ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා සඳහා ACT රැකියා ලැයිස්තුව හරහා අයදුම් කිරීමේ නව නීති ACT රජය පසුගිය වසරේ අග බාගයේදී හඳුන්වා දුන්නේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: canberrayourfuture
Canberra Matrix නොවැම්බර් මස ආරාධනා පත්‍ර වට
Canberra Matrix ක්‍රමය යටතේ නොවැම්බර් මාසයේ ආරාධනා පත්‍ර වට දෙකක් ක්‍රියාත්මක විය.
ඒ අනුව නොවැම්බර් මස 08 සහ 25 යන දිනවල එම ආරාධනා පත්‍ර වට ක්‍රියාත්මක වී ඇත.

190 visa: NSW to stop inviting migrants from other states Source: Getty Images
නොවැම්බර් මස 08 වන දින Canberra Matrix ආරාධනා පත්‍ර වටය
මෙහිදී ආරාධනා පත්‍ර 70 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.
එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 75 ත් 115 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.
නොවැම්බර් මස 25 වන දින Canberra Matrix ආරාධනා පත්‍ර වටය
මෙහිදී ආරාධනා පත්‍ර 114 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.
එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 75 ත් 130 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

Source: AAP
ACT 190 වීසා වැඩසටහනට සුදුසුකම් ලැබීම - කැන්බරා පදිංචිකරුවන්
ACT 190 වීසා වැඩසටහන සඳහා අයදුම් කිරීමට ඔබ විසින් EOI එකක් හෙවත් expression of interest එකක් යොමු කළ යුතු අතර ඒ සඳහා පහත සඳහන් අවම අවශ්‍යතා ඔබ විසින් සැපිරිය යුතු වේ.
පසුගිය වසර දෙක ඇතුළත ACT හි ශිෂ්‍ය හෝ තාවකාලික වීසා එකක් දරා සිටිය අයෙකු හෝ තවමත් දරමින් සිටිය යුතු වීම.
ඔබේ EOI එක යොමු කරන අවස්ථාව වන විට ඔබ අවම වශයෙන් ACT ඇතුළත මාස 3 ක් හෝ රැකියාවක නිරත විය යුතුය.
එය ස්ථිර හෝ පූර්ණ කාලීන වීම අත්‍යවශ්‍ය නොවන නමුත් අවම වශයෙන් සතියකට පැය 20 ක් විය යුතුය.
ඔබට ACT සේවා යෝජකයින් කිහිප දෙනෙකු යටතේ හෝ ABN එකකට හෝ රැකියා කළ හැකිය.
ඔබ ANZSCO Major Occupation Group 1 (Managers) හෝ Group 2 (Professionals) occupation ඛාණ්ඩ යටතේ අයදුම් කරනවානම් ඊට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතු වේ.
ACT 190 වීසා ලැබුණු දිනයේ සිට අවම වශයෙන් වසර 2ක් ACT හි සේවය කරන බවට දිව්රුම් ප්‍රකාශයක් ඔබ විසින් අත්සන් කළ යුතු වේ.
ඔබ හෝ ඔබේ යැපෙන්නන් ACT හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක වාසය කරනවානම් හෝ සේවය කරනවානම් හෝ ඔබ ACT 190 වීසා සඳහා සුදුසුකම් නොලබයි.

Source: SBS Sinhala