පියවි ඇසින් දැකිය හැකි දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට අලුයම් කාලයේ

The July 2018 Lunar Eclipse

SYDNEY, AUSTRALIA - JULY 27: The moon is seen turning red over the Sydney skyline during a total lunar eclipse on July 28, 2018 in Sydney, Australia. The lunar eclipse was the longest of the 21st century lasting 1 hour and 43 minutes. (Photo by Cameron Spencer/Getty Images) Credit: Cameron Spencer/Getty Images

සඳුදා අලුයම අහසේ චන්ද්‍රයා රතු පැහැයෙන් දිස් වෙනු දැකගැනීමට පුළුවන්. එය අතිශය දුර්ලභ වන අතර පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් හෙවත් 'බ්ලඩ් මූන්' අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. මෙම චන්ද්‍ර ග්‍රහණය සමස්ත ඔස්ට්‍රේලියාවට ම පැයක පමණ කාලයක් පුරා දිස් වෙනවා. මෙහි විශේෂත්වය නම් වෙනදාට දකින ප්‍රමාණයට වඩා විශාලව සඳ දැකගැනීමට හැකි වීමයි. ඊට හේතුව සඳ පෘථිවියට සමීප ම ස්ථානයට පැමිණීමයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.


ඕස්ට්‍රේලියාව පුරා මෙන්ම අප්‍රිකාව, ඉන්දියාව, චීනය සහ බටහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල ද මෙම චන්ද්‍ර ග්‍රහණය දැකගත හැකි වනවා. හොඳම දසුන නගරවල විදුලි ආලෝකයෙන් ඈත්ව උස්ව පිහිටි ස්ථානවල සිට වඩාත් පැහැදිලි දසුන් දැකගැනීමට හැකි වනවා. මෙම චන්ද්‍ර ග්‍රහණය ඔබට සියැසින් දැකිය හැකි අතර විශේෂ කණ්ණාඩි භාවිතයක් ඒ සඳහා අවශ්‍ය වන්නේ නැහැ.

ඔබ සිටින පෙදෙස අනුව චන්ද්‍ර ග්‍රහණය දැකිය හැකි වේලාවන්

සැප්තැම්බර් 8වන සඳුදා අලුයම මිනිත්තු 82 ක් පමණ කාලයක් පුරා චන්ද්‍රයා රක්ත වර්ණයෙන් දිස් වෙනු ඇති.

  • සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, කැන්බෙරා සහ හෝබාර්ට් අහසෙහි අලුයම 3.30ටත්
  • ඇඩිලේඩ් සහ ඩාර්වින්හි අලුයම 3ටත්
  • පර්ත්හි අලුයම 1.30ටත් වශයෙන් චන්ද්‍ර ගහනය දිස් වෙනවා

චන්ද්‍ර ග්‍රහණයේ උච්චතම අවස්ථාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, කැන්බෙරා සහ හෝබාර්ට් පෙදෙස් සඳහා අලුයම 4.11 ලෙසත් ඇඩිලේඩ් සහ ඩාර්වින් සඳහා අලුයම 3.41ත්, පර්ත්හි අලුයම 2.11 ලෙසත් සඳහන් වනවා.

පෘථිවිය සූර්යයා සහ චන්ද්‍රයාට මැදිව ඒක රේඛීය වන අවස්ථාවක චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලට හසු වීමෙන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති වනවා. යම් පමණක සූර්යය ආලෝකයක් පෘථිවියේ වායුගෝලය හරහා වර්තනය වෙමින් සඳ කරා යන නිසා චන්ද්‍රයා තද රතු පැහැයක් ගන්නවා. ඒ රක්ත වර්ණය නිසා 'බ්ලඩ් මූන්' ලෙස මෙම අවස්ථාව හැඳින්වෙනවා. අර්ධ චන්ද්‍රග්‍රහණයකදී, පෘථිවියේ සෙවනැල්ලෙන් වැසෙන්නේ සඳෙහි කොටසක් පමණයි.

චන්ද්‍රග්‍රහණ 3න් 1ක් පමණක් පූර්ණ අවස්ථාවක් ලෙස සැලකෙන නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණය අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනවා. සාමාන්‍යයෙන් සෑම වසර දෙකහමාරකට වරක් පමණ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වනවා. මෙම වසරේ ඕස්ට්‍රේලියානුවන්ට දැකිය හැකි දෙවන චන්ද්‍රග්‍රහණය මෙය වනු ඇත. මාර්තු මාසයේදී චන්ද්‍රග්‍රහණයක් සිදු වූ නමුත් රටේ නැගෙනහිර දෙසට පමණක් එය අර්ධ වශයෙන් දිස් වුණා. මෙයින් පසු ලබන වසරේ මාර්තු දක්වා චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ නැහැ. මෙම වසරේ දී ඔබට පූර්ණ චන්ද්‍ර ග්‍රහණ අවස්ථාව මග හැරුණොත් තවත් රක්ත වර්ණ සඳක් දැකීමට 2028 දෙසැම්බර් දක්වා බලා සිටීමට සිදුවනු ඇති.

Source: SBS

—————————————————————————————————————-


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service