධ්‍යයේ සිට මිනිත්තු 40 ක පමණ දුරින් Armadale පිහිටා තිබේ.

Australia Housing Market
Source: AAP

ඇඩිලේඩ් කලාපය

ඇඩිලේඩ් කලාපයේ නිවාස මිල අධිකම උප නගරය ලෙස සටහන් වන්නේ Somerton Park වන අතර එහි නිවාසයක මධ්‍යන මිල $958,500 ක් ලෙස Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම ඇඩිලේඩ් කලාපයේ නිවාස මිල අඩුම උප නගරය ලෙස Elizabeth Downs වාර්තා වේ.

ඇඩිලේඩ් නුවර සිට කිලෝ මීටර් 29 ක් පමණ එපිටින් පිහිටි මෙහි නිවාසයක මධ්‍යන මිල $195,000 ක් ලෙස සඳහන්.

ටස්මේනියා කලාපය

ටස්මේනියා කලාපයේ නිවාස මිල අධිකම උප නගරය ලෙස සටහන් වන්නේ Sandy Bay වන අතර එහි නිවාසයක මධ්‍යන මිල $890,000 කි.

මේ අතර ටස්මේනියා කලාපයේ නිවාස මිල අඩුම උප නගරය ලෙස Huonville වාර්තාවන අතර එහි නිවාසයක මධ්‍යන මිල $355,000 ක් ලෙස සඳහන්.

Australia Housing Market
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now