SKIP TO MAIN CONTENT

මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් ආශ්‍රිතව ජීවත්වීමට වඩාත්ම සුදුසු උප නගර මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

The most liveable suburbs in Brisbane, Sydney and Melbourne revealed
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ත්‍රිත්වයක් වන මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් යන නගර ආශ්‍රිත කලාප වල ජීවත්වීමට වඩාත්ම සුදුසු උප නගර (suburbs) පිළිබඳ ඔස්ට්‍රේලියාවේ  නිවාස සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය අධ්‍යනයක් සිදු කළේය.

එහිදී මෙල්බර්න් ආශ්‍රිත උප නගර 307 ක්, සිඩ්නි ආශ්‍රිත උප නගර 569 ක් සහ බ්‍රිස්බේන් ආශ්‍රිත උප නගර 260 ක් පිළිබඳ අවධානය යොමු කර තිබුණි.

ජීවත්වීමට වඩාත්ම සුදුසු උප නගර වර්ගීකරණය සඳහා පාසල්, පොදු ප්‍රවාහන සේවා සහ අවන්හල් වලට පහසුවෙන් පිවිසීමට හැකිවීම, රැකියා ස්ථාන පිහිටීම, වාහන තදබදය, අපරාධ ප්‍රතිශතය අවම වීම, තුරු ලතා ආවරණය වැනි සාධක සලකා බලා තිබේ.

ඒ අනුව මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් යන නගර ආශ්‍රිත කලාප වල ජීවත්වීමට වඩාත්ම සුදුසු උප නගර මොනවාද යන්න පහත වීඩියෝවෙන් නරඹන්න.

The most liveable suburbs in Brisbane, Sydney and Melbourne revealed
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now