හරිතාගාර වායු විමෝචනය සීමා කළත් සාගර ජල මට්ටම ක්‍රමිකව ඉහළ යන බවට අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

Sea levels

Source: AAP

ලෝකයේ සාගර ජල මට්ටම ක්‍රමිකව ඉහළ යමින් පවතින බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

වසර 2030 වන විට ලොව රටවල සියලුම හරිතාගාර වායු විමෝචනය බින්දුව දක්වා අඩු කළද සාගර ජල මට්ටම ඉහළ නගින බව Proceedings of the National Academy of Sciences (PNAS) සිදුකළ නවතම අධ්‍යනය අනවාරණය කරයි.

Sea levels
Source: Getty Images

හරිතාගාර වායු විමෝචනය

ලොව රටවල හරිතාගාර වායු විමෝචනය වසර 2030 වන විට කැපී පෙනෙන ලෙස විශාල වශයෙන් පහත හෙළිය යුතු බවට දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය සියලු ලෝක නායකයින්ට දිගින් දිගටම දැනුවත් කරන ලදී.

නමුත් තවමත් බොහොමයක් රටවල ඒ සඳහා නිසි පියවර ගන්නා අයුරු දක්නට නොලැබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැසිවිලි නගයි.

ජර්මනියේ විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව වසර 2015  සිට මේ දක්වා ක්‍රියාත්මක වූ හරිතාගාර වායු විමෝචනය ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් වසර 2100 වන විට සාගර ජල මට්ටම සෙන්ටි මීටර් 8 කින් ඉහළ නගිනු ඇත.

මේ අතර 1986 - 2005 කාලය තුළ ක්‍රියාත්මක වූ හරිතාගාර වායු විමෝචනය ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් වසර 2300 වන විට සෙන්ටි මීටර් 20 කින් පමණ ඉහළ නගිනු ඇත.

නමුත් අධික ලෙස දිගින් දිගටම හරිතාගාර වායු විමෝචනය පැවතුණහොත් වසර 2300 වන විට සාගර ජල මට්ටම මීටරයකින් පමණ ඉහළ නැගීමට හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

Sea levels
Source: AAP

එක්සත් ජාතීන්ගේ මිනුම් දඬු

මේ සියවස අවසාන වන විට සාගර ජල මට්ටම සෙන්ටි මීටර් 26 ත් 77 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරයි.

එමෙන්ම වසර 2030 වන විට සාගර ජල මට්ටම මීටරයකින් පමණ ඉහළ යාම තීරණය වන්නේ චීනය, ඇමෙරිකාව, යුරෝපා සංගමයේ රටවල, ඉන්දියාව සහ රුසියාව යන රටවල හරිතාගාර වායු විමෝචනය මත බවද ඉහත වාර්තාව පෙන්වා දෙයි.

20 වන සියවස අවසන් වන විට සාගර ජල මට්ටම සෙන්ටි මීටර් 20 කින් පමණ ඉහළ නැග තිබූ බව වාර්තා වේ.

Sea levels
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now