ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 0.35% දක්වා ඉහළ දමා තිබේ.
දශකයකට වැඩි කාලයක් තුළ පොලී අනුපාතිකය ඉහළ දැමූ පළමු අවස්ථාව ලෙස ද මෙය හැඳින්වේ.
Highlights
- ඉහල යන උද්ධමනය මධ්‍යයේ පොලී අනුපාතිකය 0.25% කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද දිනයේ තීරණය කළේය.
- මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළට සෘජුවම බලපාන අතර නිවාස ණය ගැණුම්කරුවන්ට මෙන්ම කුලී නිවැසියන්ට ද අඩු වැඩියෙන් වශයෙන් බලපානු ඇත.
- පොලී අනුපාතික වැඩි කිරීම හරහා බැංකුවේ ඔබේ මුදල් ඉතුරුම් සඳහා පෙරට සාපේක්ෂව වැඩි පොලියක් ලැබෙනු ඇත.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය ඉහළට
2010 නොවැම්බර් මාසයේ සිට වැඩි නොවූ ඔස්ට්‍රේලියාවේ නිල පොලී අනුපාතිකය 2020 නොවැම්බර් මාසයේ සිට 0.1% අනුපාතයේ පැවතුනි.
නමුත් ඉහල යන උද්ධමනය මධ්‍යයේ පොලී අනුපාතිකය 0.25% කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද දිනයේ තීරණය කළේය.
මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළට සෘජුවම බලපාන අතර නිවාස ණය ගැණුම්කරුවන්ට මෙන්ම කුලී නිවැසියන්ට ද අඩු වැඩියෙන් වශයෙන් බලපානු ඇත.
COVID-19 වසංගතය අතරතුර ඔස්ට්‍රේලියානු ආර්ථිකයට උපකාර කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද අසාමාන්‍ය මූල්‍ය ආධාර සමහරක් ඉවත් කර ගැනීම ආරම්භ කිරීමට සුදුසුම කාලය දැන් යයි මුදල් මණ්ඩලය විනිශ්චය කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසුවේය.
ඉදිරියේදී තවදුරටත් පොලී අනුපාතිකය ඉහළ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඉහළ ගිය පොළී අනුපාතික පාරිභෝගිකයින්ට බලපාන අයුරු
ඔස්ට්‍රේලියාවේ බැංකු විසින් 0.25% ක වැඩි කළ පොලී අනුපාතික අගය සම්පූර්ණයෙන්ම තම ගනුදෙනුකරුවන් වෙත ලබා දෙනු ඇති බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver අපේක්ෂා කරයි.
COVID-19 වසංගතයේ උච්චතම අවස්ථාවෙහි උද්ධමනය අඩු වූ විට, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ආර්ථිකයේ ඉල්ලුම ඉහළ නැංවීම සඳහා පොලී අනුපාත අඩු කළ බව ඔහු පැවසීය.
දැන් අපි මුහුණ දෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ගැටලුවකට බවත් Shane Oliver සඳහන් කළේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් එක දිගට රැස්වීම් දෙකකදී පොලී අනුපාතික ඉහළ නංවා පසුව එහි බලපෑම නිරීක්ෂණය කරනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
පොලී අනුපාතික ඉහළ නැංවීම 2023 මැද භාගය දක්වා පවතිනු ඇතැයිද ඔහු පැවසීය.
බොහෝ විට මෙම වසර අවසන් වන විට එය 1.5% ක් දක්වා වැඩිවී ලබන වසරේ මැද භාගය වන විට 2% ක් පමණ වනු ඇති බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver අපේක්ෂා කරයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පළමු නිවාස ගැනුම්කරුවන් සහ නිවාස ණය ගැණුම්කරුවන් සඳහා බලපෑම
දේපල දත්ත සමාගමක් වන PropTrack හි ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ Cameron Kusher ට අනුව පළමු නිවාස ගැනුම්කරුවන්ට පොලී අනුපාත ඉහල යාමේ බලපෑම මිශ්‍ර බලපෑමක් ඇතිකරයි.
පොලී අනුපාත ඉහළ යන විට නිවාස මිල පහත වැටීමට ඉඩ ඇති බව ඔහු පැවසීය.
නමුත් අනෙක් පසින් පොලී අනුපාත ඉහළ යන විට, ගන්නා නිවාස ණය ආපසු ගෙවීමට ඔබට ඇති හැකියාව මත ඔබව තක්සේරු කරනු ලැබේ.
එය මේ මොහොතේ තක්සේරු අනුපාතයට වඩා බෙහෙවින් වැඩි බවද Cameron Kusher සඳහන් කළේය.
අනාගත දේපල ගැනුම්කරුවෙකු තක්සේරු කිරීමේදී බැංකු දැනට 3% ක 'stress test' එකක් හෙවත් 'ආතති පරීක්ෂණයක්' පවත්වයි.
පොලී අනුපාත 3% කින් ඉහළ ගියහොත් ණය ආපසු ගෙවීමට ගැනුම්කරුවෙකුගේ හැකියාව එහිදී පරීක්ෂා කරනු ලැබේ.
පොලී අනුපාත ඉහල යාමට පෙර ඔබට ලබාගත හැකිව තිබූ ණය මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් ණය ලබා ගත හැකි බව එහිදී නිගමනය කළ හැකි බව PropTrack හි ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ Cameron Kusher පැවසීය.

කුලී නිවැසියන්ට බලපාන අයුරු
පොලී අනුපාතික ඉහළ යාමට වඩා කුලී නිවාස වෙළෙඳ පොළෙහි ඇති පුරප්පාඩු වූ නිවාස සංඛ්‍යාව අඩු වීම නිවාස කුලිය වැඩිවීමට ප්‍රධාන හේතුව බව AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පැවසුවේය.
ඇතැම් කුලී නිවාස හිමියන් ඉහළ ගිය පොලී අනුපාතිකයේ බලපෑම කුලී නිවැසියන් වෙත කුලිය වැඩි කිරීමෙන් ලබාදිය හැකි නමුත් negative gearing හේතුවෙන් ඇතැම් නිවාස හිමියන් එය ඔවුන්ට ලබා නොදීමට තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව පොලී අනුපාතික වැඩි වීම නිවාස කුලිය මත බරපතල ලෙස බලපාන අයුරු දැකිය නොහැකි බව ආර්ථික විද්‍යාඥ Shane Oliver පැවසීය.
කෙසේවෙතත්, පොලී අනුපාතික වැඩි කිරීම හරහා බැංකුවේ ඔබේ මුදල් ඉතුරුම් සඳහා පෙරට සාපේක්ෂව වැඩි පොලියක් ලැබෙනු ඇතැයිද දේපල දත්ත සමාගමක් වන PropTrack හි ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ Cameron Kusher පෙන්වා දුන්නේය.

