ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් වල අධ්‍යාපනයට වඩා පුද්ගලික පාසල් වල අධ්‍යාපනය පිළිබඳ දෙමාපියන් වඩාත් තෘප්තිමත් බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Australian School Education

Source: Getty Images

රජයේ පාසල් වලට වඩා පුද්ගලික පාසල් වල දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතිනවා යනුවෙන් සමාජය තුළ ප්‍රසිද්ධ මතයක් පවතී.

මෙම මතය සෑම රටකම පාහේ දක්නට හැකි අතර ඔස්ට්‍රේලියාවේද සැලකිය යුතු ලෙස එය බොහෝ දෙමාපියන්ගේ සිත් තුළට කා වැදී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ABC රූපවාහිනිය සිදුකළ Australia Talks ජාතික සමීක්ෂණයේදී ඒ බව වඩාත් තහවුරු වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

Australian School Education
Source: SBS

ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් වලට වඩා පුද්ගලික පාසල් හොඳද?

බොහෝ රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් වලින් තම දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙමාපියන් ඉහළ ප්‍රතිශතයකින් සැහීමකට පත්ව තිබේ.

Australia Talks ජාතික සමීක්ෂණයේදී ඒ බව අනාවරණය වී ඇත.

නමුත් රජයේ පාසල් වල ලබා දෙන අධ්‍යාපනයට වඩා පුද්ගලික පාසල් වල අධ්‍යාපනය පිළිබඳ ඔවුන් වඩාත් සැහීමකට පත්වන බව එම සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබේ.

තවද ඔස්ට්‍රේලියාවේ පාසල් වල උගන්වනු ලබන ගුරුවරුන් තම දරුවන්ට සිදුකරනු ලබන ඉගැන්වීම් පිළිබඳ දෙමාපියන්ගෙන් 79% ක් ඉතා තෘප්තිමත් බව ද වාර්තා වේ.

රජයේ පාසල් වල හෝ පුද්ගලික පාසල් වල හෝ කියා වෙනසක් නොමැතිව එම අගය ලැබී තිබීම වඩාත් සුවිශේෂී කරුණකි.

School students
Row of private high school students work on assignment in class. They are writing or using laptops or digital tablets. Source: Getty Images

සමීක්ෂණ ප්‍රතිඵල

ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල් වල අධ්‍යාපනය පිළිබඳ මෙම සමීක්ෂණයට සහභාගී වූ දෙමාපියන්ගෙන් 74% ක් ඉතා තෘප්තිමත් බවත් 19% ක් අතෘප්තිමත් බවත් හෙළිවී තිබේ.

කතෝලික පාසල් වල අධ්‍යාපනය පිළිබඳ ඉතා තෘප්තිමත් වූ දෙමාපියන්ගේ ප්‍රතිශතය 81% ක් වන අතර ඒ සඳහා අතෘප්තිමත් ප්‍රතිශතය 12% කි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ independent පාසල් වල අධ්‍යාපනය පිළිබඳ මෙම සමීක්ෂණයට සහභාගී වූ දෙමාපියන්ගෙන් 88% ක් ඉතා තෘප්තිමත් බවත් 7% ක් අතෘප්තිමත් බවත් හෙළිවී තිබේ.

එමෙන්ම අනෙකුත් ආගමික පාසල් වල (Other religious schools) අධ්‍යාපනය පිළිබඳ ඉතා තෘප්තිමත් වූ දෙමාපියන්ගේ ප්‍රතිශතය 95% ක් වන අතර ඒ සඳහා අතෘප්තිමත් ප්‍රතිශතය 3% කි.

Australian School Education
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now