බොහෝ දෙනෙකුගේ සිහින රැකියා බවට පත්වී ඇති ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියාවල පුරප්පාඩු පුරවා ගැනීමට අදාළ සමාගම් සහ ආයතන වලට නොහැකිවී ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ රැකියා සෙවුම් වෙබ් අඩවියක් වන Indeed වෙබ් අඩවිය පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඉලක්කම් හයකින් සමන්විත වැටුපක් තිබුණද එම රැකියා පුරප්පාඩු පුරවා ගැනීම ඉතා අපහසු බව ඔවුන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු
Indeed වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ ඇති රැකියා පුරප්පාඩු වලින් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් මසකට වඩා අඩු කාලයකදී පිරවෙන බව වාර්තා වේ.
මේ අතර දින 60 කට වඩා අධික කාලයක් ප්‍රචාරය කළද පුරප්පාඩු පුරවාගැනීමට අපහසුවූ රැකියා පිළිබඳ Indeed සමාගම දත්ත එක් රැස් කළේය.
එහිදී එවැනි ආකාරයේ රැකියා වල මිශ්‍රණයක් හමුවූ බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ලැබුණු දත්ත වලට අනුව වත්මන් ඔස්ට්‍රේලියාවේ පිරවීමට අපහසුම රැකියා පුරප්පාඩුව වන්නේ veterinarian හෙවත් පශු වෛද්‍ය තනතුර බව අනාවරණය වී තිබේ.
සුදුසු අයදුම්කරුවන් සොයාගැනීමට අනෙකුත් සියලු රැකියා පුරප්පාඩු දැන්වීම් වලට වඩා පශුවෛද්‍ය රැකියා පුරප්පාඩු දැන්වීම් ඉතා වැඩි කාලයක් අනතර්ජාලයේ තබන්නට අවශ්‍ය බව පැවසෙයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍යවරෙයෙකුගේ සාමාන්‍ය මධ්‍යන වාර්ෂික වැටුප $83,243 කි.
එමෙන්ම general practitioners හෙවත් පවුලේ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු ද මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ පුරවා ගැනීමට ඉතා අපහසු බව මෙම වාර්තාව පෙන්වා දී තිබේ.
සාමාන්‍යයෙන් මොවුන්ගේ මධ්‍යන වාර්ෂික වැටුප $269,800 ක් බව සඳහන්.

පුරප්පාඩු පිරවීමට අපහසු ඔස්ට්‍රේලියාවේ රැකියා
Indeed සමාගම රැස් කළ දත්ත වලට අනුව මේ සමයේදී පුරප්පාඩු පිරවීමට අපහසු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන රැකියා කිහිපය පහත පරිදි වේ.

අනුමාන කළ හැකි හේතු
මෙලෙස රැකියා පුරප්පාඩු වේගයෙන් පුරවා ගැනීමට අදාළ සමාගම් වලට නොහැකි වී ඇත්තේ ප්‍රධාන හේතු කිහිපයක් නිසා බව රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අනුමාන කරති.
අධික ලෙස ඔස්ට්‍රේලියානු රැකියා පළපුරුද්ද එම රැකියා සඳහා ඉල්ලා තිබීම මේ සඳහා ප්‍රධානතම හේතුව ලෙස සිතිය හැකි බව ඔවුන් පවසයි.
එමෙන්ම අවම ලෙස වසර 5 ක් පමණ වූ රැකියා පළපුරුද්දක් එහිදී තිබීම මූලික සුදුසුකමක් බවට පත් කිරීම සද තවත් එක් ප්‍රධාන හේතුවක් බව පෙනී ගොස් තිබේ.
කෙසේවෙතත්, ඉහත රැකියා සොයන සැලකිය යුතු පිරිසක් ඔස්ට්‍රේලියානු සමාජයේ සිටින බවත් රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.


