SKIP TO MAIN CONTENT

විදේශ රටවලදී අත්අඩංගුවට පත්වන ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රමාණය ඉහළ යයි (SBS සිංහල/ වාර්තා)

An increasing number of Australians are being arrested abroad
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විදේශ රටවලදී අත්අඩංගුවට පත්වන ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රමාණය ක්‍රමිකව ඉහළ යමින් පවතින බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පසුගිය වසර 5 දෙස බලන කල මෙම වර්ධනය කැපී පෙනෙන ලෙස දක්නට ලැබෙන බව සඳහන්.

An increasing number of Australians are being arrested abroad
Source: Flickr

විදේශ රටවලදී අත්අඩංගුවට පත්වන ඔස්ට්‍රේලියානුවාසීන්

පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියානුවාසීන් වැඩිපුරම අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇමෙරිකාව, තායිලන්තය සහ චීනය යන රටවලදී බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

ඉහත රටවල ත්‍රිත්වය ඇතුළුව ලොව අන් රටවලදී 2018-19 වසරේදී පමණක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගත් ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රමාණය 1572 ක් බව වාර්තා වේ.

මේ සියලු තොරතුරු රැගත් වාර්තාවක් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනී Marise Payne විසින් පසුගිය සතියේදී ඉදිරිපත් කළාය.

An increasing number of Australians are being arrested abroad
Source: Twitter

විදේශ රටවල නීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම

ඉහත අත්අඩංගුවට ගැනීම් සියල්ලටම පාහේ ප්‍රධාන හේතුව වී ඇත්තේ ඒ ඒ රටවල නීති උල්ලංඝනය කිරීමය.

ඔස්ට්‍රේලියානුවාසීන් ඔස්ට්‍රේලියාවෙන් පිටත රටකට යාමේදී එම රටේ නීති පිළිබඳ මනා අවබෝධයකින් යුතුව එම සංචාරය කළ යුතු බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනිය පැවසුවාය.

එම රටවල නීති ඔස්ට්‍රේලියාවේ නීතියට වඩා වෙනස් බව සෑම ඔස්ට්‍රේලියානුවාසියෙකුම දැනගත යුතු බවද ඇය එහිදී අවධාරණය කළාය.

ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත් ඔස්ට්‍රේලියානුවාසීන් 229 කට ඔස්ට්‍රේලියානු කොන්සියුලර් සහය සේවා අවශ්‍යවී අවශ්‍ය වී ඇති බවත් එයි හරි අඩකටත් වඩා ආගමන කටයුතු සම්බන්ධ ගැටළු බවත් වාර්තා වේ.

මේ අතර තායිලන්තයේදී රඳවාගන්නා ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ප්‍රමාණය පසුගිය කාලයේදී 30% කින් පමණ වැඩිවී ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි අපරාධ හේතුවෙන් තායිලන්තයේ ආගමන නීති දැඩි කිරීම මත මේ තත්ත්වය උද්ගත වී ඇති බව කිව හැකිය.

එමෙන්ම වැඩිපුරම ඔස්ට්‍රේලියානුවාසීන් අත්අඩංගුවට පත්වූ රටවල් ලැයිස්තුවේ සිව්වන සහ පස්වන ස්ථාන වලට පත්ව ඇත්තේ පිලිපීනය සහ ඉන්දුනීසියාවය.

මීට පෙර එම ස්ථාන හිමිකරගෙන තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජපානය වේ.

An increasing number of Australians are being arrested abroad
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now