ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි තත්ත්වයකදී තම ස්ථාන වලින් ඉවත් නොවී දේපළ හා සතුන්ව බේරාගැනීමට තීරණය කරනවානම් ඔබ දැනගත යුතු දේ (SBS සිංහල/ වාර්තා)

bushfire

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම දරුණු ලෙස ලැව් ගිනි පැතිරීම් පසුගිය සති කිහිපය මුළුල්ලේම සිදුවිය.

නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, දකුණු ඔස්ට්‍රේලියා, බටහිර ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා යන ප්‍රාන්ත ඒ අතරින් ප්‍රධාන වේ.

බරපතල ලැව් ගිනි අවදානම් තත්ත්වයකදී තම වාසස්ථාන අතහැර නම් කර ඇති ආරක්ෂක ස්ථාන කරා යන මෙන් අදාළ ප්‍රාන්ත වල ගිනි හා හදිසි සේවා බලධාරීන් ජනතාවට නිවේදනය කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් ඇතැම් දෙනා තම නිවාසය සහ සතුන්ව ගින්නෙන් ආරක්ෂා කරගැනීමට තම වාසස්ථාන වලම රැඳෙන බව ද අසන්නට ලැබේ.

එලෙස ලැව් ගිනි අවදානම් තත්ත්වයකදී තම වාසස්ථාන වලින් ඉවත් නොවී සිටිනවානම් ඔබ නිවැරදිව අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පවතී.

එම ක්‍රමවේදය මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

bushfire
Source: AAP

ලැව් ගිනි තත්ත්ව වලදී මිනිසුන් සිය ස්ථාන වලින් ඉවත් නොවන්නේ ඇයි?

වසර 2017 දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගිනි තත්ත්ව වලින් අනතුරුව එම ප්‍රදේශ වල ජනතාව සහභාගී කරගනිමින් සමීක්ෂණයක් සිදු කෙරිණි.

මීළඟ වසරේ ග්‍රීෂ්ම කාලයේදී නැවත ඇතිවන ලැව් ගිනි තත්ත්වයකදී කුමක් කරන්නේද? යන ප්‍රශ්නය එහිදී සෑම දෙනාගෙන්ම ඇසීය.

ඒ අනුව ලැබුණු ප්‍රධාන ප්‍රතිඵල ද්විත්වය පහත පරිදි වේ.

  • වාසස්ථාන වලින් ඉවත් නොවී ලැව් ගිනි වලින් දේපළ ආරක්ෂා කිරීම - 27%
  • ඉවත්ව යාම හෝ ඉවත් නොවී ලැව් ගිනි වලින් දේපළ ආරක්ෂා කිරීමට නැවතී සිටීම හෝ තීරණය කිරීමට පෙර ලැව් ගිනි වල ස්වභාවය දැනගැනීම - 24%

සත්ත්ව හිමියන්, දේපළ සඳහා රක්ෂණයක් නොමැති හෝ අඩු රක්ෂණයක් ඇති පුද්ගලයින් මෙන්ම කෘෂිකාර්මික උපකරණ වැනි වටිනා ද්‍රව්‍ය ඇති පුද්ගලයෝ සිය වාසස්ථාන වලින් ඉවත් නොවී ලැව් ගිනි වලින් දේපළ ආරක්ෂා කිරීමට පෙළඹෙන අය අතර ප්‍රධාන තැනක් ගනී.

bushfire
Source: AAP

ලැව් ගිනි වලට මුහුණ දීමට මානසිකව ශක්තියක් නොමැතිනම් කුමක් කළ යුතුද?

ලැව් ගිනි යනු ඉහළ අවදානම් තත්ත්වයකි.

එය දැකීමට අපහසු වන අතරම අධික උෂ්ණත්වයක් සහිත ඝෝෂාකාරී තත්ත්වයක් නිර්මාණය කරයි.

ලැව් ගින්නකදී බොහෝ විට හුස්ම ගැනීමට පවා අපහසු වෙයි.

එමෙන්ම ලැව් ගිනි සම්බන්ධව ඇතිවන මානසික පීඩනය නිසා විවිධ අනතුරුදායී ක්‍රියා වලට ඔබ නොදැනුවත්ම පෙළඹෙයි.

එවැනි සිදුවීම් වලට උදාහරණ කිහිපයක් පහත දැක්වෙයි.

  • අවසන් මොහොතේ වාසස්ථාන වලින් නික්ම යාමට තීරණය කිරීම. (ලැව් ගිනි අතරේ අවසන් මොහොතේ වාසස්ථාන වලින් නික්ම යාම අතිශය අනතුරුදායී තීරණයකි)
  • අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම. (බොහෝ විට වේගයෙන් රිය පැදවීම සිදුවේ)
  • ඖෂධ වැනි අතිශය වැදගත් දේවල් අමතක වේ.
  • සුරතල් සතුන්ව අමතක වේ.
  • වැඩකට නැති ක්‍රියා වලට සිත යොමුවී ඉතිරිව ඇති වටිනා කාලය අපතේ යැවීම.
bushfire
Source: AAP

ඔබේ බිය පාලනය කරගන්නේ කෙසේද?

ලැව් ගිනි තත්ත්ව වලදී තමන්ගේ ස්ථාන වලින් ඉවත් නොවී ගින්නත් සමග සටන් කර තම දේපළ හා සතුන්ව බේරාගැනීමට ඔබ තීරණය කරනවානම් ඔබේ බිය ඔබ පාලනය කරගත යුතුය.

බිය පාලනය කරන අතරේ ගිනි අවදානමට අවධානය යොමු කර ඒ සඳහා නිවැරදිව ප්‍රතිචාර දැක්වීම කෙරෙහිද යොමු විය යුතුය.

මෙලෙස බිය පාලනය කරමින් මනා සිහියෙන් යුතුව කටයුතු කිරීමට AIM ආකෘතිය උපයෝගී කරගත හැකිය.

Anticipate: හදිසි අවස්ථාවකදී මොළය සහ සිරුර ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න දැන සිටීම.

Identify: මොළයෙන් සහ සිරුරෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි දැන සිටීම.

Manage: දුර්වල සිතිවිලි පැමිණෙන විට මනස වෙනස් කරමින් ශක්තිමත් කරගැනීම.

bushfire
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now