නවතම වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියආනුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුම මුස්ලිම් ජනතාව කෙරේ රිනාත්මක ආකල්පයක් දරන අතරම වැඩි පිරිසක් ජාතිය අනුව සිදු කරන වෙනස්කම් වාර්තා කර තිබෙනවා . නමුත් ජාතිය මුල් කර ගෙන ඔස්ට්‍රේලියාවට වීසා නොලැබීම නම් අඩු වී තිබෙනවා Scanlon ආයතනය විසින් පසුගියදා නිකුත් කරන ලද වාර්තාවකට අනුව සමාජ එකමුතුභාවය පිලිබඳ පුද්ගලයන් 1500ක ගෙන් විමසන ලද ප්‍රශ්න 77කින් මෙම වාර්තාව සකස් වී තිබෙනවා
මෙයට අනුව වසර 2007 සිට සලකා බලන විට සමේ පැහැය හා ජාතිය අනුව වෙනස්කම් වාර්තා වීම දෙගුණයකින් වැඩි වී තිබේ .
මුස්ලිම් ජනයා කෙරේ ආකල්ප
මෙහිදී මුස්ලිම් ජනයා කෙරේ ආකල්ප විමසු විට හෙළිවී ඇත්තේ 25%ක් දෙනා ඍනාත්මක කාලප පෙන්වා ඇති බවයි . එසේම 6%ක් දෙනා බෞද්ධයින් කෙරේ ඍ නාත්මක ආකල්ප පල කොට තිබේ. මෙයට හේතුව ලෙස සමහර මුස්ලින් ජනයා ඕස්ට්‍රේලියාවේ රජයට ආගමක් මුල් කොඅ නොගැනීම කෙර්ඒ පවතින ආකල්ප හේත් විය හැකි බව වාර්තාව පවසයි
මුස්ලිම් ජනයා පිලිබඳ සමීක්ෂණයේදී කාන්තාව ගේ අයිතීන් හා සමාජ එකාබධ්ධතාවය පිලිබඳ අදහස් ඉදිරිපත් වූ බව වාර්තාවේ රචක monash විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Andrew Markus පවසනවා .ඔහු පවසන්නේ ඉතා සුළු සිදුවීම් වලට පවා මාද්ග්‍ය ආවරණය ලැබීමෙන් මෙවන් ආකල්ප හැඩ ගැසිය හැකි බවයි
වාර්තාව පවසන්නේ 28.5%ක් ම මුස්ලිම් ජනතාව කෙරේ ධනාත්මක හෝ සමන්‍යා ආකල්ප දරු බවයි , නමුත් මහාචාර්ය මාක්ස් පවසන්නේ සමීක්ෂණය අන්තර්ජාලය ඔස්සේ තමාම පිරවිය හැකි අවස්ථා වලදී ඔවුන් වැඩි පිරිසක් මෙසේ ඍ නාත්මක ආකල්ප ප්‍රකාශ කොට ඇති බව
ජාතිය මුල් කර ගෙන සංක්‍රමණය
මීට පෙර වසර වලට වඩා ජාතිය අනුව පුද්ගලයන් මෙරටට පැමිණීම අඩු විය යුතු බවට අදහස් පැවසු පිරිස අඩුවී තිබෙනවා .එය වසර 2015 දී 18.7%ක් වූ අතර එය මෙවර 15.8%ක් වෙනවා . එසේම විවිද රටවලින් පැමිණෙන ජනයා නිසා රට ශක්තිමත් වෙන බවට අදහස් මෙවර අඩුවී තිබෙනවා . එය මෙවර 63%ක් වූ අතර මීට වසර 10කට පෙර එය 67% වුනා
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා(ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
එසේම පසුගිය වසර තුල සංක්‍රමණය අවශ්‍ය පමනට වඩා වැඩි බව සිතු පිරිස ද වැඩි වී තිබේ
එය පසුගිය වසර තුල 34%ක් වුවත් මෙවර 37% ක්
වාර්තාවට අනුව මෙරට වැඩි විරැකියා ප්‍රතිශතයක් තිබු වසර වල එසේ සංක්‍රමණය වැඩි බවට අදහස් පල වී ඇති බවය්
වසර 1992 විරැකියා ප්‍රතිශතය 10%ක් වූ විට 70%ක් ජනයා එසේ සන්ක්රමනය් වැඩි බව පවසා ඇති අතර , මෙවර 5.5%ක විරැකියා ප්‍රතිශතයක් යටතේ එය 37%ක් වී තිබේ
සරණාගත ගැටලුව කෙරේ අඩු අවධානයක්
එසේම වසර 2012 දී රටේ ගැටළුවක් ලෙස සරණාගත ගටලුව මතු වුවත් මෙවර එසේ ප්‍රකාශ කොට ඇත්තේ 2%ක් පමණයි
ප්‍රධාන භූමියෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින සරණාගතයින් පිලිබඳ අදහස්ද අඩු වී තිබේ

