ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර වැඩිපුරම වදවන දේවල් හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Top concerns for young Australians revealed

Source: AAP

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර වැඩිපුරම වදවන කරුණු පිළිබඳව පසුගියදා සමීක්ෂණයක් සිදු කෙරිණි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

Mission Australia විසින් සිදුකළ මෙම සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන වයස අවුරුදු 15ත් 19ත් අතරේ පසුවන යොවුන් පුද්ගලයින් සම්බන්ධ කරගෙන තිබේ.

Top concerns for young Australians revealed
Source: AAP

ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර වැඩිපුරම වදවන කරුණු

මෙම සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියානු තාරුණ්‍යය වැඩිපුරම වදවන කරුණ ලෙස අනාවරණය වී ඇත්තේ "මානසික සෞඛ්‍ය" ය.

තමන්ට වැඩිපුරම වැදගත් වන්නේ කුමන කරුණද යන ප්‍රශ්නය ඇසුවිට 36.2% ක් ම පවසා ඇත්තේ "මානසික සෞඛ්‍ය" ලෙසය.

එම ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ පරිසරයටය. එය ප්‍රතිශතයක් ලෙස 34.2% කි. එමෙන්ම සමානාත්මතාව සහ වෙනස්කොට සැලකීම තුන්වන තැනට පත්ව ඇත්තේ 24.8% ක් ලබාගනිමිනි.

2018 වසරට සාපේක්ෂව වැඩිපුරම වැදගත් කරුණ ලෙස පරිසරය හඳුන්වා දුන් පිරිස මේ වසරේදී තුන් ගුණයකින් වැඩිවී තිබේ.

2018 වසරේදී එය 9.2% ක් වූ අතර මේ වසරේ එය 34.2% කි.

මේ අතර "මහජන කටයුතු" ඉතා වැදගත් බවට පවසා ඇත්තේ 7.2% ක් වැනි ඉතාමත් සුළු පිරිසකි.

Top concerns for young Australians revealed
Source: Pixabay

මානසික සෞඛ්‍ය සහ දේශගුණික විපර්යාසය

මෙම සමීක්ෂණයේදී ඔස්ට්‍රේලියානු තාරුණ්‍යය වැඩිපුරම වදවන කරුණ ලෙස "මානසික සෞඛ්‍ය" අනාවරණය වීම පුදුමයට කරුණක් නොවන බව ඔස්ට්‍රේලියානු තරුණ කටයුතු සන්ධානය පවසයි.

අද වන විට මානසික සෞඛ්‍ය ගැටළු ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සෑම වයස් මට්ටමකම පුද්ගලයින්ට ඇති බරපතල ගැටළුවකි.

එනිසාම එය අද වන විට ඔස්ට්‍රේලියාවේ බරපතල සමාජ ගැටළුවක් බවට පත්වී තිබේ.

මෙම අර්බුදය විසඳීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙන්ම අනෙකුත් ප්‍රාන්ත රජයන්ද විශාල වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ අතර දේශගුණික විපර්යාසය ද අද වන විට ඔස්ට්‍රේලියානු තරුණ පරපුර අතර වඩාත් කතා බහට ලක්වී ඇත.

දේශගුණික විපර්යාසය මැඩලීමට කඩිනමින් පියවර ගත යුතු බව ඔවුන්ගේ මතය වේ.

දේශගුණික විපර්යාසය මැඩලීමට වහා පියවර ගත යුතු බවට මීට මාස කිහිපයකට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ සියලුම පාසල් වල සිසුන් එක් දින විරෝධතාවක් ද පැවැත්විය.

Top concerns for young Australians revealed
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now