SKIP TO MAIN CONTENT

තට්ටු නිවාස සහ විශ්‍රාමික ගම්මාන සඳහා විදුලිය සපයන නීති වෙනස් කිරීමට වික්ටෝරියානු රජය සූදානම් වේ. (SBS සිංහල /වාර්තා)

වික්ටෝරියානු විදුලිය කර්මාන්ත පනත යටතේ විදුලිය සපයන්නන් සහ ගොඩනැගිලි හිමිකරුවන් විදුලිය ලබා දීම පිළිබඳ පනවා තිබෙන නීති රෙගුලාසි පිළිබඳ විමර්ශනය කිරීමට වික්ටෝරියානු රජය සාකච්ඡා පත්‍රිකාවක් නිකුත් කර තිබේ. මේ පිළිබඳ වික්ටෝරියානු රජය ඉදිරිපත් කළ සාකච්ඡා පත්‍රිකාව සඳහා එළඹෙන අගෝස්තු 29 වන දින දක්වා අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ.

Victoria looks to review electricity rules for apartments, retirement villages
Victoria looks to review electricity rules for apartments, retirement villages Source: Flickr

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

තට්ටු නිවාස සංකීරණ (Apartments), (Retirement Villages ) විශ්‍රාමික ගම්මාන වල  වාසය කරන ජනතාවට හා caravan park සඳහා තමන්ට කැමති සේවා සපයන්නකුගෙන් විදුලිය ලබා ගත හැකි ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමු කරන්නට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

වික්ටෝරියානු විදුලිය කර්මාන්ත පනත යටතේ විදුලිය සපයන්නන් සහ ගොඩනැගිලි හිමිකරුවන් විදුලිය ලබා දීම පිළිබඳ  පනවා තිබෙන නීති රෙගුලාසි පිළිබඳ විමර්ශනය කිරීමට වික්ටෝරියානු රජය සාකච්ඡා පත්‍රිකාවක් නිකුත් කර තිබේ. වික්ටෝරියානු ප්‍රාන්ත විදුලිය පිළිබඳ අමාත්‍යවරිය වන  Lily D'Ambrosio පවසන්නේ මේ වන විට විදුලිය සපයන ආයතන සහ දේපළ වෙළඳාම්, ගොඩනැගිලි ඉදිකිරීම් සමගාම් අතර විදුලිය සැපයීම පිළිබඳ ඇති කරගෙන තිබෙන ගිවිසුම් එම ස්ථාන මිලට ගත් සහ කුලියට සිටින පුද්ගලයන් හට සංකීර්ණ අපහසුතා ඇති කරන බවයි.

මේ හේතුවෙන් එම ජනතාවට විදුලිය සපයන ආයතන වලින් ඍජුව ලැබෙන වාසි කිසිවක් නොලැබෙන බවද ඇය පවසා සිටියි. එම උදවියටත් සමාජයේ අනෙක් පාර්ශව වෙත ලැබෙන සහන සහ වර ප්‍රසාද සමානව ලැබිය යුතු බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

පදිංචි කරුවන්ට සේවා සපයන්නා තෝරාගැනීමට අවස්ථාව සැලසිය යුතුය.

උතුරු මෙල්බන් හි ග්ලෙන්රෝයි ප්‍රදේශයේ විශ්‍රාමික ගම්මානයක වාසය කරන 80 හැවිරිදි Max Penaluna පවසන්නේ තමන් සිටින විශ්‍රාමික ගම්මානයේ වාසස්ථාන සඳහා නිත්‍ය විදුලිය ගිවිසුම් ඇති බැවින් තමන්ට කැමති විදුලිය සපයන්නකු වෙත යාමට අපහසු බවයි. එමගින් එහි ජනතාවට අත්වීමට ඇති ඇතැම් ප්‍රති ලාභ අහිමි වී යන බවද ඔහු පවසයි.

පාරිභෝගික උපයෝගිතා සහ නීති මධ්‍යස්ථානයේ ප්‍රධානී Ronda Held පවසන්නේ මෙම අයිතිවාසිකම ලබාගැනීමට පාරිභෝගිකයන් වශයෙන් ජනතාව පෙළ ගැසිය යුතු බවයි. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී සිටින ජනතාව විශේෂයෙන්ම මෙවැනි දේ සඳහා පෙරමුණ ගත යුතු බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

මේ පිළිබඳ වික්ටෝරියානු රජය ඉදිරිපත් කළ සාකච්ඡා පත්‍රිකාව සඳහා එළඹෙන අගෝස්තු 29 වන දින දක්වා අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now