සූදු ක්‍රීඩාවේ නියැලෙන්නන්ට සිදු වන පාඩු සීමා කිරීම සදහා යාන්ත්‍රණයක්: කාලීන විග්‍රහය සැප්තැම්බර් 06

Source: Getty / Getty Images
සූදු ක්‍රීඩාවේ නියැලෙන්නන්ට සිදු වන පාඩු සීමා කිරීම සදහා යාන්ත්‍රණයක් හදුන්වා දී තිබෙනවා. “how Australia should prevent gambling harm” නම් වූ මෙම වාර්තාවට අනුව ඉදිරිපත් කෙරුනු ප්‍රධාන නිර්දේශ දෙකක් තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාව තුළ ඇති පෝකර් යන්ත්‍ර සංඛ්‍යාව අඩු කිරීම සහ සම්පූර්ණ වශයෙන් වෙළඳ ප්‍රචාරණය තහනම් කිරීමයි. Grattan ආයතනයේ මෙම වාර්තාවට අනුව ඕස්ට්‍රේලියානුවන් බහුල ලෙස සූදුවේ නියැලෙන්නන් වන අතර එක් ඕස්ට්‍රේලියානුවෙක් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 1600 ඉක්මවා පාඩු ලබනවා. Poker යන්ත්‍ර මෙම පාඩු ඇති වීමට ප්‍රධානතම හේතුව වන බව ද සදහන්, අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
Share




