ඔස්ට්‍රේලියාවේ පිරිමින්, කාන්තාවන්ට වඩා තවමත් වසරකට ඩොලර් 25,000 ක් වැඩියෙන් උපයන බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Coronavirus Supplement

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව දුරලීමට මූලික නීති සහ රෙගුලාසි ස්ථාපනය කර මේ වන විට වසර 50 ක් ගතවී ඇත.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් තවමත් ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව සැලකිලිමත් මට්ටමක පවතින බව නවතම දත්ත අනාවරණය කරයි.

Gender Pay Gap
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව

ඔස්ට්‍රේලියාවේ එක සමානම රැකියාවක නිරතවන පිරිමියෙකු සහ ස්ත්‍රියක ලබන වැටුප් වල විෂමතාව සාමාන්‍ය අගයක් ලෙස 20.8% මට්ටමේ පවතින බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

අද වන විට බහුතරයක් සේවායෝජකයින් (employers) තම ආයතන සහ සමාගම් වල ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාවක් තිබෙනවාද යන්න පිළිබඳ අධීක්ෂණය කරන නමුත් 40% ක් පමණ සේවායෝජකයින් එම විෂමතාව දුරලීමට කිසිදු පියවරක් නොගන්නා බවක් පෙනෙන්නට ඇති බවත් වාර්තා වේ.

Workplace Gender Equality Agency විසින් මෙම නවතම දත්ත එළිදක්වා තිබේ.

පෙරට වඩා ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව අඩුවීමක් දක්නට ලැබෙන නමුත් තවමත් පිරිමින්, කාන්තාවන් ට වඩා ඉහළ වැටුපක් ලබන බව ඔවුන් පවසයි.

Workplace Gender Equality Agency නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව වසරකට සාමාන්‍යයෙන් $25,679 ක් වේ.

Gender Pay Gap
Data in February showed the pay gap narrowed to 13.4 per cent in Australia during the coronavirus pandemic. Source: Getty Images

කාන්තා - පිරිමි රැකියා

ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව ගණනය කරනුයේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුවය.

එහිදී අනියම් (casual) රැකියා හෝ අර්ධ කාලීන (part-time) රැකියා සැලකිල්ලට ගනු නොලබයි.

මෙම නවතම දත්ත වලට අනුව කාන්තාවන් රැකියා වලට පිවිසීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබුණද ප්‍රධාන විධායක තනතුරු වල කාන්තා නියෝජනයේ වැඩි වීමක් දක්නට නොලැබෙන බව පෙනී ගොස් තිබේ.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ 40% ක පමණ රැකියා ස්ථාන වල කළමණාකරුවන් ලෙස කටයුතු කරනුයේ කාන්තාවන් බව ද වාර්තා වේ.

2013-14 වසරේ සිට කාන්තාවන්, කළමනාකරණ ධුරයන්ට පත්වීමේ වර්ධනයක් දක්නට ඇතැයිද වාර්තා වේ.

මේ අතර අධ්‍යක්ෂ තනතුරු වලට කාන්තාවන් පත්වීමේ වර්ධනයක් පෙනෙන්නට ඇති නමුත් සභාපති තනතුරු වල කාන්තා නියෝජනය වෙනස් නොවී පවතින බවද සඳහන්.

Gender Pay Gap
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now