ඔස්ට්‍රේලියාවේ වෙසෙන ළමුන් වැඩිපුරම වදවන දේවල් හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

climate change

Source: Supplied

වයස අවුරුදු 10 ත් 16 ත් අතරේ පසුවන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ළමුන් ලොව ඇති ගැටළු වලින් වැඩිපුරම වද වන්නේ පරිසරය සම්බන්ධව බව නවතම ජාතික සමීක්ෂණයකින් හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පසුගිය් සතියේ බදාදා ට (23/11) යෙදී තිබුණු World Children's Day හෙවත් "ලෝක ළමයින්ගේ දිනය" නිමිතිකොටගෙන  Unicef ආයතනය විසින් මෙම සමීක්ෂණය පවත්වා තිබේ.

climate change
Source: Getty Images

ගෝලීය අර්බුද පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ළමුන්ගේ දැක්ම

ගෝලීය අර්බුද වලින් තමන් වැඩිපුරම වදවන ගැටළුව, පාරිසරික ගැටලුව බවට මෙම සමීක්ෂණයට සහභාගී වූ ළමුන්ගෙන් 28% ක් ම පවසා ඇත.

එහිදී ජල සහ වායු දූෂණය මෙන්ම දේශගුණික විපර්යාසය සහ සත්ත්වයින් වඳ වී යාමේ වේගය පිළිබඳ ඔවුන් විශාල ලෙස සිතන බවට හෙළිවී තිබේ.

එමෙන්ම තමන්ගේ ජීවිතයේ, තමන් වාසය කරන ප්‍රදේශයේ සහ ඔස්ට්‍රේලියාවේ දියුණුව සඳහා කුමක් දියුණු කළ යුතුද යන ප්‍රශ්නයට ද ඔවුන්ගේ පිළිතුර වූයේ "පරිසරය" රැකගැනීමය.

මේ අතර තමන්ගේ දැක්මවල් සහ අරමුණු තම දෙමාපියන් ගේ හෝ ගුරුවරුන්ගේ අදහස් වලින් මෙහෙයවනවාට බහුතරයක් දරුවන් දැඩිව අකමැති බව ද මෙම සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

තමන්ගේ දැක්මත් සමග තමන් ඉදිරියට යාමට කැමති බව එහිදී 85% ක් ළමුන් ප්‍රකාශ කර ඇති අතර තමන් පිළිබඳ සිතන ලෙසට වැඩිහිටියන් උනන්දු කරන බව 37% ක් දෙනා පවසා ඇත.

climate change
Source: AAP

පරිසරය පිළිබඳ තැකීම වැඩිහිටියන් බවට පත්වන විට වියැකීම

ළමුන් වැඩිමහල් වන විටදී පරිසරය පිළිබඳ තැකීම ක්‍රමයෙන් හීන වන බව යුනිසෙෆ් ඔස්ට්‍රේලියා හි යොවුන් තානාපතිවරයෙකු වන Josh Brittain පවසයි.

ළමුන් වැඩිමහලු වන විට ඔවුන්ගේ මෙම ධනාත්මක චින්තනය අඩුවී යන අයුරු ඔබට නිරීක්ෂණය කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර ලෝක නායකයින් ඇතුළු වගකිවයුත්තන් දේශගුණික විපර්යාසය පිළිබඳව තවමත් නිසි පරිදි අවධානය යොමු කර නැති බවට Josh Brittain චෝදනා කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී තරුණ ඔස්ට්‍රේලියානුවන් දේශගුණික විපර්යාසය සඳහා දැවැන්ත විරෝධතා ව්‍යාපාර ඔස්ට්‍රේලියාව පුරාම දියත් කළ නමුදු මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ දේශපාලකයින්ගෙන් ඊට අපේක්ෂිත ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.

දේශගුණික විපර්යාසය යනු සුළුවෙන් තැකිය හැකි සිද්ධියක් නොවන බවත් ඒ සඳහා දැන් දැන්ම ක්‍රියා මාර්ග ගත යුතු බවත් යුනිසෙෆ් ඔස්ට්‍රේලියා හි යොවුන් තානාපතිවරයෙකු වන Josh Brittain පැහැදිලි කළේය.

climate change
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now