පසුගිය නොවැම්බර් 16 වන දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ නව regional visa හෙවත් ප්‍රාදේශීය වීසා වලට අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව නව ප්‍රාදේශීය වීසා සඳහා අදාළවන සියලුම ප්‍රදේශ වල postcodes මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.

නියම කරන ලද ප්‍රාදේශීය ප්‍රදේශ
සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන ප්‍රධාන නගර කලාප හැරුණුකොට ඔස්ට්‍රේලියාවේ අන් සියලු ප්‍රදේශ සංක්‍රමණික අරමුණු පදනම් කරගනිමින් ප්‍රාදේශීය කලාප ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නම් කර තිබේ.
ඒ අනුව මෙම තීරණය 2019 නොවැම්බර් 16 වන දින සිට ක්‍රියාත්මක වේ.
ඉහත සඳහන් කළ සියලුම ප්‍රාදේශීය කලාප පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ ද්විත්වයකට යටත් වේ.
- Cities and major regional centres
- Regional centres and other regional areas

ප්‍රාදේශීය කලාප වලට අයදුම් කරන සංක්‍රමණිකයින් හට අත්වන ප්‍රතිලාභ
- නව ප්‍රාදේශීය වීසා සඳහා 25,000 ක කෝටාවක් වෙන් කර තිබීම.
- ප්‍රාදේශීය වීසා අයදුම්පත් සලකා බැලීමට ප්‍රමුඛත්වයක් දීම.
- වැඩි රැකියා සංඛ්‍යාවක් අඩංගු ප්‍රාදේශීය රැකියා ලැයිස්තුව (Regional Occupation List) හරහා අයදුම් කිරීමට හැකි වීම.
- ප්‍රාදේශීය කලාපයක පිහිටි විශ්ව විද්‍යාලයකින් හෝ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකින් උපාධියක් හෝ අනෙකුත් ඉහළ පෙළේ උසස් අධ්‍යාපන සුදුසුකමක් ලබන ජාත්‍යන්තර සිසුන්ට සිය අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව අයදුම් කළ හැකි Temporary Graduate visa (subclass 485) එකට අමතර වසරක කාලයක් ලැබීම.

නව ප්‍රාදේශීය වීසා සඳහා අදාළවන සියලුම postcodes




