ඕස්ට්‍රේලියාවේ 2021 වසරේ සිදුකළ සංගණනයේ දත්ත ජුනි 28 දින නිකුත් කෙරිණි.
ඒ අනුව සියලුම ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා පළමු හෝ දෙවන පරම්පරාවේ සංක්‍රමණිකයන් බව එම සංගණනයේ සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දී ඇත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
2021 ඔස්ට්‍රේලියාවේ සංගණනය
ඔස්ට්‍රේලියානුවන්ගෙන් 48.2% කට විදේශයන්හි උපන් දෙමාපියන් සිටින අතර 27.6% ක් ඔස්ට්‍රේලියාවෙන් පිටත උපත ලබා ඇති බව 2021 ඔස්ට්‍රේලියාවේ සංගණන දත්ත පෙන්නුම් කරයි.
මේ අතර, ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවක් නිවසේ භාවිතා කරන පුද්ගලයින් සංඛ්‍යාව 800,000 කින් පමණ වැඩි වී ඇති අතර එය මේ වන විට මිලියන 5.5 කට වඩා වැඩි වේ.
ඔස්ට්‍රේලියාව වේගයෙන් වෙනස් වන, වර්ධනය වන සහ සංස්කෘතික වශයෙන් විවිධත්වයෙන් යුත් ජාතියක් බව මෙම දත්ත පෙන්වා දෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
2021 සංගණනය මගින් විදේශීය අමුත්තන් හැර ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 25,422,788ක් සංගණනය කර ඇති අතර, සංස්කෘතික විවිධත්වය, පවුල් සහ නිවාස ඇතුළු ප්‍රදේශ සහ වසංගතය අතරතුර රට වෙනස් වූ ආකාරය පිළිබඳ අවබෝධයක් එයින් සපයයි.
1971 සංගණනයට අනුව පුද්ගලයන් 12,493,001ක් ආවරණය කෙරුණු අතර වසර 50කට පසුව එම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිය.

විදේශයන්හි උපන් පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යයි
සංස්කෘතික විවිධත්වය, උපන් රට, මුතුන්මිත්තන් සහ නිවසේ භාවිතා වන භාෂා පිළිබඳ දත්ත සැපයීමෙන් ඔස්ට්‍රේලියාව සෑදී ඇති සංස්කෘතීන් සහ භාෂා පිළිබඳ චිත්‍රයක් සැපයීම සංගණනයේ මූලික අරමුණ වේ.
2017 සිට 2021 දක්වා, මිලියනයකට අධික ජනතාවක් (1,020,007) ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, පළමු හෝ දෙවන පරම්පරාවේ පදිංචිකරුවන්ගේ ප්‍රතිශතය 51.5% දක්වා වැඩි වීමට දායක වී තිබේ.
ඉන්දියාව තුන්වන විශාලතම උපන් රට බවට පත්වේ
ඔස්ට්‍රේලියාවෙන් පිටත උපන් අයගේ උපන් රට සැලකු කල විශාලතම වැඩිවීම ඉන්දියාව වී තිබේ.
ඒ අනුව ඉන්දියාව මෙවර චීනය සහ නවසීලන්තය පසුකරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටත උපන් අයගේ උපන් රටවල් ලැයිස්තුවේ 3 වන තැනට පැමිණ ඇත.
එම ලැයිස්තුවේ පළමු සහා දෙවැනි ස්ථාන තවමත් හිමිකරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වේ.
2021 සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියාවේ උපත ලද අතිරේක පුද්ගලයින් 217,963 ක් ගණනය කරන ලදී.
ඔස්ට්‍රේලියාවෙන් පිටත උපන් අයගේ උපන් රට සැලකු කල දෙවන විශාලතම වැඩිවීම නේපාලය වන අතර එය අතිරේක පුද්ගලයින් 67,752 කි.
සංගණන දත්ත වලට අනුව, 2016 වසරේ සිට නේපාලයේ උපන් ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන්ගේ ජනගහනය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර එය 123.7% ක වැඩිවීමකි.
මුතුන් මිත්තන් සම්බන්ධයෙන් ගත් කල, එංගලන්ත, ඔස්ට්‍රේලියානු, අයර්ලන්ත, ස්කොට්ලන්ත සහ චීන ඉහළම පස්දෙනා විය.

