පාරිභෝගිකයින්ගෙන් වැඩිපුරම පැමිණිලි ලබන ඔස්ට්‍රේලියාවේ බැංකු මෙන්න (SBS සිංහල/ වාර්තා)

Australian Banking Sector

Source: AAP

ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතන වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ රාජකීය බැංකු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ වල‍ට අනුව Australian Financial Complaints Authority (AFCA) හෙවත් ඔස්ට්‍රේලියානු මුල්‍ය පැමිණිලි අධිකාරිය පිහිටවනු ලැබිණි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මුල්‍ය ආයතන සහ බැංකු පිළිබඳ ජනතාවගේ පැමිණිලි බාරගෙන ඒවා පිළිබඳ කටයුතු කිරීම මෙම ආයතනයේ මූලික කාර්යය වේ.
Australian Banking Sector
Banking Royal Commission Source: AAP

මුල්‍ය පැමිණිලි

AFCA ආයතනයට වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ බටහිර සිඩ්නි කලාපයෙන් බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

පෙරට වඩා මේ වන විට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් එම නැග්ම 40% ක් පමණ වන බවත් AFCA හි ප්‍රධාන ඔම්බුඩ්ස්මන් David Locke පැවසීය.

AFCA ආයතනයට ලැබෙන සියලුම පැමිණිලි ඔවුන් වර්ගීකරණය කිරීමකට ලක් කරයි.

ඒ අනුව පැමිණිලි ලබන මුල්‍ය ආයතන, පැමිණිලි කරන කාරණය සහ එම පැමිණිලි ලැබෙන ප්‍රදේශය යනාදී කරුණු ඔවුන් විමර්ශනය කරයි.

එහිදී තම ආයතනයට විවිධ නිගමන වලට එළඹීමට හැකි බව AFCA හි ප්‍රධාන ඔම්බුඩ්ස්මන් David Locke පැවසීය.
Australian Banking Sector
Source: AAP

වැඩිම පැමිණිලි ලැබුණු බැංකු

2018 වසරේ නොවැම්බර් සිට 2019 ජුනි දක්වා වූ කාලය තුළ වැඩිපුරම පැමිණිලි ලැබී ඇති බැංකුව බවට පත්වී ඇත්තේ Commonwealth බැංකුව බව සඳහන්.

එම කාලය තුළ Commonwealth බැංකුව සම්බන්ධ පැමිණිලි 3,890 ක් AFCA ආයතනයට ලැබී ඇති බව වාර්තා වේ.

එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත්තේ ANZ  බැංකුව වන අතර ඔවුන් සම්බන්ධව පැමිණිලි 2,746 ක් ලැබේ ඇත.
Australian Banking Sector
Source: AAP

පැමිණිලි සඳහා විසඳුම්

පාරිභෝගිකයින් වැඩිපුරම පැමිණිලි කර ඇත්තේ credit කාඩ්පත් සම්බන්ධයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 14.2% කි.

පුද්ගලික ණය සම්බන්ධයෙන් වන පැමිණිලි ලැයිස්තුවේ දෙවැනි තැනට ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 11.9% කි.

ඉන් අනතුරුව වැඩිපුරම ඇත්තේ නිවාස ණය සම්බන්ධ පැමිණිලි වේ.

ලැබුණු පැමිණිලි වලින් 74% ක් සඳහා පාරිභෝගිකයින්ට සාධාරණ විසඳුම් ලබා දුන් බව AFCA හි ප්‍රධාන ඔම්බුඩ්ස්මන් David Locke පැවසීය.

ගතවූ මාස 12 තුළ විවිධ අකටයුතුකම් හේතුවෙන් පාරිභෝගිකයින්ට අහිමිවූ ඩොලර් මිලියන 185 ක් පමණ මේ ක්‍රියාවලිය නිසා ඔවුන්ට නැවත ලබා දීමට හැකි වූ බවද ඔහු පැහැදිලි කළේය.
Australian Banking Sector
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service