Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය අතරතුර මෙල්බර්න් නුවර නිවාස 100,000ක් හිස් ව තබාගෙන ඇති බව හෙළිවේ

A block of houses with cars parked in front.

Homes Victoria's most recent housing register revealed 48,620 people had applied for a property on the Victorian Housing Register. Source: AAP / AAPIMAGE

ඔස්ට්‍රේලියාව පුරා ඉතා දරුණු නිවාස අර්බුදයක් පවතින තත්වයක 2023 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ලක්ෂයක් පමණ භාවිතයෙන් තොර හෝ අවම ලෙස භාවිතා කිරීමක් සිදුවී ඇතිබව වාර්තා වේ.


Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාව පුරා ඉතා දරුණු නිවාස අර්බුදයක් පවතින තත්වයක 2023 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ලක්ෂයක් පමණ භාවිතයෙන් තොර හෝ අවම ලෙස භාවිතා කිරීමක් සිදුවී ඇතිබව වාර්තා වේ.


ඔස්ට්‍රේලියාව පුරා ඉතා විශාල නිවාස හිඟයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනා අත්දැක තිබේ. නිවාස සැපයුමේ පවතින හිඟය හේතුවෙන් කුලී නිවාස සඳහා ඉතා ඉහල ඉල්ලුමක් වර්තමානයේ ඔස්ට්‍රේලියාව පුරා පවතී. මෙවැනි තත්වයක් අතරතුර වික්ටෝරියා ප්‍රාන්තයේ නළ ජලය භාවිතාව අඩු නිවාස පිලිබඳ දත්ත හරහා 2023 වසරේ නිවාස ලක්ෂයක් පමණ හිස්වී හෝ ඉතා අවම ලෙස භාවිතා කර ඇතිබවට සොයාගෙන ඇත.

නිවසක් නොමැති හෝ කුලී මිල දරාගැනීමට අපහසු 48,620 කට අධික පිරිසක් නිවසක් ලබාගැනීමේ අරමුණින් Victorian Housing Register වෙත අයදුම් පත් ඒවා ඇත.

Prosper Australia ආයතනය විසින් නල ජලය භාවිතාව සම්බන්දයෙන් නිකුත් කල දත්ත වලට අනුව නිවාස 27,408ක් මුළුමනින්ම භාවිතයෙන් තොරව පැවතී ඇති අතර තවත් නිවාස 70,453ක් ඉතා අවම ලෙස භාවිතා වී ඇති බව හෙළිකර ඇත. අඩු ආදායම් සහ නිවාස ලබාගැනීමට අපහසු පිරිස් සඳහා ලබා දෙන සාමාජීය නිවාස ලබාගැනීමට පොරොත්තු ලේඛනයේ සිටින පිරිස මෙන් දෙගුණයක් සඳහා නිවාස ලබාදීමට මෙම නිවාස ප්‍රමාණය ප්‍රමාණවත් බව හෙළිවී ඇත. නිවසක් නොමැති හෝ කුලීමිල දරාගැනීමට අපහසු 48,620 කට අධික පිරිසක් නිවසක් ලබාගැනීමේ අරමුණින් Victorian Housing Register වෙත අයදුම් පත් ඒවා ඇත.

මෙම නව දත්තවලට අනුව, හිස්ව තබාගෙන ඇති නිවාස කුලී නිවාස වෙළඳපොළට ඉදිරිපත් කිරීමට බලකිරීම සඳහා රජයේ මැදිහත් වීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව නිව්සවුත්වේල්ස් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශේෂඥ ක්‍රිස් මාටින් මහතා පැවසීය.

මෙම හිස්ව තබා ගන්නා නිවාස සඳහා අයකෙරෙන ඉඩම් බදු ඉහල දැමීම මේසඳහා හොඳම විසඳුම බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.

මෙල්බර්න් හි භාවිතයකින් තොරව ඇති නිවාස සඳහා පනවන ඉඩම් බද්ද 2018 වසරේ සිට මෙල්බර්න් නගරයේ අභ්‍යන්තර සහ මධ්‍යම තදාසන්න ප්‍රදේශවල වසරේ මාස හයක් හිස්ව තබන නිවාස සඳහා ක්‍රියාත්මක වේ. 2025 වසරේ සිට, මෙම බදු පැනවීම වික්ටෝරියා ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලට ද ව්‍යාප්ත වීමට නියමිත අතර, මෙම නීති ඉතා තදින් ක්‍රියාත්මක රජය බලාපොරොත්තු වේ.

කෙසේ උවත් මෙම නව දත්ත අනුව හෙලවී ඇති ආකාරයට භාවිතයකින් තොරව පවතින නිවාස සඳහා බදු අයකිරීමේ නව ක්‍රමවේදයක අවශ්‍යතාවය පිළිඹිබු වන බව Think Forward සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරී තෝමස් වෝකර් මහතා පවසා සිටී.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර මෙතැනින
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න මෙතනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now