ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තුවෙන් රැකියා (වෘත්තීන්) 17 ක් ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව එම ඉවත් කිරීම් 2019 නොවැම්බර් මාසයේ 13 වන දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්.

රැකියා ඉවත් කිරීමට හේතුව
ඇතිවී ඇති අධික ඉල්ලුම සහ අදාළ රැකියා සඳහා අත්ය්හි කෝටාව පිරී ඇති බැවින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තුවෙන් රැකියා (වෘත්තීන්) 17 ක් ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.
ඉදිරි සති කිහිපයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන යළි විවෘත කිරීමට නියමිත අතර ඒ අනුව එම නව වැඩසටහන සඳහා මෙම ඉවත් කළ රැකියා අදාළ නොවන බව සඳහන්.
නොවැම්බර් 16 වන දින සිට ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාදේශීය වීසා ඛාණ්ඩයක් වන 491 සහ 190 යන වීසා ඛාණ්ඩ සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙන් කොට ඇත.
නමුත් එම වැඩසටහන නැවත විවෘත කරන නිශ්චිත දිනයක් තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
ඔබට සුදුසුකම් ඇති රැකියාව (වෘත්තීය) ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තුවෙන් ඉවත් කර ඇතිනම් ඉහත වීසා ඛාණ්ඩ සඳහා expression of interest (EOI) යොමු නොකරන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තුවෙන් ඉවත් වන රැකියා
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ ක්‍රියාත්මක නිපුණතා රැකියා ලැයිස්තුවෙන් ඉවත් වන රැකියා 17 පහත පරිදි වේ.
IT වෘත්තීන් - ඔස්ට්‍රේලියාව තුළ සහ ඔස්ට්‍රේලියාවෙන් පිටත (Onshore and Offshore)
- ICT Business Analyst (Occupation ID – 261111)
- Systems Analyst (Occupation ID – 261112)
- Developer Programmer (Occupation ID – 261312)
- Software Engineer (Occupation ID – 261313)
- Software and Applications Programmers (Occupation ID – 261399)
- ICT Security Specialist (Occupation ID – 262112)
- Computer Network and Systems Engineer (Occupation ID – 263111)
- Analyst Programmer (Occupation ID – 261311)

Accounting වෘත්තීන් - ඔස්ට්‍රේලියාව තුළ (Onshore)
- Accountant (General) (Occupation ID – 221111)
- Management Accountant (Occupation ID – 221112)
- Taxation Accountant (Occupation ID – 221113)
- External Auditor (Occupation ID – 221213)
- Internal Auditor (Occupation ID – 221214)

Engineering වෘත්තීන් - ඔස්ට්‍රේලියාවෙන් පිටත (Offshore)
- Civil Engineer (Occupation ID – 233211)
- Mechanical Engineer (Occupation ID – 233512)
- Electrical Engineer (Occupation ID – 233311)
- Engineering Technologist (Occupation ID – 233914)


