ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වූ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (15/07) මධ්‍යහනයේ පැවසුවේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම තවත් එක් කොරෝනා මරණයක්ද වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

ආසාදිතයින් 238 ක් සහ එක් කොරෝනා මරණයක්
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වීමත් සමග දෛනිකව නොකඩවා ආසාදිතයින් 200 කට වඩා වාර්තා වූ 5 වන දිනය ලෙස එය වාර්තා විය.
90 වන වියෙහි පසුවූ කාන්තාවක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුගිය දා රාත්‍රියේ මියගිය බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (15/07) මධ්‍යහනයේ පැවසුවේය.
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 111ක් ලෙසට ද වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ 27 ක් ලෙසට ද ඉහළ ගොස් ඇත.
ගතවූ පැය 24 තුළ තහවුරු වූ ආසාදිතයින් ගෙන් 29 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති පැතිරීම් හේතුවෙන් වයිරසය ආසාදනය වී ඇති නමුත් සෙසු 209 දෙනා හට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ තවමත් විමර්ශනය කරන බව ද ප්‍රාන්ත අගමැති Andrews පැවසීය.
මේ අතර 4 වන මට්ටමේ කොරෝනා නීති පැනවීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය සලකා බලමින් සිටී.
පවතින කොරෝනා නීති නිසි ලෙස පිළිපැදීම සිදු නොකළහොත් තවත් අමතර නීති හා පැනවීමට සිදුවනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

100 කින් එක් අයෙකු හෝ ඊට වැඩි පිරිසක් මිය යා හැකියි
වික්ටෝරියානු ප්‍රාන්තය පුරා මේ වන විට සක්‍රිය මට්ටමේ කොරෝනා ආසාදිතයින් 1,931 සිටින බව වාර්තා වේ.
එයින් 105 ක් රෝහල් ගත කර ඇති අතර එයින් 27 ක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.
මෙම රෝහල් ගත කර ඇති පිරිස පිළිබඳ අප මහත් අවධානයක් යොමු කර ඇති බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.
කොරෝනා වසංගතය පැතිරීමේ වර්තමාන තත්ත්වය තවත් මරණය වලට හේතු වනු ඇතැයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton අනතුරු ඇඟවීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
100 කින් එක් අයෙකු හෝ ඊට වැඩි පිරිසක් මේ අනුව මිය යා හැකි බවට ඔහු රතු එළි නිකුත් කළේය.
ආසාදිතයින් 200 කට අධික ප්‍රමාණයක් සෑම දිනකම වාර්තා වුවහොත් සතියකට කොරෝනා මරණ දෙක තුනක් වාර්තා විය හැකි බවත් මේ තත්ත්වය ඉතා ඉක්මණින් පහත හෙළාගත යුතු බවත් ඔහු පැවසීය.
අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීම පිළිබඳව ද මේ වන විට සලකා බලමින් සිටින බවද ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසීය.

දඩ ගැසීම්
3 වන මට්ටමේ කොරෝනා නීති පැනවූ දින සිට මේ දක්වා වික්ටෝරියා පොලිසිය විසින් නිවාස, ව්‍යාපාර සහ පොදු ස්ථාන දහස් ගණනක් පරීක්ෂා කර තිබේ.
කොරෝනා නීති කඩ කළ පුද්ගලයින් 351 දෙනෙකුට පසුගිය සතියේ දඩ නියම කළේය.
දඩ 150 කට වැඩි ප්‍රමාණයක් මෙල්බර්න්හි වාහන පරීක්ෂා කිරීමේ මුරපොල වලදී ලබා දී තිබේ.
මෙල්බර්න්හි වාහන පරීක්ෂා කිරීමේ මුරපොල වලදී වාහන 85,000 ක් පමණ පරීක්ෂා කළ බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Rick Nugent පැවසීය.


