ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක ධුරය දරන පුද්ගලයා ලෙස Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක මහත්මිය වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක ධුරයට හිමිකම් කියූ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කාන්තාව ලෙසද ඇය ඉතිහාසගත වන බව The Australian Financial Review පුවත් පත සඳහන් කරයි.

Source: Facebook
ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ The Australian Financial Review විසින් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක ධුරය දරන පුද්ගලයා ලෙස Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක මහත්මිය වාර්තා වී ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වික්‍රමනායක මහත්මියට ඩොලර් මිලියන 18 ට අධික වාර්ෂික වැටුපක් හිමිවන බව එම සමීක්ෂණයට අනුව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනාගේ ලැයිස්තුවක් මෙම සමීක්ෂණයෙන් පසුව සකස් කර තිබේ.
එම ලැයිස්තුවට කාන්තාවන් සිව් දෙනෙකු පමණක් ඇතුළත් වී ඇති අතර වික්‍රමානයක මහත්මිය ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීම සුවිශේෂීම සිදුවීම විය.

Shemara Wikramanayake Source: Facebook
අනෙකුත් කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනියන්
වික්‍රමනායක මහත්මිය හැරුනුකොට ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනාගේ ලැයිස්තුවේ සිටින අනෙක් කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනියන් තිදෙනා පහත පරිදි වේ.
- Elizabeth Gaines (Fortescue Metals) - වාර්ෂික වැටුප ඩොලර් මිලියන 5
- Susan Lloyd-Hurwitz (Mirvac Group) - වාර්ෂික වැටුප ඩොලර් මිලියන 4.8
- Alison Watkins (Coca-Cola Amatil) - වාර්ෂික වැටුප ඩොලර් මිලියන 4.1

Shemara Wikramanayake Source: Facebook
ෂෙමාරා වික්‍රමනායක
Macquarie Group හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ෂෙමාරා වික්‍රමනායක මහත්මියව පත් කරනු ලැබුවේ 2018 ජූලි මාසයේදීය.
ඇයට පෙර Macquarie Group හි එම ධුරය දරනු ලැබුවේ Nicholas Moore විසිනි.
ඒ අනුව Macquarie Group හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ධුරයට පත්වූ ප්‍රථම කාන්තාව ලෙසද වික්‍රමනායක මහත්මිය ඉතිහාසගත විය.
‘millionaires’ factory’නම් නිල නොලත් විරුදාවලියක් ඇති ආයෝජන බැංකුවකින් 1987 වසරේදී ඇය සිය වෘත්තීය කටයුතු ආරම්භ කර 2008 වසරේදී Macquarie හි දේපළ කළමනාකරණ අංශයේ වැඩ බාර ගත්තාය.
වසර 10 කට පසුව ඇය Macquarie Group හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත් විය.
ඇයගේ සේවා කාලය තුළදී ලෝකයේ මහද්වීප හයක ප්‍රධාන නගර 9 ක සිය රාජකාරී කටයුතු කළ අතර නවසීලන්තය, හොංග් කොංග් සහ මැලේසියාව යන රටවල Macquarie’s corporate advisory කාර්යාල ස්ථාපිත කිරීමට ද ඇය පියවර ගත්තාය.
2019 වසරේදී ඇය ලොව බලවත්ම කාන්තාවන් (Most Powerful Women)අතරින් එක් අයෙකු ලෙස ජාත්‍යන්තර Fortune සඟරාව නම් කළේය.
Fortune සඟරාවට අනුව වික්‍රමනායක මහත්මිය දේශගුණික විපර්යාසය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් සිටී.
ඒ අනුව ලෝක බැංකුවේ අනුවර්තනය සඳහාවූ ගෝලීය කොමිසමේ (World Bank’s Global Commission on Adaptation) එක් කොමසාරිස්වරයෙකු ලෙසද ඇය පත් කෙරිණි.
එම කොමසාරිස්වරු අතරේ සුප්‍රසිද්ධ Microsoft සමාගමේ නිර්මාතෘ Bill Gates මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ Ban Ki-moon ද සිටිති.

Source: SBS Sinhala