දිගුකාලීන රෝගී තත්ත්වයන් පළමු වරට ඇතුළත් කර තිබේ
2021 සංගණනය දිගු කාලීන රෝගී තත්ත්වයන් පිළිබඳ තොරතුරු පළමුවරට රැස් කරන ලද අතර, මිලියන අටකට අධික ඔස්ට්‍රේලියානුවන් නිදන්ගත රෝගවලින් පෙළෙන බව හඳුනාගෙන ඇත.
වඩාත්ම වාර්තා වී ඇති තත්ත්වයන් අතරින් පුද්ගලයන් 2,231,543 දෙනෙකුට මානසික සෞඛ්‍ය ආබාධ ඇති බවත්, 2,150,396 කට ආතරයිටිස් ඇති බවත්, 2,068,020 දෙනෙකුට ඇදුම රෝගය ඇති බවත් වාර්තා වේ.
දිගු කාලීන රෝගී තත්ත්වයන් පිරිමින්ට වඩා කාන්තාවන්ට වැඩි බවද එම දත්ත පෙන්වා දෙයි.

ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන්ගේ ජනගහනය වැඩිවේ
වසර 2016 සිට 25% ක වැඩිවීමක් සමඟින් ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.
2021 සංගණනය මගින් 812,728 (ජනගහනයෙන් 3.2% ක්) ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන් ලෙස හඳුනාගෙන ඇත.
2016 සංගණනයේදී එම සංඛ්‍යාව 649,200 (ජනගහනයෙන් 2.8% ක්) ලෙස වාර්තා විය.
සාම්ප්‍රදායික භාෂා ද ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන්ගේ වැදගත් කොටසක් ලෙස නොකඩවා පවතින අතර, 2021 දී පුද්ගලයින් 78,656ක් ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත්වාසී භාෂා 167 ක් නිවසේ කතා කරයි.
Arnhem Land සහ Daly River Region භාෂා, Torres Strait Island භාෂා, Western Desert භාෂා, Yolngu Matha සහ Arandic යන භාෂා ප්‍රධාන ලෙස කතා කරන භාෂා ලෙස වාර්තා වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ක්‍රිස්තියානි ආගම වඩාත් ජනප්‍රිය ආගම ලෙස පවතී
ක්‍රිස්තියානි ආගම ඔස්ට්‍රේලියාවේ වඩාත්ම පොදු ආගම ලෙස පවතින අතර, මිනිසුන්ගෙන් 43.9% ක් ක්‍රිස්තියානීන් ලෙස හඳුනාගෙන ඇත.
එම ප්‍රතිශතය 2016 දී 52.1% ක් වූ අතර 2011 දී 61.1% ක් විය.
2021 සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 38.9% කට ආගමක් නොමැති බව වාර්තා වී ඇත.
හින්දු ආගම ජනගහනයෙන් 2.7% දක්වා වර්ධනය වී ඇති අතර ඉස්ලාම් ආගම ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 3.2% දක්වා වර්ධනය වී ඇත.

භාෂාමය විවිධත්වය අඛණ්ඩව වර්ධනය වේ
ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් නිවසේ භාවිතා කළ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2016 සිට මිලියන 5.5 කට වැඩි පිරිසක් (5,663,709) දක්වා 800,000 කින් පමණ වැඩි වී ඇත.
එම කණ්ඩායමේ 850,000 ක් පමණ වාර්තා කළේ ඔවුන් ඉංග්‍රීසි හොඳින් හෝ කිසිසේත් කතා නොකරන බවය.
ඉංග්‍රීසි භාෂාවට අමතරව නිවසේ වැඩිපුරම භාවිතා කරන භාෂාව ලෙස මැන්ඩරින් නොකඩවා පවතී. අරාබි භාෂාව තෙවැනි තැනට පත්ව ඇත.
පන්ජාබි භාෂාව කතා කිරීම විශාලතම වැඩිවීමක් සටහන් කර ඇති අතර, පුද්ගලයින් 239,000 කට අධික පිරිසක් නිවසේ දී පන්ජාබි භාෂාව භාවිතා කරයි.









